21/07/2025
බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ සංකල්පයකට අනුව බස්නාහිර පළාත පුරා ක්රියාත්මක "War Against Dengue" වැඩසටහනට සමගාමීව ඩෙංගු මදුරුවන් බෝවීමේ ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් පසුගිය 20 වන දින මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණ ආශ්රිතව සිදු කරන ලදී. මෙහිදී මහජනතාව දැනුවත් කිරීම හා දුම් ගැසීමේ කටයුතු සිදු කල අතර මේ සදහා සෞඛ්ය කාර්යය මණ්ඩලය, ශ්රී ලංකා පොලිසිය, නගර සභා සේවක මණ්ඩලය සහ ප්රදේශයේ ජනතාවගේ සහය හිමිවුනි.