SUKEE MANU BOOKS

Call Contact the business

SUKEE MANU BOOKS සුඛී දීඝායු කෝ භව
සුවයෙන් දිගාසිරි ලැබේවා🙏
මනස සුවපත් කරන කතා කියවන්න, ගීත රස විඳින්න, රස ගුණ කෑම හදන්න එක්වන්න .❤️🌹🌹

මා විසින් රචනාකල අලුත් ම නව කතාව 'තරු  මං සලකුණු '  සහ තවත් ග්‍රන්ථ ප්‍රකාශන රාශියක් ගාලු  පොත් වසන්තයේ  C37 ග්‍රන්ථ කුට...
24/10/2026

මා විසින් රචනාකල අලුත් ම නව කතාව 'තරු මං සලකුණු ' සහ තවත් ග්‍රන්ථ ප්‍රකාශන රාශියක් ගාලු පොත් වසන්තයේ C37 ග්‍රන්ථ කුටියෙන් ඔබට ලබා ගත හැක...

තරු මං සලකුණු

**********************
" ඔ ඔයා කව්ද... කොහොමද මට උන දේ දන්නෙ " ඇය ගොත ගැසුවාය

" විස්තර පස්සෙ කතා කරමු ඔයාට අනතුරක් නෑ නේද මම දැක්කා ඔයා ලිස්සල වැටෙනව "

" විස්තර කතාකරන්න පුලුවන් පස්සෙ කලුවර වැටෙන්න කලින් අපි පාරට යන්න ඕනි හතර වෙද්දි මෙහෙට කලුවර එනව අද වැස්ස නිසා අඳුර කොහොමත් වැඩි වෙයි. ඒ මදිවට ලෙස්සනව අපි දැන්ම යමුද ටිකක් තෙමෙනව කරන්න දෙයක් නෑ තව පරක්කු වෙන්න බෑ එන්න"

කලහැකි අන් දෙයක් නොමැති වූයෙන් ඇය ඔහු පසු පස ඇදුනි.
ඔහු පඳුරු ඈත් මෑත් කරමින් පාර පාදාගෙන ඉදිරියට ගමන් කරමින් සිටියේය. ඇයද ඔහු පාදන ලද මග ඔස්සේ නැවතත් පඳුරු පාර අවහිර කරන්නට පෙර ඔහුගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන දුරින් ගමන් කළාය.

මොහු කව්ද කොහොමද මම මෙතන ඉන්න බව දන්නෙ ඇය පුදුම විය
“දෙවියනේ කලු කුමාරය වත් ද......නෑ නෑ සුදුයි නෙ වෙන්න බෑ
එතකොට හොල්මනක්ද... හෙවනැල්ල වැටෙනවද බලන්න අව්වක්වත් නෑ.
හැබැයි ඇහිපිල්ලම් ගැහුව නේද…” ඇ‍ය ඇසෙන නෑසෙන හඬින් තමාටම කොඳුරාගනිමින් ඔහු ඇහිපිය ගැසුවාද යැයි මතකයට නගා ගැනීමට උත්සහ කලාය..

“එක අතකට මොනවද මම මේ හිතන විකාර. කවුරු උනත් දෙවියෙක් වගේ මේ වෙලාවෙ මාව ගලවගන්න ආපු මනුස්සය නේද මට වටිනවද ඒ මනුස්සයව හොල්මන්වලටයි කලුකුමාරයටයි ආදේශ කරන්න හැබෑටම දෙවිකෙනෙක් වත්ද.”

තමාගේ ඔලුව අවුල් වී ඇති සැටියක් යුවිශ්නාට දැනෙයි.

“මෙච්චර ලොකු කරදරයක් වෙලා තියෙද්දි මොනවද මේ ඔලුවට එන මනො විකාර. හරිනම් මේ වෙලේ මේ මනුස්සයගෙ උදව්වෙන් මේ කැලෙන් එළියට යන හැටි නෙ හිතන්න ඕනි.” සිත තුලින් කොඳුරමින් ඇය පසු තැවෙන්නට විය.

ඇය ඉදිරියෙන පඳුරු ඈත් මෑත් කරමින් ගිය අමුත්තා එක්වරම නැවතුනි.ඔහුගේ වේගයෙන්ම පසු පසින් ඇවිද ආ යුවිශ්නා ඔහුගේ ඇඟෙ නොහැපී බේරුනේ අනූනවයෙනි

" ඔයාට අමාරුද? ඒත් අමාරු කියල හරියන්නෙ නෑනේ කලුවර වැටෙන්න කලින් පාරට යන්න ඕනි නැත්තම් අද රෑ අපි දෙන්නට මේ කැලේ ඇතුලෙ තමයි ඉන්න වෙන්නෙ "

ඔහුගේ වදන් ඇය හීතියට පත් කරන්නට සමත්විය. එක අතකට තනියම මේ මහ කැලේ රැයක් ගෙවීමට වඩා මනුස්ස පුලුටක් සමග ගෙවීමට ලැබීම සැනසීමක් ගෙන දෙන්නක් උනත් ජීවිතේ පලමුවතාවට දුටු නන්නාදුනන තරුණයෙකු සමගින් රැයක් ගෙවිම ඊට වඩා භයානක අභියොගයක් නොවේදැයි ඇයට සිතේ. එහෙත් මේ මොහොතේ තමාට ඇති එකම ගැලවුම් කරුවා ඔහුය.

**********************

මා විසින් රචනාකල පළමු ස්වතන්ත්‍ර  නව කතාව  වන ' අහස් සයුර මැද  '  සහ තවත් bookrack ප්‍රකාශන රාශියක් ගාලු  පොත් වසන්තයේ  ...
24/10/2026

මා විසින් රචනාකල පළමු ස්වතන්ත්‍ර නව කතාව වන ' අහස් සයුර මැද ' සහ තවත් bookrack ප්‍රකාශන රාශියක් ගාලු පොත් වසන්තයේ D37 සහ D38 bookrack කුටියෙන් ඔබට ලබා ගත හැක..

අහස් සයුර මැද
**********************
ආකාශ් මා කැඳවා ගෙන ගියේ ගිල්සර් නමින් හැඳුන්වන උනුවතුර උතුරා දුමාරයක් නැගෙන ස්ථානයක් නැරඹීමටය
උනුවතුර ලිං ලංකාවේ ත්‍රිකුනාමලය ප්‍රදේශයේ මම වරක් නරඹා ඇත නමුත් මෙය එයට වඩා හාත් පසින් වෙනස් ය.මෙහෙ උනු වතුර ජලයෙන් විශාල දුමාරයක් උඩට පිටවෙයි සැරින් සැරේ හුම්මානයේ මෙන් දුම් කැඳක් උඩට විදී

සමහර ප්‍රදේශවල ඉතා විශාල ග්ලිසරද සමහර ඒවා විවිධ වර්නයෙන්ද යුක්ත බව ආකශ් පැහැදිලි කලේය.
භූගත ජලය රත් වීමෙන් ප්‍රසාරනය වීමේදී ඇතිවෙන පීඩනයත් සමග ඒවා උඩට විදින බවද පොලවේ තිබෙන යම් රසායන දව්‍ය නිසා එසේ ජලය රත් වන බවද ඇතැම් තැන්වල තිබෙන රසායන ද්‍රවය නිසා එම ජල වාශ්ප විවිද පැහැයක් ගන්න බවද ඔහු පැහැදිලි කලේය
“ස්වභා දහම කොච්ච්‍චර ලස්සන නිර්මාන මවල තියෙනවද නේද ආකාශ් “
“ඔව් හරියට ඔයා වගේ “
“මම වගේ ඒ කොහොමද”
“වෙලාවකට ග්ලීසරයක් වගෙ ඇවිලෙන වෙලාවකට වෝටර් ෆෝල් එකක් වගේ කූල් වෙන කෙනෙක් නෙ”
“යන්න ඔයා , ඒක නෙමි දවසක මම යන්න ආසම තැනක් තියෙනව”
“ඒ කොහෙද?”

**********************

" එක අතකට ඔය රස්තියාදු ගහන හැටියට උපාදිය කොහොම වෙතත් දරුවෙක් නම් අරන් එයිද දන්නෙ නෑ කියල අයියත් කිව්ව .ඒ නිසා එක අතකට අමාරුවෙ වැටෙන්න කලින් බන්දල දෙන එක හොඳයි."

මේ ගෙදර මිනිසුන්ට මොනව වෙලාදයි මට ඇති වුනේ තරහකි.
" ආකාශ් ගැන ඔහොම හිතන්න එපා අම්මා .ඕගොල්ලො දන්නෙ නෑ එයා මාව බලාගන්න විදිය ...අනික අය්ය ගෙ කට නම් මම දන්නව කිසිම හේතුවක් නැතිව අර රදීශ් ට මාව පාව දුන්න. "

" ගින්නක් නැතුව දුමක් නගිනෙ නෑනේ "
" ඕගොල්ලො ම තමා ගිනි ගොඩවලුත් ගහගත්තෙ ගින්නට පිබින්නෙ නම් කොහෙවත් ඉන්න අය බව මම දන්නව"
කවදාවත් මේ මිනිස්සු එක්ක හොඳින් දෙයක් කතකරන්න බෑනේ..ලමයි මුරන්ඩු වෙන්නෙ ගෙවල් වල මිනිසුන්ගෙත් ඕනි වට වඩා දරදඬු පාලනය නිසා තමයි

"තාත්තට කියන්න අම්මා . ආකාශ් ගෙ අම්මට කියන්නම් වීඩියෝ කෝල් එකකින් ඔයාල එක්ක කතාකරන්න."
" අර සුද්දත් එයිද කෝල් එකට"
" මොන සුද්දද? "
" දැන් ඔය ආකාශ් හදා ගත්ත තාත්තා සුද්දෙක් නෙ "
" ,එයාත් එයි සමහරවිට "
" අපි ඉතින් ඉංග්‍රීසි තේරුනාට ඔය සුද්දො එක්ක කතාකරල පුරුදු නැනේ"
" ඒක අය්ය යි තාත්තය් කරයි හැබැයි අම්ම ඒ දෙන්නටත් කියන්න ආකාශ් ගෙ ඇත්ත තාත්ත ගැන කතා ඔතන අදින්න යන්න එපා කියල ඒ අම්මට දුක හිතෙයි.. අනික ආකාශ් ස්ට්ව් අන්කල්ට සලකන්නෙ එයාගෙ තාත්තා විදියට එයාටත් දුක හිතෙයි.

**********************

අද සිට  ඔක්තෝබර්  29  දක්වා  " තරු මං සලකුණු"  සහ  සියලු  ග්‍රන්ථ ප්‍රකාශන සහ බෙදාහැරීම්  හමුවන  තැන  C 37  grantha.lk  ...
23/10/2026

අද සිට ඔක්තෝබර් 29 දක්වා " තරු මං සලකුණු" සහ සියලු ග්‍රන්ථ ප්‍රකාශන සහ බෙදාහැරීම් හමුවන තැන C 37 grantha.lk කුටියෙන් ගාල්ල සමනල උයනේ ගාලු පොත් වසන්තයෙන්.

ගාලු පොත් වසන්තය ඔක්තෝබර් 23 සිට 29 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී.මා විසින් රචිත නව කතා  දෙකක්ම  තියෙනවා ග්‍රන්ථ සහ  b...
21/10/2026

ගාලු පොත් වසන්තය ඔක්තෝබර් 23 සිට 29 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී.
මා විසින් රචිත නව කතා දෙකක්ම තියෙනවා ග්‍රන්ථ සහ bookrack කුටිවල 🥰♥️♥️🌹🌹🌹
පොත් දෙකේම පිටුවක් කියවල බලන්න පිංතූරය උඩ click කරන්න. 🥰

ඔන්න Top Fan Winners 3, 4, 5, 6  තෑගි සමනලුන් අතේ එව්වා අද... හම්බුනාම කියවලා බලලා අදහස් කියන්න.  .1 , 2 Winners ලාට ඉති...
15/10/2026

ඔන්න Top Fan Winners 3, 4, 5, 6 තෑගි සමනලුන් අතේ එව්වා අද... හම්බුනාම කියවලා බලලා අදහස් කියන්න. .1 , 2 Winners ලාට ඉතින් තව පොඩ්ඩක් ඉවසන්න වෙනවා.. අති විශේෂ තෑගි පොඩ්ඩක් පරක්කු වෙනවනේ. Top Fans ලටයි අනෙත් හැමෝටමයි බොහොම ස්තූති මා සමග රැඳී සිටියාට. ලබන වසරේත් Top Fan කෙනෙක් තෝරමු 🥰🥰🥰🥰🥰

ගාලු පොත් වසන්තයට Bookrack ප්‍රකාශන සමග මගේ "අහස් සයුර මැද" නව කතාවත් ඔබ හමුවට ඒවි  D37 සහ D38 කුටිවලින්🥰🥰🥰🥰🥰
15/10/2026

ගාලු පොත් වසන්තයට Bookrack ප්‍රකාශන සමග මගේ "අහස් සයුර මැද" නව කතාවත් ඔබ හමුවට ඒවි D37 සහ D38 කුටිවලින්🥰🥰🥰🥰🥰

අතිශය ප්‍රථම වතාවට
ගාලු පොත් වසන්තයට Bookrack ආගමනය...
2026 ඔක්තොම්බර් 23-29 දක්වා
ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ D ශාලාවේ කුටි අංක 37,38

මා විසින් රචනාකල අලුත් ම නව කතාව 'තරු  මං සලකුණු 'ඇතුලු සියලුම ග්‍රන්ථ ප්‍රකාශන ගාලු  පොත් වසන්තයේ  C37 ග්‍රන්ථ කුටියෙන්...
14/10/2026

මා විසින් රචනාකල අලුත් ම නව කතාව 'තරු මං සලකුණු 'ඇතුලු සියලුම ග්‍රන්ථ ප්‍රකාශන ගාලු පොත් වසන්තයේ C37 ග්‍රන්ථ කුටියෙන් ඔබට ලබා ගත හැක...

ග්‍රන්ථ නැවතත් ගාලු පොත් වසන්තයට!
සියලුම ග්‍රන්ථ ප්‍රකාශන හා බෙදාහැරීම් C37 ග්‍රන්ථ ප්‍රකාශන කුටියෙන් මිල දී ගත හැකිය 💚📚

Address

Pannipitiya
Pannipitiya
10230

Telephone

+94714889995

Website

Alerts

Be the first to know and let us send you an email when SUKEE MANU BOOKS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SUKEE MANU BOOKS:

Shortcuts

Share