HarithaAyur Healthcare

HarithaAyur Healthcare Enhancing quality of life
with treatments , which always yield side benefits, not side effects �

පීරියඩ් පේන් එක වැඩියි නම් ඒක සාමාන්‍යයිද?? Screen shot එකත් කියවන්න. වෛද්‍යවරියක් විදියට ජීවිත  කාලෙ ඇතුලෙ සතුටු වෙන්න ...
17/09/2026

පීරියඩ් පේන් එක වැඩියි නම් ඒක සාමාන්‍යයිද?? Screen shot එකත් කියවන්න.

වෛද්‍යවරියක් විදියට ජීවිත කාලෙ ඇතුලෙ සතුටු වෙන්න පුලුවන් කාරණා හම්බුනාම ඒක බෙදාගන්න හම්බෙන එකත් සතුටක්.. මේ පෝස්ට් එක දාන්නෙත් ඒවගෙ වෙලේක.මේ මැසේජ් එක අද දැන් ආව මැසේජ් එකක් මට.
ගෑ නු ලමයි ගොඩක් ඉන්නවා මෙහෙම පීරියඩ් නිසා පුදුම දුකකින් ඉන්න. ඉතින් එහෙම කෙනෙක් ට බෙහෙත් කරලා දැන් ඒක හොද යි අද දවස සාමාන්‍ය දවසක් කීවම කාටත් වඩා කාන්තාවක් වෙන මටත් ඒ වේදනාවක් නැති සැහල්ලුවේ සතුට දැනෙනවා.🩷

ලිපිය පහලට කියවන්න දැනුවත් වෙන්න.. අපේ මේ ගෲප් එකේ ඉන්න ගෑ නු ලමයි ටිකවට් දැනුවත් වෙන එකෙන් සමාජයක් දැනුවත් වෙනවා කියලා මම දන්නවා.

☘️මෙන්සස් හැදුනාම සාමාන්‍යයෙන් අපිට වේදනාවක් එනවා ඒක සාමාන්‍ය දෙයක්..

හැබැයි ඒ වේදනාව දරාගන්න පුළුවන් විදියේ බොහොම පොඩි වේදනාවක්.

වැඩිවියට පත්වෙච්ච දවසේ ඉඳලා මේ වෙනකොට එදා තිබුණ වේදනාව වෙනස් විදියකින් දැනෙනවා නම් අන්න ඒක ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන තත්ත්වයක්.

සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ගර්භාෂය සංකෝචන ඇතිවෙනකොට තමයි මේ වේදනාව ඇතිවෙන්නේ.

එතකොට ඒ සාමාන්‍ය ඔසප් වේදනාව ඇරුණහම වෙනත් ආකාරයකින් මේ වේදනාව ඇති වෙනවා නම් ඒකට අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ කෂ්ට ආර්ථව කියන නමින් හඳුන්වනු ලබනවා. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව dysmennorhea කියල හඳුන්වන්නේ මේක.

☘️එතකොට සාමාන්‍යයෙන් මේකේ ආකාර දෙකක් තියෙන්න පුළුවන්..

1. ප්‍රාථමික අවස්ථාව - primary dysmennorhea

මේකෙදි ඔසප් වේදනාව ඇතිවුණත් එක බොහොම සාමාන්‍ය වේදනාවක්. ඒ වගේම ගර්භාෂයේ කිසිම ගැටළුවක් හින්ද ඇති වෙන එකක් නෙවෙයි.

2. ද්විතිය අවස්ථාව - secondary dysmennorhea

මේ අවස්ථාව ටිකක් වෙනස් . ඔබට දැනෙන අර්ථවේදනාව අසාමාන්‍ය විදිහට වේදනාකාරී එකක් වෙනවා. ගොඩක් වෙලාවට මේකට හේතු වෙන්නේ ගර්භාෂයේ ඇතිවන ගෙඩි, ගර්භාෂයේ ඇතිවන ආසාදනය වීම් ( pelvic inflammatory diseases), ඩිම්බකෝෂ වල ඇතිවන බිබිලි සහ ගෙඩි, එන්ඩොමෙට්‍රියෝසිස් වගේ තත්ත්ව.

එතකොට මම මේ සඳහන් කරපු පළවෙනි තත්ත්වෙ තියනකොටත් ඔසප් වේදනාව අධිකව දැනෙන අය ඉන්නවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ

1.ගර්භාෂයට නිසි රුධිර සැපයුමක් නොමැති වීම

ගර්භාෂයට හරියට රුධිර සැපයුමක් නැතිවුණාම එයට හරියට සංකෝචන සහ ඉහිල්වීම් ඒ කියන්නේ contractions සිදු කරගන්න බැරිවෙනවා. එහෙම වුණාම ගර්භාෂය බොහොම අමාරුවෙන් තමයි මේ ඔසප් රුධිරය පිට කිරීම සිදුකරන්නේ. මේ නිසා හරිම වේදනාකාරී අත්දැකීමක් තමයි ඔබට ලැබෙන්නේ.

2. රක්ත හීනතාවය

ශරීරය ලේ මදිකමක් තියෙනවා නම් , ඒ වගේම පෝෂණ ඌනතාවයක් තියෙනවා නම් ගර්භාෂයට මේ කාර්යය කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ අඩුවෙන්. අන්න ඒක හින්දත් මේ විදිහට අධික අපහසුතාවයක් දැනෙන්න ගන්නවා.

3. ගර්භාෂයට රුධිරය සපයන නාල වල පවතින යම් අවහිරතා

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව මේ වගේ block වීම් එහෙම නැත්තම් අවරෝධ වීම් වගේ දේවල් වෙන්න අපේ එදිනෙදා චර්‍යාවන් ගොඩක් හේතු වෙනවා..

විශේෂයෙන් ම අපි ගන්න කෑම බීම වල පවතින ගැටලු , ආහාර ජීර්ණය වීමේ ගැටලු ,ගැස්ට්‍රයිටිස් තත්ව මේ වගෙ දේවල් මේකට බලපානවා.

ඒ විතරක් නෙවෙයි, මෙන්සස් සිදුවෙන දිනවල ස්නානය කිරීම නිසා ශරීරයෙන් මේ රුධිරය පිටවෙලා යන එකට ලොකු බාධාවක් සිදුවෙනවා.
ඒ නිසා ඒ වගේ වැරදි වලින් වැලකිලා ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා..

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව මේ ආර්තව වේදනාව ඇතිවීම අපේ ශරීරයේ ප්‍රධාන දෝෂ වෙන වාත ,පිත් සෙම් අතරින් වාත දෝෂයේ බලපෑම කෙලින්ම බලපාන දෙයක් කියලා කියන්න පුළුවන්

අපේ ශරීරයෙන් මලපහ පිටවීම, මුත්‍රා පිටවීම , සියලුම ස්නායු හා සම්බන්ධ ක්‍රියා , දරුවෙක් බිහිවීම , වගේම මේ ඔසප් ලේ පිටවීම කියන එකත් සිදුකරන්නෙ වාත දෝෂය මගින්..

මේ වාත දෝෂයේ ආකාර පහක් තියෙනවා.අපාන වාතය ( downward movement of air ) කියන එකෙන් තමයි මම ඉහතින් සදහන් කරපු ශරීරයෙන් බැහැර වෙන දේවල් පිලිබඳ ව විශේෂයෙන් පාලනය වීමක් වෙන්නෙ.

මෙන්න මේක අසමතුලිත උනාම ආර්තවය මගින් පිටවෙන ලේ ප්‍රමාණය අඩුවෙනවා.

ඒ විතරක් නෙවෙයි ගර්භාෂයට රුධිරය සපයන නාල සහ ආර්තව රුධිරය පිටවෙන නාල මේ වාතයෙන්ම අවහිර වීමක් වෙනවා. මේ නිසා තමයි ගොඩක් වෙලාවට මේ ආර්තව වේදනාව දරාගන්න බැරි තරම් අමාරු එකක් වෙන්නෙ.

( සීතල වතුර නෑවම මෙන්සස් නතර වෙන්නෙ මේ නිසා)

ආයුර්වේද විග්‍රහය බොහොම සරලව මෙන්න මේ විදියයි..

ඉතින් පේන් කිලර්ස් පාවිච්චි කරන එක නෙවෙයි මේකෙ විසදුම.

මේ දේට සාර්ථක ම වෙන්නෙ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කියන එක බොහොම පැහැදිලිව කියන්න පුළුවන් දෙයක්..

ඉතින් ලිපිය දිග වැඩි නිසා මේ ගැන තවදුරටත් ඉස්සරහට කතා කරන්න තියලා අද මේ ලිපිය මෙතනින් නවත්වනවා..

ඔයාලා හැමෝම නීරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

සටහන

Dr. Rasanjana Ilangkoon
BAMS ( University of Kelaniya )
Harithayur Healthcare
Ganemulla
Contact via whatsapp for online consultation 0703482814

Body oil එකක් පාවිච්චි කරන එකේ වාසි ගොඩක් තියනවා. Body oil එක හදලා දැන් අවුරුදු 4ක්Body එකට පාවිච්චි කරන දේවල් මූණට පාවි...
13/08/2026

Body oil එකක් පාවිච්චි කරන එකේ වාසි ගොඩක් තියනවා. Body oil එක හදලා දැන් අවුරුදු 4ක්

Body එකට පාවිච්චි කරන දේවල් මූණට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මූණට වෙනම face oil එකක් තියනවා.

තෙල් සහිත සමකට ඇරුනම මේ ෆේස් ඔයිල් එකකිම් face massage කරන එක අපේ සමට ගොඩක් හිතකරයි..ඒකෙන් අපේ සමේ

🦋රුධිර සංසරණය වැඩිවෙනවා
🦋සමට හොද පෝෂ්ණයක් එනවා
🦋ගොඩක් අයගෙ සමේ මුල් ස්ථර කීපය ගොඩක් එක එක දේවල් නිසා හානි වෙලයි තියෙන්නෙ.ඉතින් face massage එකකින් මේ හානිය නැවත යථා තත්වයට පත්වීම ආරම්භ වෙනවා.☘️

ඒ වගෙම face masaage එකකින් පස්සෙ අපි මුහුණ සෝදලා ඉවත් කරනකොට මුහුණෙ අනවශ්‍ය තෙල් ඉවත් වෙලා මුහුණ හරි මට්ටමට balance වෙලා තියන විදිය ඔයාලට පේනවා වගේම..

🪴Body oil එකකින් කොහොමත් සම හොදින් පෝෂණය වෙනවා.ඒවගෙම අන්තර්ගත ඖෂධ අනුව ගොඩක් අයගෙ skin එකේ තියන rash, පැල්ලම්, විවිධ බිබිලි වර්ග මේ වගෙ හොද වීමකුත්වෙනවා..

🌱අපේ සමෙ හැදෙන හැම බිබිලක්ම කුරුලෑවක්ම කැලලක් හිටලයි බැහැලා යන්නෙ.ඒක තමා ගොඩක් දෙනෙක්ට තියන ගැටලුව. ඉතින් අන්න ඒවා මේකෙන් සම්පුර්ණයෙන්ම හොද වෙලා යනවා..

මේක පාවිච්චි කරද්දි ප්‍රතිපලයක් නොඑනවා නම් ඒකට හේතුව 100% ක්ම ඔයාට තියන ඇග උෂ්ණාධික බව.. ඉතින් ඒකත් බලලා ඒකට අදාලව ප්‍ර්තිකාරත් දෙනවා එහෙම අයට. 🩷🩷🩷

හැමදෙනාම නීරෝගි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

Dr .Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya)
Contact via whatsapp 0703482814

තීන්ත පැල්ලම් වගෙ තුවාල  කැලල් මැකීගෙන යන හැටි 🩷මේ ගැන කලින් ලිපිවලත් දාලා තියනවා.. මේකෙදි ප්‍රතිකාරය කෙරෙන්නෙ මේ කැලල් ...
23/05/2026

තීන්ත පැල්ලම් වගෙ තුවාල කැලල් මැකීගෙන යන හැටි 🩷

මේ ගැන කලින් ලිපිවලත් දාලා තියනවා.. මේකෙදි ප්‍රතිකාරය කෙරෙන්නෙ මේ කැලල් කොච්චරක් පරණද කියන එක මත තමා...දෙන ට්‍රිට්මන්ට් එක ඒක අනුවත් වෙනස් වෙනවා..ඒ වගෙම surgery scars නම් මකන්න අමාරුයි මේ ට්‍රිට්මන්ට් එකෙන්. ඒ ගැන අහලා මැසේජ් තිබුනා.

ප්‍රතිකාර වලට 0703482814 අංකයට whatsapp මැසේජ් එකක් දාලා තියන්න.. 🩷

Dr.Rasanjana Ilangkoon
BAMS (University of Kelaniya)

කට වටේ කලු වෙලා නහය දෙපැත්ත කලු වෙලා මේ වගෙ වෙන්නෙ ඇයි?මේ photo දෙක දිහා බලන්න මුල් photo එකයි දෙවෙනි එකයි අතර වෙනස.  මේ...
23/05/2026

කට වටේ කලු වෙලා නහය දෙපැත්ත කලු වෙලා මේ වගෙ වෙන්නෙ ඇයි?

මේ photo දෙක දිහා බලන්න මුල් photo එකයි දෙවෙනි එකයි අතර වෙනස. මේ වගෙ කලු පැල්ලම් ගැන ඔයාට අත්දැකීම් ඇති. එහෙම් නැත්තම් ඔයා මෙහෙම වෙලා තියන අය ව දැකලා ඇති..

ගොඩක් වෙලාවට මේ වගෙ අවපැහැ වෙන අයට සෙම පීනස තියනවා. එහෙම නැත්තම් කවදාවත් සෙම හෙම්බිරිස්සාව ක් හැදිලා සෙම අයින් වෙන්නෙ නැති අයට මෙහෙම හැදෙනවා..

මේ දෙගොල්ලන්ටම මෙහෙම එන්න හේතුව තමා සෙම තත්වය. විශේෂයෙන් ම කට වටේ නහය දෙපැත්තෙ නිකන් කුණු එකතුවෙලා වගෙ පේනවා නේද.?? ඒ වෙන්නෙත් මේ නිසාම තමා..

එතකොට අපි මුහුන ක්ලෙන්සර් කලත් ස්ක්‍රබ් කලත් මොන දේ කලත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ. මොකද අපේ මුහුණෙ සමට ඇතුලතින් තියන කෝටරක වල ( sinus කියලා අපි කියනවා) තැන්පත්වෙන සෙම එක්ක තමා හැමදේම වෙන්නෙ..

ඉතින් ඔයාල බේත් ගන්න අහනකොට බෙහෙත් බොන්නත් ඕනද අහනවා.ඔව් අනිවාරෙන් ම මෙහෙම එකකට බෙහෙත් බොන්නත් ඕන. ඒ ගමන් තමා අර පහල photo එකේ වගෙ ප්‍රතිපලයක් දෙන්න පුලුවන් වෙන්නෙ. 🩷🩷

මේ ප්‍රශ්න වලට උත්තර හොයන ඔක්කොටම උත්තර හම්බෙලා තමන් ආසා කරන විදියට ඉන්න ලැබෙන්න ඕන 🩷

ප්‍රතිකාර සහ උපදේශන සේවා සදහා 0703482814 අංකයට whatsapp පනිවිඩයක් යොමුකරන්න.

Dr. Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya)

මහ රෑටත් කෑම කනවා නම්.. මේ ගැන සැලකිලිමත් වෙන්න වෙයි.. 🙂අපේ අක්මාවෙන් තමා අපේ metabolism එක හරියට ක්‍රියාත්මක වෙන්න ඕන s...
21/05/2026

මහ රෑටත් කෑම කනවා නම්.. මේ ගැන සැලකිලිමත් වෙන්න වෙයි.. 🙂

අපේ අක්මාවෙන් තමා අපේ metabolism එක හරියට ක්‍රියාත්මක වෙන්න ඕන support එක දෙන්නෙ.

ඉතින් අපි කන ආහාරය හරියට ජීරණය නොවුනොත් එයා හරියට වැඩ කරන්නෙ නැතුව යනවා.. ඒ වගෙම අපි කන ආහාර වල තියන විෂ එහෙම කඩලා බිදලා අයින් කරන වැඩේ එයාට කරන්න බැරිවෙනවා..

busy shedule එක එක්ක ගොඩක් දෙනා රෑට කන්නෙ 10-11වෙලා.. එහෙම උනාම අක්මාවට එයාගෙ වැඩ ටික කරගන්න තියන කාලසීමාවෙ අපේ ශරීරය වෙහෙස වෙනවා එවෙලෙ බඩට වැටුන ආහාරයක් ජීරණය කරගන්න.

මේ නිසා කන කෑම හරියට දිරවන්නෙ නෑ වගෙම පෝෂක හරියට උරාගන්නෙත් නෑ.මේ හින්දා ඔයා හොඳ ට කෑවා කියලා හිතන් හිටියට ඇත්තටම වෙන්නෙ ආහාරය හරියට දිරවන්නෙ නැති එකෙන් ඇතිවන විෂ අක්මාවෙන් විෂ හරණය වෙන්නෙත් නැතුව ශරීරය පුරා යන එක.. සමහරවිට කොච්චර ගුණදායක ආහාරයක් උනත් ප්‍රතිපලය අරවගේම තමා..

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලෙ අපේ කාල රාමුව ayurvedic clock එක..ඒකෙ pitta time එක පිත හොඳ ට ක්‍රියාත්මක වෙන වෙලාව රාත්‍රි කාලයෙදි නම් රෑ 10-පාන්දර 2 අතර කාලය.මේ කාලයෙ හොඳ නින්දක් ලබනවා මිසක්.. කෑම කකා ඉන්න හොඳ කාලයක් නෙවෙයි.. අපේ නින්ද අත්‍යාවශ්‍ය කාල සීමාව තමා මේක.. ඉතින් සමහර අය කියනවනේ මගෙ ඇග සැර වෙලා , බ්බිලි දානවා කොන්ඩෙ යනවා මාර ස්ට්‍රෙස් කේන්තිත් යනවා දුකත් හිතෙනවා ඔහොම ඔහොම ප්‍රශ්න ගොඩක්.. ඉතින් ඇත්තටම අක්මාවෙ ප්‍රශ්න ආවම එයාගෙ එන්ස්‍යිම එහෙම වැඩියෙන් ශ්‍රාවය වෙන ගමන් මේ ලක්ෂණ අපේ ශරීරයේ ඇතිකරන්න පුලුවන් ..

සමහරවිට ඔයා කෙට්ටු වෙනවා ඇග දුර්වලයි කියලා සප්ලිමන්ට් ගන්න අතරෙ, කොන්ඩෙ යනවා කියලා එක එක තෙල් වර්ග ගගා දුක්වෙන වෙලේ.. ඔයාව stress කරන අක්මාවත් stress කරන හේතුව මේක වෙන්න පුලුවන් ..

ඒ නිසා ඒ පුරුදු වෙනස් කරගන්න. ☺️🌸

හැමදෙනාම නීරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Dr. Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya )
contact via whatsapp 0703482814

ලෙඩ කීපයක් එකට තිබ්බත් මේවගෙ හරියට ප්‍රතිකාර වෙනකොට සුව වෙන්න පුලුවන් .
19/05/2026

ලෙඩ කීපයක් එකට තිබ්බත් මේවගෙ හරියට ප්‍රතිකාර වෙනකොට සුව වෙන්න පුලුවන් .

යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීම් තත්ව ඇතිවෙන්නෙ ඇයි?(අද ලිපිය අපේ ආදරණීය ගැහැනු ලමයින් වෙනුවෙන්මයි..)රස්නෙ කාලගුණයත් එක්ක හැද...
05/05/2026

යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීම් තත්ව ඇතිවෙන්නෙ ඇයි?
(අද ලිපිය අපේ ආදරණීය ගැහැනු ලමයින් වෙනුවෙන්මයි..)

රස්නෙ කාලගුණයත් එක්ක හැදෙන්න පුළුවන් මේ දවස්වල බහුල තත්වයක් ගැනයි කතා කරන්නෙ.

ගොඩක් දෙනෙක් candidiasis කියන රෝග තත්වය එක්ක සුද යාම කියන එක පටලවාගන්නවා.

ඇත්තටම මේ රෝග දෙක සම්පූර්ණයෙන් ම වෙනස්.

දිලීර ආසාදන තත්වයක් එක්ක ඇතිවෙන කැන්ඩිඩා ආසාදනය ඔබේ පෞද්ගලික පිරිසිදු බව, යට ඇදුම් භාවිතයේ දුර්වලතා, ඉතා තද ඇදුම් දිනය පුරා ඇගලාගෙන සිටීම වගෙ දේවල් එක්ක ඇතිවෙනවා. මෙතනදිත් යෝනි මාර්ගය ආශ්‍රිත ව දිලීර වර්ධනය වීම එක්ක යම්කිසි ශ්‍රාව සහිත බවක්, කැසීම ආදිය ඇතිවෙනවා.

මේක ඇතිවෙන්න හේතු

🔰අධික පිරිසිදු බව ( ඒ මොකක්ද ඒ 🙂)

මේ රෝග තත්වය ගැන ප්‍රතිකාර ගන්න එන බහුතරයක් ගැහැනු ලමයි කියන දෙයක් තමා මම ගොඩක් පිරිසිදුව ඉන්න කෙනෙක්. එහෙම වෙලත් මට මේක හැදිලා තියෙන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ කියන එක.? මෙතන තියන ප්‍රශ්නය මොකක්ද?

අපි හැමෝම පිරිසුදු ව ඉන්න කැමති .නමුත් එහෙම කියලා අපේ private areas ඕනවට වඩා සෝදන එක, විශේෂයෙන් සබන් යොදලා හෝ වෙනත් සේදුම් ද්‍රව්‍ය යොදලා හෝදන එකෙන් ඒ ආශ්‍රිතව තියන pH අගය වෙනස් වෙනවා සහ හිතකර බැක්ටීරියා ඉවත්වීමක් වෙනවා. මේ එක්ක මේ ආසාදන තත්ව එන්න පුළුවන් . යෝනි මාර්ගය ආශ්‍රිතව තියන බැක්ටීරියා මගින් ඒ ප්‍රදේශය ස්වභාවික ව පිරිසිදු කිරීමක් කරනවා.. මේවගෙ අනවශ්‍ය විදියට හෝදන එකෙන් වෙන්නෙ ඒ හිතකර ජීවින් අයින්වෙලා යන එක.

🔰ශරීරයට ඉතා තද ඇදුම් පාවිච්චි කරන එක.

දවසම ඉතා තද යට ඇදුම් සහ අනිකුත් ඇදුම් ඇඳගෙන ඉන්න එකෙනුත් මේ ප්‍රදේශ ආශ්‍රිතව දිලීර ආසාදන තත්වය එන්න පුළුවන් . මේ නිසා සැහැල්ලු ඇදුම් පාවිච්චි කරන එකත් වැදගත්. මේ වගෙ වෙලාවක ඔයා ඉන්නෙ AC එකකද සාමාන්‍යය උෂ්ණත්වයෙද කියන එක වැදගත්වෙන්නෙ නෑ . ඒගැනත් ගොඩක් දෙනා අහනවා.

🔰ඇග අධිකව උෂ්ණ වීම .

මෙ වගෙ තත්වයකදිත් යෝනි මාර්ගය ආශ්‍රිතව උණුසුම වැඩිවීම එක්ක හිතකර පරිසර තත්ව නිර්මාණය වෙන එකෙන් මේ ආසාදනය එන්න පුළුවන් . ඇග උෂ්ණාධික කෙනෙක්ගෙ මේ private area ආශ්‍රිතව දහඩිය දැමීම උණුසුම පිටවීම ගොඩක් බහුලයි. සමහර අයගෙ මේ හේතුව නිසාම ඒ ප්‍රදේශ ආශ්‍රිතව ගන්ධයක් ඇතිව්ව්න්න පුලුවන් කමත් තියනවා..

රෝග ලක්ෂණ විදියට

🤒අවර්ණ හෝ කිරිපැහති ශ්‍රාවයක් පිටවීම
🤒අධිකව කැසීම
🤒රතුවීම
🤒සමහර අවස්ථාවලදි කැසීම නිසා තුවාල ඇතිවීම වෙන්න පුළුවන් ..

මේක බෝවෙනවද ?

ඔව්, ලිංගික එකතුවීමකදී ඔබේ සහකරුවාටත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන් කම තියනවා..

සුද යාම හෙවත් ශ්වේත ප්‍රදර ( leukorrhea ) තත්වයෙදි වෙන්නෙ වෙනම දෙයක්.

☘️ශරීරය ඇතුලෙ උෂ්ණාධික බව සහ තවත් බොහෝ හේතු එක්ක ඇතිවෙන ශ්වේත ප්‍රදර තත්වයේදි ඔබේ ඇගෙන් ශ්‍රාවයක් ආකාරයට ඉවත්වෙලා යන්නෙ ශරීරයේ පෝෂණයට අවශ්‍ය වෙන දෙයක්.

☘️මේ නිසා මේ ඇග උණු කරවා යාමේ රෝගය කියලා සරලව හදුන්වන දේ ගොඩක් සංකීර්ණ තත්වෙට පත්වෙන අවස්ථාත් තියෙනවා.

☘️විශේෂයෙන් ම මල වියලීම, බඩ පුරවා දැමීම , කාලයක් තිස්සේ මේ තත්වය තියෙන එකෙන් ශරීරය අධිකව කෙට්ටු වීම වගෙ දේවල් බහුලව දකින්න පුළුවන්.

ඒ වගේම සුද යාම සහ කැන්ඩිඩයසිස් කියන රෝග තත්ව දෙකම එකම අවස්ථාවෙදි තියෙන්නත් පුළුවන් කම තියෙනවා. ඒ ගැන වෙනම කතා කරමු.

ඉතින් මේ තත්වය හදුනාගෙන මේකට ක්‍රමානුකූලව ප්‍රතිකාර කරන්නම වෙනවා.
මේ සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම තියනවා..

මේ දේත් මතක් කරන්නම ඕන.. ☘️

📷සමහර විට අපි ප්‍රතිකාර කරන් යනකොට මේ තත්වය කිසිම වෙනසක් නොවී ඒ විදියටම තියනවා නම් ඒකට හේතුව ඔයාට තියන දියවැඩියාව රෝගී තත්වය වෙන්න පුලුවන් .. දියවැඩියාව රෝගය එක්ක බොහොමයක් දෙනාට මේ vaginal yeast infection කියන එක ඇතිවෙනවා. මොකද ශරීරයේ සීනි මට්ටම ඉහලයි කියන්නෙ මේ ජීවීන්ට විශේෂයෙන් ම candida albicans විශේෂයට වැඩෙන්න ඕන හිතකර තත්වයක් නිර්මාණය වෙමින් තමා තියෙන්නෙ. එහෙම අවස්ථාවක අපි කොයි තරම් බාහිරින් පිරිසිදුව තියන් ඉන්න හැදුවත් රුධිර සීනි මට්ටම පාලනය නොවෙනවා නම් රෝගය සුව වීමක් වෙන්නෙ නෑ. ඒ නිසා ප්‍රතිකාර ගන්නකොට ඒ ගැනත් අනිවාරෙන් ම සැලකිලිමත් වෙන්න..

ඒ වගේම ඔයාට මේ රෝග තත්ව දෙක තියෙනවා නම් ඒකට ප්‍රතිකාර නොකර ශරීරය දුර්වල වෙන එකට විටමින් වර්ග විවිධ සප්ලිමන්ට් වර්ග ආහාර අතිරේක ගන්න එකෙන් වැඩක් වෙන්නෙ නෑ.ඒ ගැනත් අනිවාර්යයෙන්ම සදහන් කරන්න ඕන.

හැමෝම නීරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️

සටහන - ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්.
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය )
HarithaAyur Healthcare
Ganemulla.
Contact via whatsapp 0703482814 (msgs only)

තුවාල කැලල් වල තද පාට අඩුවෙන හැටි..මේක අපි තවම ප්‍රතිකාර කරගන යන තත්වයක්.. ඔයාලට පේනව වගේම මේක rash එකක් වගෙ තත්වයක් තමා...
04/05/2026

තුවාල කැලල් වල තද පාට අඩුවෙන හැටි..

මේක අපි තවම ප්‍රතිකාර කරගන යන තත්වයක්.. ඔයාලට පේනව වගේම මේක rash එකක් වගෙ තත්වයක් තමා..ශරීරයෙ පිත් ස්වභාවය වැඩිවෙලා ඒක එක්ක එන skin rash තත්වයක් තමා මේක.

මේක හොද වෙලා යම් කාලයක් උනත් කැලැල් නම් මැකිලා ගිහින් තිබ්බෙ නැහැ.. දැන් තමා ටික ටික කැලල් මැකෙන්න ප්‍රතිකාරය කරමින් ඉන්නෙ.

Surgery marks වලටත් ට්‍රිට්මන්ට් කරන්න පුලුවන් ද අහලා තිබ්බා ගොඩක් අය.. ඒ උනත් ඒ වගෙ ඒවා සම්පුර්ණයෙන්ම මකලා දාන්න මේ ට්‍රිට්මන්ට් එකේදි බැහැ.

මේ වගෙ කැලල් නම් සම්පුර්ණයෙන්ම මකලා දාන්න පුලුවන් .. තව session දෙකකින් වගේ මේ කකුල සම්පුර්ණයෙන්ම පැහදිලි කරගන්න පුලුවන් වෙනවා..

ඉතින් මැසේජ් එවනකොට ඔයාගෙ රෝග තත්වය හොද ට පැහදිලි කරලා මැසේජ් එකක් දාන එක ගොඩක් වටිනවා. නිකම්ම photo එකක් හරි මැසේජ් එකක් හරි එවනවට වඩා 🩷

ප්‍රතිකාර සහ උපදේශන සේවාසදහා 0703482814 අංකයට whtsapp පනිවිඩයක් යොමුකරන්න

Dr. Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya)

මාසෙකට පාරක් හරි කොල්ලු ව්‍යංජනයක් කන්න ඕන මේ නිසයි.කොල්ලු කියන්නෙ අපි නිතරම ආහරයට ගන්න දෙයක් නෙවෙයි. එහෙම නේද?🪴 බෙහෙත් ...
14/03/2026

මාසෙකට පාරක් හරි කොල්ලු ව්‍යංජනයක් කන්න ඕන මේ නිසයි.

කොල්ලු කියන්නෙ අපි නිතරම ආහරයට ගන්න දෙයක් නෙවෙයි. එහෙම නේද?

🪴 බෙහෙත් වට්ටෝරු වල විතරක් අන්තර්ගත වෙන එකක් වගේ තමා දැන් කොල්ලු කියලා කියන්නෙ. Horse gram කියලා කොල්ලු හදුන්වන්නෙම කොල්ලු කියන්නෙ අධික ශක්තිය සපිරි ආහාරයක් නිසයි.
කොල්ලු උෂ්ණ කෑමක්ද සීතල කෑමක්ද ?

🪴කොල්ලු කියන්නෙ උෂ්ණ ආහාරයක්.. ඒ උනත් ගුණ බහුලයි..

🪴කොල්ලු එක එක විදියට ආහරයට ගන්න පුලුවන් . කොල්ලු තම්බපු වතුර පානයට ගන්න පුලුවන් නම් ඒකෙන් හම්බෙන වාසි බොහොමයක් තියනවා.. කොල්ලු කියන්නෙ බරින් වැඩි ආහාරයක්..ඒ නිසා ආහාරයට ගන්නවා නම් ඒක දිරවගන්න පහසු විදියට සකස් කරගන්න එක ගොඩක් වටිනවා..

🌎 ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්න පුලුවන් , අපේ ශරීරයේ ලෙඩ රෝග බොහොමයක් ඇතිවෙන්න කලින් වලක්වගන්න පුලුවන් විදියෙ ආහාරයක් තමා මේක.

🌎ආහාර ජීර්ණ පද්ධතියෙ ඇතිවන රෝග ගොඩක් සුවකරන්න පුලුවන් ..

හැබයි දිරවිමේ අපහසුතා තියන රෝග දැනටමත් තියනවා නම් කන්න කලින් ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න අමතක කරන්න එපා.

🌎මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් ඇතිවීම වලක්වනවා..
ශක්තිය ඇතිකරනවා.. මේ නිසා කුඩා දරුවන්ගෙ ඉදලා මහලු කෙනා දක්වාම ආහාරයට එකතු කරගන්න පුලුවන් පෝෂණය ඉහලම ආහාරයක් තමා කොල්ලු කියන්නෙ..

🌎සමේ පැහැය වැඩි කරනවා. ඒ වගෙම සම නීරෝගි කරනවා..

🌎අස්ථි ශක්තිමත් කරනවා සහ දත් ශක්තිමත් කරනවා.. මේක මාංශ පේශී වලටත් අදාලයි..ගොඩක් වෙලාවල අංශභාගය ඇතුලු රෝග වලදි අවසානයෙදි කරන පෝෂණ ප්‍රතිකාර වලදි ආහරයක් විදියට වගෙම තැවිලි පොට්ටනි වලටත් සමට බාහිර පෝෂකයක් විදියට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලෙ මේ කොල්ලු පාවිච්චි කරනවා.. ඉතින් මේක ගොඩක් සාර්ථක යි. ( මේ හැමදේටම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන එක ගොඩක් වැදගත්)

🌎දරු ප්‍රසූතියෙන් පස්සෙ කිරිදෙන මව්වරුන්ට තමන්ගෙ පෝෂණයත් රැකගෙන දරුවගෙ පෝෂණයත් ආරක්ෂා කරගන්න පුලුවන් විදියෙ වටිනම ආහාරයක් තමා කොල්ලු කියන්නෙ. අපේ ශරීරයෙ නැති උන ශක්තිය වඩවන ගෙවීගිය කොටස් අලුත්වැඩියා කරන්න පුලුවන් ආහාරයක් තමා කොල්ලු කියන්නෙ.

☘️මීට අමතරව දියවැඩියාව , හදවත් රෝග පිලිකා රෝග මේ හැමදේකදිම ආහරමය ඖෂධයක් තමයි මේ..

ඉතින් කලින් කීවා වගෙම කොල්ලු උෂ්න ආහාරයක් නිසා දිනපතා කෑමට නොගෙන සතියට පාරක් වගෙ ආහාරයට ගත්තට ගැටලුවක් නෑ.

කොල්ලු කැද ,තැම්බූ ජලය, එහෙම නැත්තම් ව්‍යංජනයක් විදියට ආහාරයට ගන්න පුලුවන් .
ව්‍යංජනයක් විදියට නම් අපේ රටේ ප්‍රසිද්ධ ම සහ රසම ක්‍රමය තමා කොල්ලු ආනම කියන්නෙ. හදලා අනිවාරෙන් ම රස බලන්න අමතක කරන්න එපා.

ඔයාලා හැමදෙනාම නීරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

සටහන
ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය )

බ්ලීචින් ආසාදනයක සුවවීමේ ප්‍රතිපලමාස ගනනක ප්‍රතිකාර වලින් පස්සෙ... 🩷🩷🩷වැරදිලා හරි පාවිච්චි කරලා ආසාදනයක් උනායින් පස්සෙ හ...
22/01/2026

බ්ලීචින් ආසාදනයක සුවවීමේ ප්‍රතිපල
මාස ගනනක ප්‍රතිකාර වලින් පස්සෙ... 🩷🩷🩷

වැරදිලා හරි පාවිච්චි කරලා ආසාදනයක් උනායින් පස්සෙ හිතන තරම් පහසු නෑ හොද කරගන්න එක..
ගොඩක් කැපවීමෙන් ට්‍රිට්මන්ට් කරලා දැන් හොද තත්වෙක නීරෝගී සමක් තියන ලමයෙක් ගෙ මුහුණක් තමා මේ ..

කාලෙකට කලින් තුවාලයක් වගෙ තමා මේ මුහුණ තිබ්බෙත්.
සැර ව එන කුරුලෑ පිරිලා..
ගොඩක්ම cystic acne තමා ආවෙත්..

ඉතින් මේකෙ අපහසුතාව තියන කෙනා දන්නවා.අපි කැමති නෑ එක පිම්පල් එකක්වත් එනවට.

මේ තත්වයට ගන්න ඉවසීමෙන් ප්‍රතිකාර කරන්න උනා..
අඩු වැඩිවීම් අතරමගදි උනා..
බෙහෙත් ගන්න එන හැමෝටම වගෙම වෙන ඕනම තැනකින් ප්‍රතිකාර ගන්න හැමෝම ඉවසීමෙන් ට්‍රිට්මන්ට් කරන්න..
හොද වෙනවා..
හැමෝටම මේ වගෙ ප්‍රතිපල කියන්න ලැබෙන දවසක් එන්න ඕන. 🩷

ප්‍රතිකාර සහ උපදේශන සේවා සදහා 0703482814 අංකයට whatsapp පනිවිඩයක් යොමුකරන්න.

Dr.Rasanjana Ilangkoon

Address

Kaluwala Road
Ganemulla

Opening Hours

Tuesday 18:00 - 21:00
Friday 18:00 - 21:00
Saturday 09:00 - 12:00
18:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when HarithaAyur Healthcare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby health & beauty businesses