Wellbeing Sri Lanka

Website

Wellbeing Sri Lanka Empowering Sri Lankans to achieve balanced living through Physical, Inner, Spiritual, Social, Financial, Digital & Environmental Wellbeing. 🌿

🇳🇵 නේපාලයට අපගේ සාතිශය ශෝකය… 🕊️🌏 Our Hearts Go Out to Nepal… 🕊️The devastating environmental disaster in Nepal — the mas...
29/08/2026

🇳🇵 නේපාලයට අපගේ සාතිශය ශෝකය… 🕊️
🌏 Our Hearts Go Out to Nepal…
🕊️

The devastating environmental disaster in Nepal — the massive glacial collapse followed by flooding and debris flows — reminds us how vulnerable our planet and communities can be.

Our deepest condolences go to everyone affected, and especially to the families who have lost their loved ones. 🙏

But this tragedy also gives us an important message:
🌍 Our planet is getting warmer.
🔥 Burning fossil fuels
🏭 Industrial pollution
🌳 Deforestation
🚗 Excessive vehicle use
🗑️ Waste and open burning
🧪 Releasing harmful substances into the environment

These human activities increase greenhouse gas emissions and contribute to climate change, which can intensify some natural hazards and make communities more vulnerable.
🌱 So, what can we do?

✅ Reduce unnecessary fuel consumption
✅ Choose public transport, walking or cycling whenever possible
✅ Save electricity and use energy efficiently
✅ Support solar and other renewable energy
✅ Plant trees — and, more importantly, protect our forests
✅ Reduce, reuse and recycle
✅ Stop open burning of waste
✅ Protect our water, soil and biodiversity
✅ Support environmentally responsible policies and projects
✅ Teach our children to respect and protect nature

One person's action may seem small.
But when millions of people make small positive changes, together they can create a big difference. 🌱

🌍
We cannot prevent every natural disaster.
But we can reduce climate risks, protect our environment, and help create a safer world for future generations.

💚 Let’s protect our planet today.
🌍 Let’s protect our future tomorrow.

WellBeing Sri Lanka
Healthier People • Stronger Nation 🇱🇰

නේපාලයේ සිදුවූ දැවැන්ත හිමනදී කඩා වැටීම හා ඒ සමඟ ඇති වූ ගංවතුර සහ මඩ–ගල් ගලායාම, මිනිස් ජීවිත හා පරිසරයට සිදු කළ විනාශය අපගේ හදවත් කම්පා කරවයි.

විපතට පත් සියලු දෙනාටත්, තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලටත් අපගේ සාතිශය සංවේගය පළ කරමු. 🙏

නමුත් මේ ව්‍යසනය අපට තවත් වැදගත් පණිවිඩයක් ලබා දෙයි.
🌍 පෘථිවිය උණු වෙමින් පවතී.
🔥 ඉන්ධන දහනය
🏭 කාර්මික දූෂණය
🌳 වනාන්තර විනාශය
🚗 අධික වාහන භාවිතය
🗑️ කසළ හා විවෘත දහනය
🧪 පරිසරයට හානිකර ද්‍රව්‍ය මුදාහැරීම
වැනි මිනිස් ක්‍රියාකාරකම් හරිතාගාර වායු වැඩි කිරීමට දායක වන අතර, දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඇතැම් ස්වභාවික අවදානම් තීව්‍ර විය හැකිය.

🌱 එසේ නම් අපි කළ යුත්තේ කුමක්ද?
✅ අනවශ්‍ය ඉන්ධන භාවිතය අඩු කරමු
✅ හැකි විට පොදු ප්‍රවාහනය, පාපැදි හා පාගමන තෝරාගමු
✅ විදුලිය ඉතිරි කරමු
✅ සූර්ය හා අනෙකුත් පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කරමු
✅ ගස් සිටුවීම පමණක් නොව වනාන්තර ආරක්ෂා කරමු
✅ කසළ අඩු කරමු – නැවත භාවිතා කරමු – ප්‍රතිචක්‍රීකරණය කරමු
✅ විවෘත කසළ දහනය නවත්වමු
✅ ජලය, පස සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරමු
✅ පරිසර හිතකාමී ප්‍රතිපත්ති හා ව්‍යාපෘති සඳහා සහාය දෙමු
✅ අපගේ දරුවන්ට පරිසර වගකීම පුරුදු කරමු

එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් කුඩා විය හැකියි.
නමුත් මිලියන ගණනක් මිනිසුන්ගේ කුඩා ක්‍රියා එකතු වූ විට එය විශාල වෙනසක් ඇති කරයි. 🌱

🌍
අපට සෑම ස්වභාවික ව්‍යසනයක්ම නවත්වන්න බැහැ.
නමුත් අපගේ ක්‍රියාකාරකම් මගින් දේශගුණික අවදානම අඩු කිරීමටත්, පරිසරය ආරක්ෂා කිරීමටත්, අනාගත පරම්පරාව වඩාත් ආරක්ෂිත ලෝකයක් තුළ ජීවත් කරවීමටත් අපට හැකියි.

💚 අද අපි පරිසරය රැකගනිමු.
🌍 හෙට අපේ අනාගතය රැකගනිමු.

WellBeing Sri Lanka
Healthier People • Stronger Nation 🇱🇰

26/08/2026

ඔබ කවදා හෝ සිතා තිබෙනවාද…?

අපේ ගෙවත්තේ ඇති පුංචි මී මැසි ජනපදයකින්, අපේ පවුලටත්… පරිසරයටත්… අපේ දරුවන්ගේ අනාගතයටත් කොතරම් වටිනා දෙයක් කළ හැකිද කියා.... ❤️

🐝 “මේ දකින්නේ… ස්වභාවධර්මය සමඟ ජීවත් වෙමින්, අපේ පවුලට ස්වභාවික ආහාරයක් ලබාගන්නා අවස්ථාවක්.

🐝 මී මැස්සන් පරිසරයේ සමතුලිතතාවයට දායක වන අතර, අපේ ගෙවතු වගාවටත් වටිනා සහයක් ලබාදෙනවා.

🐝 අද අපි මී වදයක් රැකගන්නවා පමණයි… හෙට අපේ දරුවන්ට කුසලතාවක්, පරිසරයට සහයක්, අලංකාරයක්, ආරක්ෂාවක්, පවුලට ආදායමක්, ආහාරයක් ලැබෙනවා... දරුවාගේ වර්ධනයත් එක්කම ජනපද ගණනත් වර්ධනය වෙනවා.

🐝🌱 එක් නිවසකට එක් මී මැසි ජනපදයක්… තිරසාර යහපත් ජීවිතයකට පුංචි පියවරක්! 🌱🐝

අපි යෝජනා කරන්නේ,
🐝 “One Home – One Bee Colony”
🐝 “එක් නිවසකට එක් මී මැසි ජනපදයක්” වැනි සරල නමුත් දුරදිග යන සංකල්පයක් ගැනයි.

මී මැස්සන් රැකබලා ගැනීම තුළින් අපට ලැබෙන වටිනාකම මී පැණිවලට පමණක් සීමා වන්නේ නැහැ.

🌿 මී මැස්සන් පරිසර පද්ධතියේ වැදගත් පරාගකාරකයන් වේ.

🌱 ඔවුන්ගේ පරාගණ ක්‍රියාකාරීත්වය බොහෝ ශාකවල වර්ධනයට සහ ඵල දැරීමට උපකාරී වේ.

🥕 එම නිසා නිසි පරිසරයක ගෙවතු වගාව සමඟ මී මැසි පාලනය සම්බන්ධ කරගැනීමෙන් අපේ ආහාර නිෂ්පාදනයටත් වටිනා දායකත්වයක් ලබාගත හැකියි.

🍯 මී පැණි යනු ස්වභාවික ආහාරයකි. ගුණාත්මකභාවය හා ආරක්ෂාව තහවුරු කරගත් ස්වභාවික ආහාර සංස්කෘතියක කොටසක් ලෙස එය අපේ ජීවිතයට එක්කරගත හැකියි.

👧👦 ඒත් මෙහි විශාලතම වටිනාකම අපේ දරුවන්ටයි.

දරුවෙකු මී මැස්සන් ගැන පොතකින් පමණක් ඉගෙන ගන්නවාට වඩා, ස්වභාවධර්මය සමඟ සම්බන්ධ වී ඔවුන් නිරීක්ෂණය කිරීමෙන් ඉගෙන ගන්නවා නම්…

එය ඔහුගේ හෝ ඇයගේ දැනුම, වගකීම, ඉවසීම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමටත්, පරිසරයත් සමග ඒකාත්මික වූත්, සෞන්දර්යාත්මක අගයන්ගෙන් පෝෂණය වූත්, රටට වැඩදායි පුද්ගලයෙක් නිර්මාණය කිරීමටත් ප්‍රයෝජනවත් විය හැකියි.

අනාගතයේදී එම දරුවාට,

🐝 මී මැසි පාලනය
🌱 ගෙවතු වගාව
🍯 ස්වභාවික නිෂ්පාදන
📦 නිෂ්පාදන සැකසීම හා ඇසුරුම්කරණය
💼 ව්‍යවසායකත්වය

වැනි ක්ෂේත්‍ර ඔස්සේ නව කුසලතා සහ ආදායම් අවස්ථා සොයා ගැනීමටත් හැකියාව ලැබිය හැකියි.

ඒ නිසා මෙය මී මැසි පෙට්ටියක් නිවසක තැබීමේ ව්‍යාපෘතියක් පමණක් නොවේ.

එය එක් පවුලක් → දක්ශ දරුවෙක් → සරුසාර ගෙවත්තක් → නිරෝගී ප්‍රජාවක් → දැකුම්කලු පරිසරයක් → තිරසාර අනාගතයක් යන සියල්ල එකට සම්බන්ධ කරන අදහසක්. 🌍❤️

⚠️ නමුත් මී මැසි පාලනය සුදුසු පරිසරයක්, නිසි පුහුණුව, ආරක්ෂිත ක්‍රමවේද සහ වගකීම් සහිත කළමනාකරණය යටතේ සිදු කළ යුතුයි.

අපේ අරමුණ මී මැස්සන් ඇති කිරීම පමණක් නොවෙයි. ස්වභාවධර්මය සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නා පරම්පරාවක් බිහි කිරීමයි. 🌿

අද එක් නිවසක්…
හෙට නිවාස දහයක්…
අනිද්දා නිවාස දහස් ගණනක්…

🐝 පුංචි මී මැස්සාගෙන් පටන් ගෙන, විශාල තිරසාර අනාගතයක් ගොඩනගමු.

Wellbeing Sri Lanka 🇱🇰
Healthy People • Healthy Families • Healthy Communities • Healthy Environment

🌿 අද දවස ඔබ බලාපොරොත්තු වූ විදිහට ගෙවුණේ නැද්ද?කමක් නැහැ… ❤️සමහර දවස් අපට ජයග්‍රහණ ගෙන එන්නේ නැහැ.ඒත් ඒ හැම දවසක්ම අපට ය...
25/08/2026

🌿 අද දවස ඔබ බලාපොරොත්තු වූ විදිහට ගෙවුණේ නැද්ද?

කමක් නැහැ… ❤️
සමහර දවස් අපට ජයග්‍රහණ ගෙන එන්නේ නැහැ.
ඒත් ඒ හැම දවසක්ම අපට යමක් උගන්වනවා.

අද සිදුවූ දේවල් ගැන නැවත නැවත සිතමින් ඔබේ හිත වෙහෙසට පත් කරගන්න එපා. 🌱

✨ අද අතහරින්න එපා.
✨ හෙට ඔබ වෙනුවෙන් අලුත් අවස්ථාවක් තිබෙනවා.
✨ පුංචි හොඳ සිතුවිල්ලක් සමඟ අද දවස අවසන් කරන්න.

මතක තබාගන්න…
“සෑම අලුත් දවසක්ම නැවත ආරම්භ කිරීමට ලැබෙන අවස්ථාවක්.” 🌅

හෙට දවස අදට වඩා හොඳ එකක් කරගන්න අපට පුළුවන්. 💚

🌿 Wellbeing Sri Lanka
සෞඛ්‍යවත් මිනිසුන් • ශක්තිමත් ජාතියක්
Your Wellbeing, Our Priority 💚

📌 මේ පණිවිඩය අද ඔබට අවශ්‍ය කෙනෙකු සමඟ Share කරන්න.
❤️ ඔබටත් මෙවැනි සිතුවිලි වටිනා නම් අපගේ පිටුව Follow කරන්න.

#යහපැවැත්ම #ධනාත්මකසිතුවිලි #හොඳහෙටක්

🐝🌱 එක් නිවසකට එක් මී මැසි ජනපදයක්… තිරසාර අනාගතයකට පුංචි පියවරක්! 🌱🐝ඔබ කවදා හෝ සිතා තිබෙනවාද…?අපේ ගෙවත්තේ ඇති පුංචි මී ම...
24/08/2026

🐝🌱 එක් නිවසකට එක් මී මැසි ජනපදයක්… තිරසාර අනාගතයකට පුංචි පියවරක්! 🌱🐝

ඔබ කවදා හෝ සිතා තිබෙනවාද…?

අපේ ගෙවත්තේ ඇති පුංචි මී මැසි ජනපදයකින්, අපේ පවුලටත්… පරිසරයටත්… අපේ දරුවන්ගේ අනාගතයටත් කොතරම් වටිනා දෙයක් කළ හැකිද? ❤️

අපි යෝජනා කරන්නේ,

🐝 “One Home – One Bee Colony”
“එක් නිවසකට එක් මී මැසි ජනපදයක්”

වැනි සරල නමුත් දුරදිග යන සංකල්පයක් ගැනයි.

මී මැස්සන් රැකබලා ගැනීම තුළින් අපට ලැබෙන වටිනාකම මී පැණිවලට පමණක් සීමා වන්නේ නැහැ.

🌿 මී මැස්සන් පරිසර පද්ධතියේ වැදගත් පරාගකාරකයන් වේ.

🌱 ඔවුන්ගේ පරාගණ ක්‍රියාකාරීත්වය බොහෝ ශාකවල වර්ධනයට සහ ඵල දැරීමට උපකාරී වේ.

🥕 එම නිසා නිසි පරිසරයක ගෙවතු වගාව සමඟ මී මැසි පාලනය සම්බන්ධ කරගැනීමෙන් අපේ ආහාර නිෂ්පාදනයටත් වටිනා දායකත්වයක් ලබාගත හැකියි.

🍯 මී පැණි යනු ස්වභාවික ආහාරයකි. ගුණාත්මකභාවය හා ආරක්ෂාව තහවුරු කරගත් ස්වභාවික ආහාර සංස්කෘතියක කොටසක් ලෙස එය අපේ ජීවිතයට එක්කරගත හැකියි.

👧👦 ඒත් මෙහි විශාලතම වටිනාකම අපේ දරුවන්ටයි.

දරුවෙකු මී මැස්සන් ගැන පොතකින් පමණක් ඉගෙන ගන්නවාට වඩා, ස්වභාවධර්මය සමඟ සම්බන්ධ වී ඔවුන් නිරීක්ෂණය කිරීමෙන් ඉගෙන ගන්නවා නම්…

එය ඔහුගේ හෝ ඇයගේ දැනුම, වගකීම, ඉවසීම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමටත්, පරිසරයත් සමග ඒකාත්මික වූත්, සෞන්දර්යාත්මක අගයන්ගෙන් පෝෂණය වූත්, රටට වැඩදායි පුද්ගලයෙක් නිර්මාණය කිරීමටත් ප්‍රයෝජනවත් විය හැකියි.

අනාගතයේදී එම දරුවාට,

🐝 මී මැසි පාලනය
🌱 ගෙවතු වගාව
🍯 ස්වභාවික නිෂ්පාදන
📦 නිෂ්පාදන සැකසීම හා ඇසුරුම්කරණය
💼 ව්‍යවසායකත්වය

වැනි ක්ෂේත්‍ර ඔස්සේ නව කුසලතා සහ ආදායම් අවස්ථා සොයා ගැනීමටත් හැකියාව ලැබිය හැකියි.

ඒ නිසා මෙය මී මැසි පෙට්ටියක් නිවසක තැබීමේ ව්‍යාපෘතියක් පමණක් නොවේ.

එය එක් පවුලක් → දක්ශ දරුවෙක් → සරුසාර ගෙවත්තක් → නිරෝගී ප්‍රජාවක් → දැකුම්කලු පරිසරයක් → තිරසාර අනාගතයක් යන සියල්ල එකට සම්බන්ධ කරන අදහසක්. 🌍❤️

⚠️ නමුත් මී මැසි පාලනය සුදුසු පරිසරයක්, නිසි පුහුණුව, ආරක්ෂිත ක්‍රමවේද සහ වගකීම් සහිත කළමනාකරණය යටතේ සිදු කළ යුතුයි.

අපේ අරමුණ මී මැස්සන් ඇති කිරීම පමණක් නොවෙයි. ස්වභාවධර්මය සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නා පරම්පරාවක් බිහි කිරීමයි. 🌿

අද එක් නිවසක්…
හෙට නිවාස දහයක්…
අනිද්දා නිවාස දහස් ගණනක්…

🐝 පුංචි මී මැස්සාගෙන් පටන් ගෙන, විශාල තිරසාර අනාගතයක් ගොඩනගමු.

Wellbeing Sri Lanka 🇱🇰
Healthy People • Healthy Families • Healthy Communities • Healthy Environment

23/08/2026

🌿 වයස වැඩියි කියන්නේ… ජීවිතය නතර කළ යුතුයි කියන එකද?

පුටුවකට හෝ ඇඳකට වී, තමන්ගේ දෛනික පුද්ගලික කටයුත්තක්වත් කරගත නොහැකිව අන් අයගේ උපකාරය බලාපොරොත්තු වන වැඩිහිටියකු සිටින නිවසක්… එක් පැත්තකින් අසරණකමත්, අනෙක් පැත්තෙන් පවුලේ සාමාජිකයන්ට ඇති වගකීම් සහ මානසික පීඩනයත් ගෙන එන්න පුළුවන්. 💭

ඒ වෙනුවට…
🚶‍♂️ තමන්ගේ දෛනික කටයුතු හැකි තරම් තමන්ම කරගන්නා,
💪 ශාරීරිකව ක්‍රියාශීලී,
🧠 මානසිකව සන්සුන් හා ප්‍රබෝධමත්,
❤️ පවුල හා සමාජය සමඟ සම්බන්ධ,
🌿 තමන්ගේ ජීවිතය සතුටින් ගත කරන

වැඩිහිටියකු සිටින නිවසක්…

කොතරම් නිදහස්ද? ❤️
කොතරම් සාමකාමීද? ❤️❤️
කොතරම් සතුටුදායකද? ❤️❤️❤️

වයසට යාම අපට නවත්වන්න බැහැ. නමුත් වයසට යන ආකාරය පිළිබඳව අද සිටම අපට බොහෝ දේ කළ හැකියි.

ඒ නිසාම, අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ශක්තිමත්, ක්‍රියාශීලී, මානසික–ශාරීරික–සමාජීය වශයෙන් යහපත් ජීවිතයක් ගත කරන සහ ස්වාධීනව කටයුතු කල හැකි පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් අප ක්‍රියාත්මක කළ වැඩසටහනක තවත් ඡායාරූපමය මතක කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නට සිතුවා. 📸🌿

මේ ඡායාරූප කියන්නේ නිකම්ම ඡායාරූප නොවෙයි. “වයස වැඩි වුණත් ක්‍රියාශීලීව ජීවත් විය හැකියි” කියන බලාපොරොත්තුවේ කුඩා සාක්ෂි කිහිපයක්. 💚

🙏 හෘදයාංගම ස්තුතිය💚

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරයේ (Gymnasium) දී, පැවැත්වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සෞඛ්‍යය, සන්සුන්භාවය සහ යහපැවැත්ම පිළිබඳ මෙම විශේෂ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නායකත්වය, දැනුම, කාලය සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. 💚

🌟 මෙම වැඩසටහනට නායකත්වය ලබාදුන් Certified Tai Chi Master Trainer, Prof. Kirthi S. Walgama මහතාටත්,

🌟 Kandy Wushu School සහ Sri Lanka Tai Chi Association හි නිර්මාතෘ රොහාන් මුතුමාල මහතාටත්,

🌟 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපතිතුමා, නියෝජ්‍ය උපකුලපතිතුමා, ලේඛකාධිකාරීතුමා සහ ක්‍රීඩාගාරයේ අධ්‍යක්ෂතුමා ඇතුළුව මෙම වැඩසටහනට සහයෝගය ලබාදුන් සියලුම මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්,

🌟 වෛද්‍ය නිලධාරීන් ඇතුළු සහභාගී වූ සියලුම විද්වතුන්ටත්,

🌟 මෙම ව්‍යායාම ක්‍රමවේද පිළිබඳ හසල දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් සහභාගිකයින් සමඟ බෙදාගැනීමට දායක වූ සියලුම ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ උපදේශක මණ්ඩලයටත්,

🌟 Kandy Wushu School හි වර්තමාන Wushu සහ Tai Chi උපදේශක අනුරාධ ජයලත් මහතාටත්, සහාය ලබා දුන්, Rizka සහ Rudrathi ටත් මුල්ගම්පොල "Friend-inneed සමාජයේ සාමාජික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැමටත්,

🌟 සංවිධායක මණ්ඩලයටත්, ඉදිරිපත් කිරීම් කළ සියලු දෙනාටත්, නන් අයුරින් උදව් සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාටත්,

අපගේ හෘදයාංගම ගෞරවය සහ විශේෂ ස්තුතිය පුද කරමු. 🙏💚

ඔබ සැමගේ එකමුතු සහයෝගය තුළින්, මෘදු අභ්‍යන්තර ව්‍යායාම ක්‍රම පිළිබඳ දැනුම සමාජයට ගෙන යමින්, සෞඛ්‍ය සම්පන්න, සක්‍රීය සහ යහපත් ජීවිතයක් සඳහා මඟ පෙන්වීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. 🌱

💬 ඔබත් වයසට යන අතරතුර සෞඛ්‍යය, ශක්තිය සහ සමබරතාව රැකගැනීමට මෙවැනි ව්‍යායාම ක්‍රමයක් ඉගෙන ගැනීමට කැමතිද?
ඔබගේ අදහස පහතින් අප සමඟ බෙදාගන්න. 👇

🎥 මේ වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සහ අත්දැකීම් ඇතුළත් වීඩියෝව ඉදිරියේදී…

👉 WellBeing Sri Lanka සමඟ රැඳී සිටින්න. අපගේ අරමුණ සරලයි…

• නිරෝගී මිනිසෙක් 🏃
• නිරෝගී පවුලක් 👩‍👩‍👦‍👦
• නිරෝගී සමාජයක් 🌿🇱🇰

Wellbeing Sri Lanka 💚
Healthier People • Stronger Nation

#නිරෝගීවයසටයාම #යහපැවැත්ම #නිරෝගීජීවිතය

🌿 අද ඔබ ක්‍රියාශීලීයි නම්… හෙට වඩාත් ශක්තිමත් වනු ඇත! 💚වයසයි කියන්නේ අපේ ජීවිතය නවත්වන්න ඕනේ කියන එක නොවෙයි. ❤️අපේ වැඩ ට...
23/08/2026

🌿 අද ඔබ ක්‍රියාශීලීයි නම්… හෙට වඩාත් ශක්තිමත් වනු ඇත! 💚

වයසයි කියන්නේ අපේ ජීවිතය නවත්වන්න ඕනේ කියන එක නොවෙයි. ❤️

අපේ වැඩ ටික අපිටම කරගන්න පුළුවන් වීම, නිදහසේ ඇවිදින්න පුළුවන් වීම, හොඳින් සිතන්න සහ සතුටින් මිනිසුන් සමඟ ජීවත් වීම — මේවාත් සැබෑ නිරෝගීභාවයේ කොටස්.

විශේෂයෙන්ම වයස්ගත වන විට,

🚶 දිනපතා ක්‍රියාශීලීව සිටීම – ශක්තිය, සමබරතාවය රැකගනී.
🧘 මනස සන්සුන්ව තබා ගැනීම – මානසික සුවය ලබා දෙයි.
⚖️ සමබරතාවය වර්ධනය කිරීම – වැටීම් වළක්වා ගැනීමට උදවු වේ.
🥗 පෝෂ්‍යදායී ආහාර ගැනීම – ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙයි.
👨‍👩‍👧‍👦 පවුල හා මිතුරන් සමඟ සිටීම – ජීවිතයට සතුට සහ අර්ථයක් එක් කරයි.
📖 අලුත් දේ ඉගෙන ගැනීම – මනස ක්‍රියාශීලීව තබා ගනී.

උදාහරණයක් විදිහට,
. උදෑසන කෙටි ඇවිදීමක්,
. සරල සමබරතා ව්‍යායාමයක්,
. සන්සුන් හුස්ම ගැනීම වාර 10ක්
වැනි කුඩා පුරුදු දිනපතා ජීවිතයට එකතු කරගන්න පුළුවන්.

👉 අපේ අරමුණ වන්නේ ජීවත්වන කාලය පුරාවටම සතුටින් ජීවත්වන පවුලක් ගොඩනැගීමයි. සියලු දෙනා ශක්තිමත්ව, ස්වාධීනව සහ සතුටින් ජීවත් වීමයි. 🌱

• හොඳ සමබරතාවයක්
• ශක්තිමත් ශරීරයක්
• සන්සුන් මනසක්
• නිරෝගි මිනිසෙක්
• ප්‍රීතිමත් පවුලක්
• සාමකාමී සමාජයක්
• සතුටුදායක ජීවිතයක් 💚

WellBeing Sri Lanka
Healthier People • Stronger Nation 🇱🇰

🎵 සදාකාලික අරුතක් දුන් තවත් එක් හඬක් නිහඬ විය…ශ්‍රී ලාංකේය සංගීතයේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනියක් වූ ආචාර්ය විශාරද නන්දා මා...
21/08/2026

🎵 සදාකාලික අරුතක් දුන් තවත් එක් හඬක් නිහඬ විය…

ශ්‍රී ලාංකේය සංගීතයේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනියක් වූ ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ වියෝව අපේ රටට පමණක් නොව, පරම්පරා ගණනාවක මතකයන්ට සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි.

ඇය ගීත ගැයුවා පමණක් නොවේ…

🎶 ඇය මිනිසුන්ගේ සිත් සනසුවාය.
🎶 ඇය සමාජයේ හඬක් වූවාය.
🎶 ඇය අපේ සංස්කෘතිය පෝෂණය කළාය.
🎶 ඇය පරම්පරාවක සිතුවිලි හැඩගැස්වීමට කලාව යොදා ගත්තාය.

සැබෑ කලාව යනු විනෝදාස්වාදය පමණක් නොවේ.

හොඳ ගීතයකට මිනිසෙකුගේ වේදනාව සැහැල්ලු කළ හැකිය.
අපේක්ෂාවක් ඇති කළ හැකිය.
මිනිසුන් එකට එක් කළ හැකිය.
සමාජයක් ගැන සිතන්නට පෙළඹවිය හැකිය.

ඒ නිසාම කලාව සහ සංගීතය යනු රටක සංස්කෘතික යහපැවැත්මේත්, මානසික යහපැවැත්මේත් වැදගත් කොටසකි.

නන්දා මාලනී මහත්මිය අපට ඉතිරි කර ගියේ ගීත පමණක් නොවේ.
ඇය ඉතිරි කළේ අපේ මතකයන්, අපේ සංස්කෘතිය සහ අපේ හදවත් තුළ දිගටම ජීවත් වන අමිල උරුමයකි.

අද ඇගේ හඬ නිහඬ වුවත්…
ඇගේ ගීත නිහඬ නොවනු ඇත. 🎵

🙏 WellBeing Sri Lanka වෙනුවෙන්,
අපගේ හද පත්ලෙන් නැගෙන ශෝකය පෙරදැරිව අප විසින් පුදන මෙම විශේෂ කෘතවේදී උපහාරය
ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියට යි.

🕊️ ඔබේ හඬ පරම්පරා ගණනාවක් පුරා ඇසේවා…!
🤍 ඔබ තුමියට ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර නිවන් සුව ලැබේවා..!!
නිවන් දකිනා භවය දක්වා අප අතරම ඉපිද, කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබ, නිරෝගී සැප සම්පත් මැද තවදුරටත් රටට දැයට සමාජයට වැඩදායි පරපුරක් නිර්මාණය කිරීමේ මෙහෙය ඉටුකිරීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරමි...!!!

Copied from Wellbeing Sri Lanka page.

🌿 ඔබ වෙනුවෙන් දවසකට පුංචි කාලයක් වෙන් කරගන්න…අපි හැමෝම රැකියාව, පවුල, වගකීම් සහ අනෙකුත් වැඩ වෙනුවෙන් කාලය වෙන් කරනවා. ඒත...
20/08/2026

🌿 ඔබ වෙනුවෙන් දවසකට පුංචි කාලයක් වෙන් කරගන්න…

අපි හැමෝම රැකියාව, පවුල, වගකීම් සහ අනෙකුත් වැඩ වෙනුවෙන් කාලය වෙන් කරනවා. ඒත්… අපි වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න අමතක වෙනවා නේද? ❤️

Self-care කියන්නේ තමන් ගැන විතරක් හිතන එකක් නෙවෙයි. තමන්ව හොඳින් රැකබලා ගැනීම, හොඳින් ජීවත් වීමට අවශ්‍ය ශක්තිය නැවත ලබාගැනීමයි.

🌿 දිනපතා පුරුදු කරගන්න පුළුවන් සරල දේවල් කිහිපයක්…

💧 ප්‍රමාණවත් ජලය පානය කරන්න.
😴 හොඳ නින්දකට ප්‍රමුඛත්වය දෙන්න.
🧘‍♀️ මානසික ආතතිය අඩු කරගැනීමට විවේකයක් ගන්න.
📖 ඔබ වෙනුවෙන් නිහඬ කාලයක් වෙන් කරගන්න.
🥗 පෝෂ්‍යදායී ආහාර තෝරාගන්න.
📱 අනවශ්‍ය Screen Time ටිකක් අඩු කරන්න.
🚶‍♂️ දිනපතා ශරීරය ක්‍රියාශීලීව තබාගන්න.
🌱 මනස සන්සුන් කරගැනීමට Mindfulness හෝ භාවනාව වැනි පුරුදු අත්හදා බලන්න.
👨‍👩‍👧‍👦 පවුලේ අය සහ මිතුරන් සමඟ ගුණාත්මක කාලයක් ගත කරන්න.
🎯 ඔබේ ජීවිතයට අරමුණු සහ බලාපොරොත්තු තබාගන්න.
🙏 දවස අවසානයේ ඔබට තිබෙන හොඳ දේවල් ගැන කෘතඥ වෙන්න.

උදාහරණයක්:
අද පැය ගණනක් ව්‍යායාම කරන්න බැරි නම්, විනාඩි 20ක් ඇවිදින්න. 🏃‍♂️
සම්පූර්ණයෙන්ම Social Media නවත්වන්න බැරි නම්, නින්දට පෙර විනාඩි 30ක් Phone එකෙන් ඈත් වෙන්න. 📵
භාවනා කරන්න වෙලාවක් නැත්නම්, විනාඩි 5ක් නිහඬව හුස්ම ගැනීම ගැන අවධානය යොමු කරන්න. 🌿

මතක තබාගන්න…
ඔබේ ජීවිතය වෙනස් කරන්නේ එකවර කරන විශාල වෙනස්කම් නොවෙයි.
👉 දිනෙන් දින කරන පුංචි හොඳ පුරුදුයි.

අද මේ පුරුදු අතරින් එකක්වත් පටන් ගන්න.
ඔබේ අනාගත සෞඛ්‍යයට කරන හොඳම ආයෝජනය ඒක වෙන්න පුළුවන්. 💚

🌱 WellBeing Sri Lanka
Healthier People • Stronger Nation

#යහපැවැත්ම #ස්වයංරැකවරණය #නිරෝගීජීවිතය #හොඳපුරුදු

🌿 දිගු, නිරෝගී ජීවිතයක් කියන්නේ වාසනාවක් විතරක් නෙවෙයි…අපේ දිනපතා ජීවන රටාව තුළ අපි කරන පුංචි පුංචි දේවල් තමයි කාලයත් සම...
19/08/2026

🌿 දිගු, නිරෝගී ජීවිතයක් කියන්නේ වාසනාවක් විතරක් නෙවෙයි…

අපේ දිනපතා ජීවන රටාව තුළ අපි කරන පුංචි පුංචි දේවල් තමයි කාලයත් සමඟ අපේ සෞඛ්‍යයට විශාල බලපෑමක් කරන්නේ. ❤️

අපේ ආච්චිලා සීයලා “Wellness” කියලා වචනයක් නොදැන සිටියත්, ඔවුන්ගේ ජීවිතයේ තිබූ සරල පුරුදු අදත් අපට හොඳ පාඩමක්. 🌱

🚶 දිනපතා ඇවිදින්න – හැකි තරම් ක්‍රියාශීලීව සිටින්න.
🥗 සරල, ස්වභාවික ආහාර තෝරන්න – අධික ලෙස කෑමට වඩා පමණ දැනගෙන කන්න.
👨‍👩‍👧‍👦 ආදරණීය මිනිසුන් සමඟ කාලය ගත කරන්න – හොඳ සම්බන්ධතාත් සෞඛ්‍යයේ කොටසක්.
😌 විවේකයටත් ඉඩ දෙන්න – සිරුරට වගේම මනසටත් විවේකය අවශ්‍යයි.
🌿 ස්වභාවධර්මය සමඟ සම්බන්ධ වෙන්න – ගෙවත්තේ වැඩක් කිරීම, පැළයක් වගා කිරීම වැනි සරල දේවල් පවා සතුට ගෙන එයි.
🎯 ජීවිතයට අරමුණක් තබාගන්න – උදෑසන අවදි වීමට හේතුවක් තිබීමත් යහපැවැත්මේ කොටසක්.
💤 හොඳ නින්දක් ලබාගන්න – ශරීරයට සහ මනසට නැවත ශක්තිය ලබාගැනීමට එය අත්‍යවශ්‍යයි.

උදාහරණයක් විදිහට, දිනකට විනාඩි 20–30ක් ඇවිදීම, නිවසේදී සරල ආහාරයක් සකස් කරගැනීම, පවුලේ අය සමඟ කතාබහ කිරීම, සහ රාත්‍රියේ හොඳින් විවේක ගැනීම වගේ දේවල් සඳහා විශාල වියදමක් අවශ්‍ය නැහැ. ❤️

දිගු ජීවිතයක් පමණක් නොව, ජීවත් වන සෑම දවසක්ම වටිනා කරගැනීමයි සැබෑ Wellbeing. 🌿

ඔබ අද පටන් ගන්න පුංචි හොඳ පුරුද්ද මොකක්ද? 👇

💚 WellBeing Sri Lanka
Healthier People • Stronger Nation

#ජීවනරටාව #යහපැවැත්ම #නිරෝගීජීවිතය

Address

36, Pragathi Road, Uda-Eriyagama, Peradeniya
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Wellbeing Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share