04/02/2026
නෝරෙතිස්ටෙරෝන් (Norethisterone) යනු කෘතිම හෝර්මෝනයක් වන අතර, එය ස්ත්රී ශරීරයේ ස්වභාවිකව ඇති ප්රොජෙස්ටෙරෝන් (Progesterone) හෝර්මෝනයට සමානව ක්රියා කරයි. මෙම ඖෂධය ප්රධාන වශයෙන් Periods සම්බන්ධ ගැටළු වලට ප්රතිකාර සඳහා භාවිතා කරයි.
ඖෂධය ක්රියා කරන ආකාරය
නෝරෙතිස්ටෙරෝන් ගර්භාශයේ ඇතුළත පටලය (Endometrium) ස්ථාවර කරමින්, අක්රමවත් හෝ අධික රුධිරස්රාවය පාලනය කිරීමට උපකාරී වේ.
ඇතැම් අවස්ථාවලදී, මාසික ඔසප් චක්රය තාවකාලිකව නවතා තැබීමට හෝ ප්රමාද කිරීමටද මෙය භාවිතා කරයි.
මෙම ඖෂධය මඟින් ඔසප් වීම ප්රමාද කරන්නේ කෙසේද? 🤔
ඔසප් වීම කල් දැමීමට වෛද්යවරුන් විසින් බහුලව භාවිතා කරන ඖෂධයක් තමයි
💊 නොරෙතිස්ටෙරෝන් (Norethisterone 5mg).
මෙය ශරීරයේ ස්වභාවික ප්රොජෙස්ටරෝන් හෝමෝනය අනුකරණය කරමින් ක්රියා කරන අතර
🔹 ඔසප් චක්රය නියාමනය කිරීමට
🔹 හෝමෝන සමබරතාවය පවත්වා ගැනීමට
උපකාරී වේ.
🔄 ඔසප් වීම ප්රමාද වෙන්නේ කොහොමද?
සාමාන්ය ඔසප් චක්රයකදී,
🩸 ඔසප් වීම ආරම්භ වීමට පෙර
➡️ ප්රොජෙස්ටරෝන් මට්ටම පහත වැටෙයි.
නොරෙතිස්ටෙරෝන් ගැනීමෙන්
✔️ ශරීරයේ ප්රොජෙස්ටරෝන් මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගන්නා අතර
✔️ ගර්භාෂයේ ඇතුළත ස්තරය (endometrium) ගැලවී යාම වළක්වයි
➡️ ඒ නිසා ඔසප් වීම තාවකාලිකව කල් යයි.
📌 ඔබ නොරෙතිස්ටෙරෝන් ගැනීම නවතා දැමූ විට,
➡️ ප්රොජෙස්ටරෝන් මට්ටම පහත වැටෙන අතර
➡️ සාමාන්යයෙන් දින 2–3ක් ඇතුළත ඔසප් වීම නැවත ආරම්භ වේ.
💊 ඔසප් වීම කල් දැමීමට සාමාන්ය භාවිතය
🔹 මාත්රාව (Dosage)
👉 5mg පෙති
👉 දිනකට 3 වතාවක්, කෑමෙන් පසු
🔹 ආරම්භය (Start)
👉 අපේක්ෂිත ඔසප් දිනයට දින 3කට පමණ පෙර
🔹 පවත්වා ගැනීම (Continue)
👉 ඔබට කල් දැමීමට අවශ්ය වන කාලය පුරාවට
👉 (සාමාන්යයෙන් දින 10–14ක් දක්වා)
⚠️ මෙය සාමාන්ය guideline එකක් පමණක් බව සලකන්න.
⚠️මෙම ඖෂධය ගැනීමට පෙර
👩⚕️ වෛද්යවරයකු හමුවී,
ඔබගේ ඔසප් චක්රය, වෛද්ය ඉතිහාසය සහ අවශ්යතාවය අනුව
✔️ නිවැරදි මාත්රාව
✔️ ගත යුතු කාලය
තීරණය කරගැනීම ඉතා වැදගත්ය.
👉 විශේෂයෙන් මෙය හෝමෝන සම්බන්ධ ඖෂධයක් වන නිසා
❌ වෛද්ය උපදෙස් නොමැතිව භාවිතා කිරීම සුදුසු නොවේ.
🤕 ඇතිවිය හැකි අතුරු ආබාධ
සමහර අයට,
🔸 හිසරදය
🔸 ක්ලාන්ත ගතිය
🔸 වමනය
🔸 මනෝභාවයේ වෙනස්වීම්
වැනි අතුරු ආබාධ දක්නට ලැබිය හැක.
🚨 ඔබට
❗ රුධිර කැටි ගැසීම් (blood clots)
❗ හෝමෝන සංවේදී රෝග
❗ අක්මාව සම්බන්ධ ගැටළු
පිළිබඳ ඉතිහාසයක් ඇත්නම්, අනිවාර්යයෙන් වෛද්යවරයා දැනුවත් කරන්න ✅
📣 Pharmacy4Life
ඔබේ සෞඛ්යය ගැන නිවැරදි දැනුම, නිවැරදි මාර්ගයෙන් 💊💙
👉 Post එක useful නම් share කරන්න.
සුභ දවසක්! ❤️