29/10/2026
නැතිවුණු relationship එකක් පස්සේ යන්න එපා!
නැතිවුණු ආදරයක හිරවෙලා ඔයාගේ ජීවිතය නවත්තගන්න එපා. කෙනෙක් ඔයාගේ ජීවිතයෙන් ඈත් වුණේ මොන හේතුවක් නිසා වුණත්, ඔයා ඉදිරියට යන්න ඕනේ. ඒ කෙනා ගිය පමණින් ඔයාගේ ජීවිතයේ වටිනාකම අඩු වෙන්නේ නැහැ.
Psychologically, අපේ mind එකට පුරුදු වෙච්ච දේවල් අතහරින්න අමාරුයි. ඒ නිසා සමහර වෙලාවට අපිට වේදනාවක් දෙන කෙනෙක්ව වුණත් අපිට මතක් වෙනවා, එයාව අපිට miss වෙනව. ඒකට හේතුව ඒ කෙනා අපිට හොඳම කෙනා වීමම නෙවෙයි. ඒත් අපිට මගහැරෙන්නේ ඒ මතකයන්, ඒ බැඳීම සහ ඒ කෙනා එක්ක අපි හිතාගෙන හිටපු අනාගතයයි. ❤️🩹
But remember, missing someone doesn't mean you have to go back to them.
ඔයා කෙනෙක්ට ආදරය කළා කියලා, ඔයාගේ self-respect එකයි mental peace එකයි කැප කරන්න ඕනේ නැහැ.
ඔයාගෙ ජීවිතේ එකතැන හිරවෙලා වගේ දැනෙනවනම්, ඔයාට හුස්ම ගන්න බෑ, පපුව පවා හිර වෙලා වගේ දැනෙනව නම්, කන්න හිතෙන්නෑ, කිසිම දෙයක් කරකියාගන්න බෑ, අඩුම තරමේ...නාන්න, ඇදුම් මාරුකරන්නවත් හිතෙන්නේ නැත්නම්.... මනෝවෛද්‍ය උපදේශනයට යොමුවන්න.
🇱🇰