Doc's talks

Doc's talks 𝑺𝙞𝒎𝙥𝒍𝙚 & 𝙏𝒓𝙪𝒔𝙩𝒘𝙤𝒓𝙩𝒉𝙮 𝙈𝒆𝙙𝒊𝙘𝒂𝙡 𝘼𝒓𝙩𝒊𝙘𝒍𝙚𝒔 | 𝑺𝙩𝒐𝙧𝒊𝙚𝒔 🌿
දැනගෙන ඉන්නම ඕන දේවල් සරලව දැනගන්න එකතුවෙන්න

𝗗𝗥 𝗡𝗔𝗟𝗜𝗡 𝗦𝗔𝗡𝗗𝗔𝗥𝗨𝗪𝗔𝗡
𝗕𝗛 𝗚𝗔𝗠𝗣𝗢𝗟𝗔
𝗠𝗕𝗕𝗦 | 𝗘𝗨𝗦𝗟

11/09/2026

කවදාවත් සර්පයෙක් කෑවට පස්සේ ඊට උඩින් මේ වගේ රෙදි පටි ගැටගහන්න එපා..

අන්තිමට ඒ නිසා කකුල අතපය කපන්නත් වෙන්න පුලුවන් ලේ ගමනාගමනය නවතින නිසා

20/08/2026

මෙන්න මේ විදියට අපේ හාට් එකට රුධිරය සපයන රුධිර නාලයක ලේ කැටියක් බ්ලොක් වුනාම තමයි අපට හාට් ඇටෑක් හැදෙන්නේ..

20/08/2026

Twins ලා වර්ග දෙකක් ඉන්නවා.

▶️Monozygotic Twins / මොනොසයිගොටික්

මෙයාලා දෙන්නම එක වගේ..
දෙන්නම එක්කෝ ගැහැණු ලමයි වෙන්න ඕන.
නැත්නම් පිරිමි ලමයි වෙන්න ඕන.

මෙයාලා හැදෙන්නේ අම්මාගේ ඩිම්බයයි තාත්තාගෙන් එන ශුක්‍රානුවකුයි සංසේචනෙය වෙලා හැදෙන යුක්තානුව දෙකට බෙදීම නිසා..

▶️Dizygotic Twins / ඩයිසයිගොටික්
මෙයාලා දෙන්නා එක වගේ වෙන්න chance එක අඩුයි.වෙන්නත් පුලුවන්.මෙයාලා එක්කෝ දෙන්නම ගැහැණු වෙන්න පුලුවන්.නැත්නම් දෙන්නම පිරිමි වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් එක්කෙනෙක් ගැහැණු අනික් කෙනා පිරිමි වෙන්න පුලුවන්.මොකද මෙයාලා හැදෙන්නේ තාත්තාගෙන් එන ශුක්‍රානු දෙකක් අම්මාගේ එන ඩිම්බ දෙකක් එක්ක සංසේචනය වීමෙන්.

19/08/2026

ගර්භාෂයේ ඇතිවන පිළිකාවක් නොවන ගෙඩි
අපි මේවට fibroid / ෆයිබ්‍රොයිඩ් කියලත් කියනවා..

කාන්තාවන්ගේ ගර්භාෂ බිත්තියේ තමයි මේවා වර්ධනය වෙන්නේ..ඉතින් ඒ එක්ක නොයෙකුත් අමාරු ඇතිවෙන්න පුලුවන්..

බඩේ කැක්කුම සමග මාසික ඔසප් වීම වැඩිපුර සිදුවීම

තමයි මේ එක්ක ප්‍රධාන වශයෙන්ම එන්නේ..


19/08/2026

ඔයාලගේ පුංචි බඩ්ඩත් මේ විදියට නිදාගෙන ඉද්දි හිනාවෙනවද ?

එයාලගේ නින්දෙදි මොළය හරිම ඇක්ටිව් කාල පරාසයක් තියෙනවා..අන්න ඒ කාලයේදි මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි නිසා බබාලා මේ විදියට හිනා වෙනවා කියලා තමයි කියන්නේ..

එයාලගේ මොළය හොදින්ම වර්ධනය වෙන්නෙත් නින්දෙදි.මොළයේ ස්නායු අතර සම්බන්ධතා හැදෙනකොටත් මේ විදියට එයාලට නින්දෙදි හිනා යන්න පුලුවන්ලු..

චුට්ටක් වයස ගියාම නම් එයාලගේ හැගීම් , හීන දකින නිසා නින්දෙන් මේ විදියට හිනාවෙනවලු..

ඔයාලත් පුංචි බබාලා නින්දෙන් හිනාවෙනවා දැකලා තියෙනවාද ?

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Doc's talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share