MOH Office Kesbewa

MOH Office Kesbewa Welcome to the official page of MOH Office Kesbewa!!☘️🍂
New life💚 for the community through safety, environmental security, and reliable healthcare.

01/10/2026

ලෝක ළමා හා වැඩිහිටි දිනය - ඔක්තෝබර් 01

රටක අනාගතය භාරගන්නට සැරසෙන දරුවනුත්, ඒ අනාගතය ගොඩනගන්නට තම ජීවිතයේ තරුණ කාලය කැප කළ වැඩිහිටියනුත් අපට එකසේ වටිනා සම්පත්ය. මේ සම්පත් දෙකම ඇගයීමට ලක්කරන සුවිශේෂී දිනයක් ලෙස ඔක්තෝබර් 01 වැදගත් වේ.

මෙවර තේමාවන්:
ලෝක ළමා දිනය: "මනසින් සවිමත් – දරුවන් පොහොසත්"
ජාත්‍යන්තර වැඩිහිටි දිනය: "දීර්ඝායුෂ යුගය, දිගු ජීවිත සඳහා පද්ධති පිළිබඳව නැවත සිතා බැලීම"

අපේ වගකීම
ලොව පුරා විවිධ දිනවල ළමා දිනය සැමරුවද, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක එය සමරන්නේ අදයි. 1990 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වැඩිහිටි දිනය ප්‍රකාශයට පත් කළේ ඔවුන්ගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමටයි.

අද වන විට ලෝකයේ උපතේදී ආයු අපේක්ෂාව වැඩි වීම නිසා වැඩිහිටි ජනගහනය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. විශේෂයෙන් වයස අවුරුදු 60-70 කාණ්ඩයේ වැඩිහිටියන් තවමත් සෞඛ්‍ය සම්පන්නව හා ක්‍රියාශීලීව සිටින බැවින් ඔවුන්ගේ අත්දැකීම් රටේ සංවර්ධනයට යොදා ගැනීම වැදගත්ය.

අනාගතය භාරගන්නට පිපෙන පුංචි කැකුළු වලටත්, අපේ ලෝකය ගොඩනගන්නට දහඩිය හෙලූ වැඩිහිටි පරපුරටත් අපගේ උපහාරය!

16/09/2026

🛡ජීවය රකින අහස් පලිහ🛡

🌎ලෝක ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය සැප්තැම්බර් 16🌍

පලාත් පාලන සතිය යටතේ කැස්බෑව නගරසභාව විසින් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්‍යාලය හා එක්ව සැප්තැම්බර් 16 දිනට යෙදෙන ලෝක ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනයට සමගාමීව පවත්වනු ලැබූ
▪️ ඕසෝන් ස්ථරය රැකගනීම සම්බන්දව පාසල් ළමුන් දැනුවත් කිරීම
▪️ඕසෝන් ස්ථරය සුරකීම පිලිබද චිත්‍ර තරගය
▪️ පෙරපාසල් සදහා කසල බදුන් බෙදා දීම
▪️කසල වෙන්කිරීම සදහා පෙරපාසල් දරුවන් හුරුකරවීමේ වැඩසටහන
බප/පිලි බටුවන්දර ප්‍රාථමික විදයලය හා බප/පිලි දම්පේ කනිෂ්ඨ විදයාලයේදී 2026සැප්තැම්බර් 16 ලෝක ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනයේදී පවත්වන ලදී.🔺

15/08/2026

🟥ආරෝග්‍ය පරමා ලාභා.🟥

▪️හොරතුඩුව ග්‍රාම සංවර්ධන සමිතිය විසින් 306 D2 සිංහ සමාජයේ - පිලියන්දල අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද
බෝනොවන රෝග සායනය 2026.08.15 දින සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්‍යාලයේ මූලිකත්වයෙන් හල්පිට ජනශක්තිපුර විහාරස්ථානයේ දී පවත්වන ලදී එහිදී ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සීයයකට අධික පිරිසක් සහභාගී විය.

05/08/2026

එක්සත් රාජධානියේ Bath විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය , ආචාර්ය රෂ්ශිත මහෝග හිටිබංඩාර මහතා විසින් මනෝසමාජීය හා මානසික අභිප්‍රේරණය පිලිබද කැස්බෑව සෞඛ්‍ය වෛදය නිලධාරි කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩලය දැනුවත් කිරීමේ සාකච්ඡාමය වැඩ සටහන

05/07/2026

🔴 කැස්බෑවෙන් ඩෙංගු තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුම! 🦟🚫

අද දින කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අති සාර්ථකව පැවැත්විණි.

ජනතාව දැනුවත් කරමින් සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් දියත් වූ මෙම වැඩසටහන සඳහා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමිය , මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්, ඩෙංගු මර්දන සහයක කණ්ඩායම, කැස්බෑව පොලීසිය, යුධ හමුදාව, ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

🎭 මෙහිදී කාගේත් විශේෂ අවධානයක් දිනාගත් අංගය වූයේ, ඩෙංගු උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා පාසල් දරුවන් විසින් ඉතා නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරන ලද වීදි නාට්‍යයයි.

අපේ පරිසරය පිරිසිදුව තබා ගනිමින්, ඩෙංගු මාරයාගෙන් අපේ දරුවන්ව සහ රටම බේරා ගැනීමට අපිත් අදම එක්වෙමු! 🌿✨

#කැස්බෑව #ඩෙංගුමර්දනය #සෞඛ්‍යඅංශ

05/07/2026

🚨 මාරාන්තික ඩෙංගු රෝගයට ඔබේ ආදරණීයයන් බිලි දෙනවාද?
ඩෙංගු රෝගය වළක්වා ගැනීම අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමකි. සුළු නොසැලකිල්ලකින් ඔබේ පවුලේ අයගේ හෝ අසල්වැසියෙකුගේ ජීවිතය අහිමි වීමට ඉඩ නොදෙන්න.
ඩෙංගු මාරයා පරාජය කිරීමට අපි අදම පෙළ ගැසෙමු!

ඔබේ නිවස ඩෙංගු මදුරුවාගෙන් තොර ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීම ඔබේම දෑත් තුළයි.
අදම ක්‍රියාත්මක වන්න! පිරිසිදු පරිසරයක් මගින් නිරෝගී හෙට දවසක් උදා කරගනිමු.

03/07/2026

ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිත සේවාවක් ඔස්සේ තමනුත් සේවාදායකයාත් සමාජයත් ආරක්ෂා කරගමු

"බෝවන රෝග වලකමු
සෞඛ්‍යමත් දේශයක් ගොඩනගමු"

01/07/2026

🩸🦟පිරිසිදු පරසරයක් තුළින් ඩෙංගු රෝගය වලකමු🦟🩸

David Peiris Motor Company (Pvt) Limited (DPMC) ආයතයේ සේවකයන් හට ඩෙංගු රෝගය හා එහි නීතිය ඇතුලු වර්තමාන තත්වය ZOOM තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීම
මේ සදහා කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිතුමා හා ආයතයේ වෛද්‍ය නිලදාරී තුමා සහභාගී වූ අතර වැඩසට මෙහෙයවීම ආයතනයේ මානව සම්පත් කලමනාකරන අංශයේ කලමනාකාරතුමන් විසින් සිදු කරන ලදී
මේ සදහා ආයතයේ සේවක සේවිකාවන් හාරසීයකට අධික ප්‍රමානයක් ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ද විය

Address

MOH Office
Kesbewa
10307

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Kesbewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share