13/08/2026
ශ්රී ලංකාවේ පවතින උෂ්ණ සහ තෙතමනය සහිත (humid) දේශගුණය, ජීවන රටාව සහ පාරිසරික සාධක හේතුවෙන් බහුලව දැකිය හැකි සමේ රෝග ප්රධාන කාණ්ඩ කිහිපයකට බෙදා
හඳුනාගත හැකිය.
1. දිලීර ආසාදන (Fungal Infections)
උණුසුම් හා දහඩිය අධික පරිසරය නිසා දිලීර ආසාදන ඉතා සුලබ දැකිය හැක.
🧴අළුහම් (Pityriasis Versicolor / Tinea Versicolor):
සම මත සුදු, දුඹුරු හෝ රෝස පැහැති ලප ඇතිවීම සහ ඇතැම් විට කැසීම හටගැනීම.
🧴දද / කුෂ්ඨ (Ringworm / Tinea):
රවුම් හැඩැති රතු පැහැති දාර සහිත කැසීම්,දහදිය සමග වැඩි වීම (ඉකිලි, කිහිලි, පාද ආශ්රිතව බහුලයි).
🧴කැන්ඩිඩියාසිස් (Candidiasis):
දහඩිය රැඳෙන සමේ නැමීම් අතර ඇතිවන රතු පැහැති, දැවිල්ල සහිත ආසාදනයකි.කාන්තාවන් ගේ යෝනිමාර්ගය ආශ්රිතව බහුලව ඇත. මුඛයේ, හා කන් වලද ඇතිවිය හැක.
2. අසාත්මිකතා සහ ප්රදාහ තත්ත්වයන් (Allergies & Inflammatory Conditions)
🧴එක්සිමා හෙවත් දද (Eczema / Dermatitis):
සම වියළීම, රතු වීම, දැඩි කැසීම සහ සම පොතු ගැලවී යාම,වර්ෂයේ කාලයකදි නැති වී කාලකදි ඇති වීම දැකිය හැක.
🧴ස්පර්ශක ආසාත්මිකතා (Contact Dermatitis):
සබන්, රෙදි සෝදන කුඩු, රසායනික ද්රව්ය,සීතල ජලය,ඇතැම් ආභරණ හෝ ශාක වර්ග සමේ ගැටීම නිසා හටගන්නා අසාත්මිකතා.
🧴පලු දැමීම (Urticaria / Hives):
ආහාර (විශේෂයෙන් ඉස්සන්, දැල්ලන්, බලමාළු වැනි), ඖෂධ හෝ කෘමි දෂ්ටන නිසා සම මතුපිට හදිසියේ රතු පැහැති බිබිලි/පලු මතුවීම.
🧴සොරයිසිස් (Psoriasis):
සමේ ඝනකම්, රිදී පැහැති පොතු සහිත රතු ලප ඇතිවන ප්රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිත රෝගී තත්ත්වයකි. 😖 කැසීම හා සමහර විට දැවීම, කොරපොතු ඉවත් කල විට සමෙන් දියර හෝ ලේ මතු වීම. ✋වැලිමිට , දණහිස්, හිස්කබල සහ පිටුපස බහුලව ඇත.
3. බැක්ටීරියා ආසාදන (Bacterial Infections)
🧴ඉම්පෙටිගෝ (Impetigo):
කුඩා දරුවන් අතර බහුලව දැකිය හැකි, කහ පැහැති කබොලි බඳින බිබිලි සහිත බෝවන ආසාදනයකි.
🧴රෝම කූප ආශ්රිත ගෙඩි (Boils / Folliculitis):
දහඩිය සහ දූවිල්ල නිසා රෝම කූප අවහිර වී බැක්ටීරියා ආසාදනය වීමෙන් සැරව පිරුණු ගෙඩි හටගැනීම.
4. පරපෝෂිත සහ කෘමි ආසාදන (Parasitic & Insect-related)
🧴හොරි (Scabies):
පියවි ඇසට නොපෙනෙන මයිටාවන් (Mites) මඟින් බෝවන, විශේෂයෙන් රාත්රී කාලයට අධිකව කසන රෝගයකි.කුඩා ළමුන් අතර බහුලව දක්නට ලැබේ.
🧴කෘමි දෂ්ටන ආසාත්මිකතා (Insect BiteReactions):
මදුරුවන්, මැස්සන් හෝ කීඩෑවන් දෂ්ට කිරීම නිසා හටගන්නා කැසීම් සහ තුවාල.
5. දේශගුණය සහ හෝමෝන ආශ්රිත ගැටලු
🧴කුෂ්ඨ / ගිනි බිබිලි (Heat Rash / Prickly Heat):
අධික දහඩිය දැමීම නිසා දහඩිය ග්රන්ථි අවහිර වීමෙන් හටගන්නා කුඩා රතු බිබිලි.
🧴කුරුලෑ (Acne):
නව යොවුන් වියේදී සහ තරුණ පරපුර අතර මුහුණ, පිට සහ පපුව ප්රදේශවල බහුලව දැකිය හැක.
‼️සැලකිය යුතුයි:සමේ රෝගයකදී ස්වයං ප්රතිකාර (විශේෂයෙන් ෆාමසිවලින් හිතුමතේ ස්ටෙරොයිඩ් ආලේපන ලබාගැනීම) නොකර, නිසි චර්ම රෝග වෛද්යවරයකු (Dermatologist) හෝ පවුලේ වෛද්යවරයකු හමු වී ප්රතිකාර ලබාගැනීම වැදගත් වේ.
Dr sachith madusanka
MBBS (Srilanka )
SLMC 41457