Sunil Gunarathna

Call Directions

Sunil Gunarathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunil Gunarathna, Medical and health, L/80, New Town, Ampara.

19/10/2026

භුජංගාසනය -
මෙම ආසනයේදී අෂ්ටාංග ආසනයේ සිටින ඔබගේ දෙඅත්ල හොඳින් බිම තබා දෙපා පිටුපස දිගු කර බිමට පහත් වෙමින් දෙපාවල පාදයේ ඇඟිලි බිම තබන්න. කොඳු ඇට සන්ධියේ සිට පාදයේ ඇඟිලි දක්වා කොටස් බිම ස්පර්ශ වන්නට තබා ශරීරයේ ඉදිරි කොටස ඉහළට ඔසවමින් අත් දෙක සෘජුව තබාගනිමින් ඉහළ හිරු දෙස බලන්න.
මෙම ඉරියව්ව මගින් ලබාගත හැකි ප්‍රයෝජන වන්නේ කොඳු ඇට පෙළ නම්‍යශීලීව තබා ගනිමින්, පිටුපස ප්‍රදේශයේ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර සුසුම්නා ස්නායු ප්‍රබෝධමත් කරයි. තවද, එය ප්‍රජනක අවයව ස්ථාවර කර, ජීරණ පද්ධතිය උත්තේජනය කරමින් මලබද්ධය සමනය කරයි. මෙයින් අක්මාව ප්‍රබෝධමත් වන අතර වකුගඩු හා අධිවෘක්ක ග්‍රන්ථි සම්බාහනය වේ.

යෝග ආසන.
18/10/2026

යෝග ආසන.

17/10/2026

අෂ්ටාංග නමස්කාරය-
ඔබගේ සම්පූර්ණ කඳ කොටසක් බිමට පහත්කර මුනින් අතට හැරී දෙයත් පපුව සමීපයේ ශරීරයට දෙපසින් බිම තබන්න.දෙපා ඇඟිලි දෙදණ පපුව නිකට හෝ නළලෙන් බිම ස්පර්ශවන සේ තබා ගනිමින් යටි බඩ සහ නිතඹ ඔසවාගත යුතුය.
මෙම ආසනය මගින් කකුල් සහ අතෙහි මාංශ පේශි ශක්තිමත් කරයි, පපුව වර්ධනය කරයි. සහ උරහිස් තල අතර පිහිටි කොඳු පෙළ ප්‍රදේශයට ලිහිලනයක් ඇතිවෙයි.

16/10/2026

හදිසියෙන් මෙයා හම්බ වුනා එයාට පාර මාරු වෙන්න පොඩි ආරක්ෂාවක් දුන්නා.බලන්න අඳුරනවද කියලා.

15/10/2026

කායික මානසික ලිහිලනය සඳහා යෝග පුහුණුවන නිලධාරීන්,

ඔක්තෝබර් මාසයේ 10  වන දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරමින් "සැබෑ අත්දැකීම් වලට සවන් දෙමු- සැබෑ හඩින්,යථාර්ථවාදී වෙන...
14/10/2026

ඔක්තෝබර් මාසයේ 10 වන දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරමින් "සැබෑ අත්දැකීම් වලට සවන් දෙමු- සැබෑ හඩින්,යථාර්ථවාදී වෙනසක් " තේමා කරගනිමින් අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමා වන අනූපම මංගල වික්‍රමාරච්චි මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා වන එස්. ජෙගරාජන් මහතාගේ මෙහෙයවීම යටතේ රාජ්‍ය ආයතන නිලධාරීන් ,උපදේශන නිලධාරීන් ,පාසල් උප⁣දේශන ගුරුවරුන් ඒකරාශි කර ගනිමින් කායික හා මානසික ලිහිලනය සදහා පැවැත් වූ වැඩසටහන් මාලාවේ යෝග දැනුම හුවමාරු කරගත් අවස්ථාවක්.

13/10/2026

දරුවාගේ සිතේ ස්වභාවය.අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි.

12/10/2026

පර්වතාසනය -
දෙඅත් බිම ස්පර්ශ වන ලෙස ඍජුව තබා ගනිමින් ශරීරය කන්දක ස්වරූපයෙන් තබා ගනිමින් දෙඇස් පාදයන් දෙසට යොමු කරන්න තවද ඉරියව්වේදී සම්පූර්ණයෙන්ම යටිපතුල් බිම ස්පර්ශ වන සේ ධන හිස් කෙලින් තබාගන්න
මෙම ආසනය මගින් දෑත් සහ පාදවල ස්නායු, මාංශ පේශි ශක්තිමත් වේ. කොඳු ඇට පෙළේ ස්නායු නිරෝගී වන අතර විශේෂයෙන් උඩු කොඳු ඇට පෙළේ සහ උරහිස් තල අතර රුධිර සංසරණය නිවැරදිව උත්තේජනය වීමක් සිදු වෙයි.

අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටවෙහෙර ග්‍රාම සේවා වසමේ එකමුතු කාන්තා සමිතියේ සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ...
11/10/2026

අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටවෙහෙර ග්‍රාම සේවා වසමේ එකමුතු කාන්තා සමිතියේ සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ලැබූ ලෝක ළමා දින සැමරුම් උත්සවය. එහිදී "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන්න තේමා කරගනිමින් දරුවන් සමග ගත කළ කෙටි කාලයේ අවස්ථා කිහිපයක්.

10/10/2026

අශ්වසංචලනාසනය..
අත් දෙක දකුණු පාදයේ දෙපසින් බිම තබා දෙඅත් සෘජුව තබා ගන්න. නැමී ඇති දකුණු දණහිස අංශක 90ක කෝණයක ආකාරයෙන්ද ඇඟිලි පමණක් බිම ගෑවී ඇති වම් පාදයේ සිට හිස දක්වා සිරුර සෘජුවද තබාගන්න.සූර්යයා දෙස බලා සිටින්න.
මෙම ආසනය මගින් උදරයේ අභ්‍යන්තර අවයව සම්බාහනය කර ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි, කකුලේ මාංශ පේශි ශක්තිමත් කරන අතර ස්නායු පද්ධතියේ සමතුලිතතාවය ඇති කරයි.

Address

L/80, New Town
Ampara
32000

Telephone

+94713757609

Website

Alerts

Be the first to know and let us send you an email when Sunil Gunarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share