MOH office - Horana

Call Contact the business

MOH office - Horana "ගත සිත සුව හෙටක්..!"
Official page of MOH office - Horana
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - නිල Facebook පිටුව

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ පාසල් එන්නත්කරණ වැඩසටහන (HPV+ATD)2026/09/22
08/10/2026

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ පාසල් එන්නත්කරණ වැඩසටහන (HPV+ATD)
2026/09/22

🌺අසීරුතා මැද මනුසත්කමේ සුවඳ විහිදුවන අපගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන්ට උත්තමාචාරය!🌺🌻ගමේ මවකගේ, බිළිඳකුගේ සිට සමස්ත ...
08/10/2026

🌺අසීරුතා මැද මනුසත්කමේ සුවඳ විහිදුවන අපගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන්ට උත්තමාචාරය!🌺🌻

ගමේ මවකගේ, බිළිඳකුගේ සිට සමස්ත ප්‍රජාවගේම සෞඛ්‍යය රැකගන්නට නිහඬවම පෙරමුණ ගන්නේ අපේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමියන්ය. නමුත් ඒ සුවිශේෂී සේවය පිටුපස ඇති කටුක යථාර්ථය බොහෝ දෙනෙකුට නොපෙනේ.
විධිමත් ප්‍රවාහන පහසුකම් නොමැතිකම, ගමන් බිමන් සඳහා යතුරුපැදි හිඟවීම මෙන්ම නිසි කාර්යාල පහසුකම් නොමැතිවීම ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයන්ය.

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ අසීරුවෙන් ක්ෂේත්‍රයෙන් සොයාගත් ඉතා අවම පහසුකම් සහිත ස්ථානයක පිහිටුවන ලද කොටිගම්ගොඩ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කාර්යාලය,
තම සහෝදර නිලධාරිනියන්ගේම සහයෝගය ඇතිව එකමුතුව පිරිසිදු කර සේවා සැපයීමට සූදානම් කරගත් අයුරුයි.

රාජකාරි සීමාවෙන් ඔබ්බට ගිය ඔවුන්ගේ මේ කැපවීම සහ එකමුතුකම සැබවින්ම ප්‍රශංසනීයයි.
අවම පහසුකම් සහ අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද, රට වෙනුවෙන් සහ ජනතාවගේ සුවසෙත වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කැපවන සියලුම ශ්‍රී ලාංකේය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමියන්ට අපගේ හදපිරි ගෞරවය සහ උපහාරය!❤️💐💐🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🍀🍀🍀🍀

හොරණ රාජකීය විද්‍යාලයේ ඔක්තෝබර පලමු දින ලෝක ලමාදින විශේෂ සැමරුම් උත්සවය සඳහා හොරණ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ...
07/10/2026

හොරණ රාජකීය විද්‍යාලයේ ඔක්තෝබර පලමු දින ලෝක ලමාදින විශේෂ සැමරුම් උත්සවය සඳහා හොරණ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ Rangana Vitharanage ආරාධනාව අනුව,
විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස, හොරණ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා Umesha Danjaya සහභාගිවන ලදී...

ස්ථාන මාරු ලැබ සමුගන්නා අපගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වෙත හෘදයාංගම ප්‍රණාමය සහ සුබපැතුම්! 🌸අප කාර්යාලයට අනුයුක්තව ...
06/10/2026

ස්ථාන මාරු ලැබ සමුගන්නා අපගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වෙත හෘදයාංගම ප්‍රණාමය සහ සුබපැතුම්! 🌸
අප කාර්යාලයට අනුයුක්තව සේවය කරමින්, ප්‍රදේශයේ මව්වරුන්, දරුවන් ඇතුළු සමස්ත ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් වෙනුවෙන් ඔබ සැම ඉටුකළේ මිල කළ නොහැකි කාර්යභාරයකි.
දිවා රෑ නොබලා, දුෂ්කරතා මැද වුවද මහත් කැපවීමෙන් හා මානුෂීය ගුණාංග පෙරදැරිව ඔබ ලබා දුන් විශිෂ්ට සේවය අප කාර්යාලය මෙන්ම මුළු ප්‍රදේශයම ඉතා ඉහළින් අගය කරමු.
නව සේවා ස්ථානවල රාජකාරි කටයුතු සාර්ථකව ඉටුකිරීමට අවශ්‍ය ධෛර්යය, ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය ලැබේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
ඔබ සැමගේ ඉදිරි අනාගතයට අපගේ උණුසුම් සුබපැතුම්! 💐✨
#පවුල්සෞඛ්‍යසේවා #ප්‍රණාමය

පවුල්සෞඛ්‍ය සේවා නිලධාරීනි Kalani Wickramanayaka මහත්මියගේ ඔලබොඩුව උතුර අරුණළු child- Hub අරුණළු Y- hub සමාජය සහ "ලියසිල...
05/10/2026

පවුල්සෞඛ්‍ය සේවා නිලධාරීනි Kalani Wickramanayaka මහත්මියගේ
ඔලබොඩුව උතුර අරුණළු child- Hub අරුණළු Y- hub සමාජය සහ
"ලියසිලු" Mother Suppotive Group එක්ව සංවිධානය කළ ලෝක ළමා දින සහ වැඩිහිටි දින සැමරුම ඔක්තෝබර් 03 වන දින ඔලබොඩුව කන්ද අක්කර 07 ප්‍රජා ශාලාවේදී අමතක නොවන මතක රැසක් ඉතිරි කරමින් සාර්ථකව නිමා විය...

පුංචි සිත්වලට සතුටත්, ප්‍රගුණ කළ ජීවිතවලට ආදරයත් බෙදා දුන් ඒ සුන්දර මොහොතේ ඡායාරූප මතකයන් කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු... 📸🌸
අපගේ පුංචි දරුවන්ට සතුටත්, වැඩිහිටි පරපුරට ගෞරවයත් පුද කරමින් සුන්දර මතකයන් රැසක් එකතු කර ගැනීමට මෙහිදී අපට හැකි විය.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහභාගී වූ, සහයෝගය දැක්වූ සහ ආශීර්වාද කළ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තූතිය! 🙏🙏🌷🌹

🚨 විශේෂ මහජන දැනුවත්කිරීමයි! 🚨සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (Midwife) හෝ මහජන සෞඛ...
01/10/2026

🚨 විශේෂ මහජන දැනුවත්කිරීමයි! 🚨
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (Midwife) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) නම් අවභාවිත කරමින් විවිධ වංචා සිදුකිරීමේ ප්‍රවණතාවක් පවතින බව නිරීක්ෂණය වී ඇත.
ඔබේ අවධානයට:
* නිශ්චිත නිල ඇඳුමක් රහිතව සහ තම නිල අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි කිසිදු පුද්ගලයෙකුට නිවසේ තොරතුරු ලබාදීමෙන් වළකින්න.
* ඔබගේ තොරතුරු අනන්‍යතාවය ඔප්පු කල හැකි රජයේ නිලධාරීන්ට පමණක් ලබාදෙන්න.
* සෞඛ්‍ය සමීක්ෂණ හෝ වෙනත් අවශ්‍යතා මුවාවෙන් මුදල් රැස්කිරීමට කිසිදු සෞඛ්‍ය නිලධාරියෙකු කටයුතු නොකරයි.
* කිසිඳු අවස්ථාවක එවැනි සැකකටයුතු පුද්ගලයන්ට මුදල් හෝ රහස්‍ය තොරතුරු ලබා නොදෙන්න.

ඔබේ ප්‍රදේශයේ එවැනි සැකකටයුතු කාන්තාවක් හෝ කිසියම් පුද්ගලයෙක් ගැවසෙන්නේ නම්, වහාම පහත දුරකථන අංකය ඔස්සේ අප කාර්යාලය දැනුවත් කරන්න.
📞 ක්ෂණික ඇමතුම්: 034 226 1278
(ඔබේ හිතවතුන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සඳහා මෙම පණිවිඩය Share කරන්න)

#වංචාවන්ට_හසුනොවන්න ෞඛ්‍ය #දැනුවත්_වන්න

🌻 පුංචි හදවත්වලට ජීවිතය දිනන මඟ කියාදුන් සොඳුරු හෝරාව! 🌟හෙට දවස ජයගන්නා දිරිය දරු පරපුරක් වෙනුවෙන්, බටුවිට පවුල් සෞඛ්‍ය ...
23/09/2026

🌻 පුංචි හදවත්වලට ජීවිතය දිනන මඟ කියාදුන් සොඳුරු හෝරාව! 🌟
හෙට දවස ජයගන්නා දිරිය දරු පරපුරක් වෙනුවෙන්, බටුවිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී දශ්මි Dashmi Mannage මහත්මියගේ මඟපෙන්වීමෙන් බිහිවූ
"LITTLE HEARTS Y HUB" හි පුංචි පැටවුන් වෙනුවෙන් විශේෂ ජීවන නිපුණතා (Life Skills) වැඩසටහනක් පසුගිය 2026 අගෝස්තු 17 වන දින බටුවිට ඓතිහාසික මව්බිම විහාරස්ථාන පුණ්‍ය භූමියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. 🎈✨

දරුවන්ගේ ආත්ම විශ්වාසය, නායකත්වය සහ ගැටලුවලට සාර්ථකව මුහුණදීමේ හැකියාව ඔප්නැංවූ මෙම සුවිශේෂී දිනය අරුත්බර කරමින්:

🌺 සම්පත් දායකත්වය: YAN ආයතනයේ පළපුරුදු සම්පත්දායක නිලධාරීන්
🌼 පූර්ණ දායකත්වය සහ ආශිර්වාදය: අපේම ආදරණීය මව් හවුලේ දෙමාපියන්

පුංචි සිනහවන් මැද අලුත් දැනුමෙන්, ජීවිතයට වටිනා පාඩම් රැසකින් දූ දරුවන්ගේ හිත් පෝෂණය වූ සුන්දර මතක සටහන් කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. 📸
දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කරන්නට අත්වැල් බැඳගත් සැමට හදපිරි ප්‍රණාමය! 🌸

🎶 නිවාඩු පාඩුවේ මිහිරි ගී තනුවක දැවටුණු සොඳුරු සැඳෑවක්... ✨පාසල් නිවාඩු කාලය කියන්නේ දරුවන්ට සෙල්ලමට වගේම මනස සැහැල්ලු ක...
23/09/2026

🎶 නිවාඩු පාඩුවේ මිහිරි ගී තනුවක දැවටුණු සොඳුරු සැඳෑවක්... ✨

පාසල් නිවාඩු කාලය කියන්නේ දරුවන්ට සෙල්ලමට වගේම මනස සැහැල්ලු කරගන්න ලැබෙන හොඳම කාලයක්. තිරයකට සීමා නොවී, අපේකම කැඳවන අර්ථවත් ගීත රසයෙන් දූ දරුවන්ගේ හිත් සුවපත් කරන්න සොඳුරු අවස්ථාවක් පසුගියදා උදා වුණා.
පවුල් සෞඛ්‍ය නිලධාරිනී හර්ශි මහත්මියගේ මඟපෙන්වීමෙන් නර්තනගල සෙනෙහස මවු හවුල සංවිධානය කළ "පැදුරු සාජ්ජය" පසුගිය 2026 අගෝස්තු 12 වන දින නර්තනගල ක්‍රීඩා පිටියේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 🪘🌾
ළමා මනසට ගැලපෙන, ජීවිතයට අරුතක් එක් කරන රසබර ගීතාවලියෙන් සවස් යාමය වර්ණවත් වෙද්දී, දරුවන් මෙන්ම වැඩිහිටියන්ද එකාවන්ව විඳගත් ඒ අපූරු අත්දැකීම සැබවින්ම මතකයේ රැඳෙන එකක් වුණා.
දරුවන්ගේ සුන්දර ලෝකය තවත් අර්ථවත් කරන්නට වෙහෙස වූ හර්ශි මහත්මියටත්, සෙනෙහස මවු හවුලේ සියලුම ආදරණීය මව්වරුන්ටත් අපගේ හදපිරි ස්තූතිය! ❤️
#නර්තනගල #සෙනෙහසමවුහවුල #පැදුරුසාජ්ජය #ළමාපරපුර #අර්ථවත්ගීත #පාසල්නිවාඩුව

පලන්නොරුව ප.සෞ.සේ.නිලධාරිනී ගීතානී මහත්මිය තම කොට්ඨශයේ සිටින අවු. 5 ට අඩු දරුවන්ගේ පෝෂණය නංවාලීමට , පෝෂණය පිළිබද දැනුවත්...
23/09/2026

පලන්නොරුව ප.සෞ.සේ.නිලධාරිනී ගීතානී මහත්මිය තම කොට්ඨශයේ සිටින අවු. 5 ට අඩු දරුවන්ගේ පෝෂණය නංවාලීමට , පෝෂණය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් ගෝනපොල සායනයේදී සිදු කරන ලදී.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා පලන්නොරුව සුවශක්ති මව් හවුලේ නව සාමාජිකාවන්ගේ සහයෝගය ලැබුණි...

උතුරු උඩුව පවුල්සෞඛ්‍ය සේවා නිලධාරිනී රසිකා ප්‍රයදර්ශණී මහත්මිය විසින් ක්ෂේත්‍ර නිලධාරීන් සහ මව් හවුල් සාමාජිකයින් සමග ස...
23/09/2026

උතුරු උඩුව පවුල්සෞඛ්‍ය සේවා නිලධාරිනී රසිකා ප්‍රයදර්ශණී මහත්මිය විසින් ක්ෂේත්‍ර නිලධාරීන් සහ මව් හවුල් සාමාජිකයින් සමග සිදු කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහන

Address

Horana
Horana

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 12:00

Telephone

+94342261278

Website

Alerts

Be the first to know and let us send you an email when MOH office - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MOH office - Horana:

Shortcuts

Share