Suwahas Clinic

Call Directions Website Contact the business

Suwahas Clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suwahas Clinic, Medical and health, Colombo.
(1)

Suwahas Online Channeling +94741169498 (Whatsapp number)

Join Suwahas Clinic Youtube
https://www.youtube.com/

Suwahas Clinic Tiktok page
https://www.tiktok.com/.chaya.suwahasclinic?_r=1&_t=ZS-92LNo1DJqXk

Registered Ayurvedic doctor

08/10/2026

තවත් සුන්දර ගැබ්ගැනීමක කතාවක්🤰❤️🥰

වෛද්‍යතුමියගේ Online Channeling සේවාව හා සම්බන්ධ වීමට 0741169498 චැනලින් අංකයට වට්ස්ඇප් ඇමතුමක් යොමුකරන්න

එක්වන්න අපගේ Youtube නාලිකාව සමග
https://www.youtube.com/

Tiktok : https://www.tiktok.com/.chaya.suwahasclinic?_r=1&_t=ZS-969u3TD6NOf



**es **esdates

02/10/2026

තවත් සාර්ථක ගැබ්ගැනීමක කතාව!!!🤰❤️😍

වෛද්‍යතුමියගේ Online Channeling සේවාව හා සම්බන්ධ වීමට 0741169498 චැනලින් අංකයට වට්ස්ඇප් ඇමතුමක් යොමුකරන්න

එක්වන්න අපගේ Youtube නාලිකාව සමග
https://www.youtube.com/

Tiktok : https://www.tiktok.com/.chaya.suwahasclinic?_r=1&_t=ZS-969u3TD6NOf



**es **esdates

02/09/2026

සැබෑවුන තවත් කිරිසිහිනයක කතාව!!!🤰❤️😍

වෛද්‍යතුමියගේ Online Channeling සේවාව හා සම්බන්ධ වීමට 0741169498 චැනලින් අංකයට වට්ස්ඇප් ඇමතුමක් යොමුකරන්න

එක්වන්න අපගේ Youtube නාලිකාව සමග
https://www.youtube.com/

Tiktok : https://www.tiktok.com/.chaya.suwahasclinic?_r=1&_t=ZS-969u3TD6NOf



**es **esdates

12/08/2026

තවත් කිරි සිහිනයක සැබෑවීමක්!!!🤰❤️😍

වෛද්‍යතුමියගේ Online Channeling සේවාව හා සම්බන්ධ වීමට 0741169498 චැනලින් අංකයට වට්ස්ඇප් ඇමතුමක් යොමුකරන්න

එක්වන්න අපගේ Youtube නාලිකාව සමග
https://www.youtube.com/

Tiktok : https://www.tiktok.com/.chaya.suwahasclinic?_r=1&_t=ZS-969u3TD6NOf



**es **esdates

අපිත් ආසයි ඔයාගේ දරුවෙක් බලන්න!!!වීඩියෝ එක දාලා උපරිම දවසක් ඇති...ඒත් බබෙක්ට try කරලා මාස2යි pregnant වුනේ නෑනේ කියලා මෙ...
10/08/2026

අපිත් ආසයි ඔයාගේ දරුවෙක් බලන්න!!!

වීඩියෝ එක දාලා උපරිම දවසක් ඇති...
ඒත් බබෙක්ට try කරලා මාස2යි pregnant වුනේ නෑනේ කියලා මෙයාලා appointments book කරනවනේ...🫣

ආච්චිලා /අත්තම්මලා වෙන්න ආසාවෙන් ඉන්න ආදරණීය අපේ අම්මලාට කියන්න ඕනෙ..දුවලට ටිකක් ඉන්න දෙන්න ඔයාලා ආස වුනත්..ආසාව පොඩ්ඩක් හිතේ තියන් ඉන්න.

👉අපි වයසට යන්න කලින් ළමයි හදන්න...
👉තව වයසට ගියොත් නම් අපිට බබාව නාවන්න වත් බැරිවෙයි ඒනිසා හදන ළමයෙක් දැන්ම හදන්න..
👉අර පිරිමි ළමයා වයසයිනේ ඔයා තරුණ වුනාට ඒනිසා හදන්න...
👉අපි නම් 30 පැනලා ළමයි හැදුවෙ නෑ බයටම ඇයි මේ ඔයාලා ඕක පරක්කු කරන්නේ..
👉මෙයාල ඔක්කොම කරන ඒවා කරනව ලමයි හදන්නේ නැතුව, ඇයි තව පරක්කු ඕකට...
👉අන්න නැන්දගෙ දුව pregnant කියලා කිවුවා ඔයාලා ඊට කලින් බැදලත් ඇයි මේ පරක්කු...
👉දැන් බැදලා අවුරුද්දක්ම ගියානෙ, හැදෙනවම් මේ වෙනකොට ළමයෙක් හැදෙන්න ඕනේ,ළමයි නැද්ද දන්නේ නෑ ඩොක්ටර් කෙනෙක් වත් බලන්න වෙයි.....

අම්මේ.....අපි පොඩ්ඩ්ක් දුවට ඉන්න දෙමුද?

ඔයාගෙ දුව උත්සහ කරන්නත් කලින්ම මට බබාලා නෑ කියලා බයටම අතෑරලා දානව නැත්නම්..
අපි එයාලට හයියක් වෙන්න ඕනේ...සමහරවිට අපි ආදරේට /ආසවට කියන දේවල් එයාලා ඔයාලට නොපෙන්නුවට හිත ඇතුලෙන් ලොකුවට කල්පනා කරන්න ගන්නවා..ඒක අහද්දි ගනන් ගන්නේ නෑ වගේ හිටියට හිතෙන් විදවනවා...

ඒනිසා එයාලා මුණුබුරා /මිණිබිරිය අරන් එනකන් අපි චුට්ටක් ඉවසමුද? මං හිතන්නේ ඔයාලට එයාව ගෙනත් දෙන්න ඕනෙම දුවෙක් මග බලන් ඉන්නවා..

~Dr.Chaya~



**es **esdates # ovariancyst

09/08/2026

තවත් අපේ ගැබ්ගැනීමක්!!!

වෛද්‍යතුමියගේ Online Channeling සේවාව හා සම්බන්ධ වීමට 0741169498 චැනලින් අංකයට වට්ස්ඇප් ඇමතුමක් යොමුකරන්න

එක්වන්න අපගේ Youtube නාලිකාව සමග
https://www.youtube.com/

Tiktok : https://www.tiktok.com/.chaya.suwahasclinic?_r=1&_t=ZS-969u3TD6NOf



**es **esdates

ජීවිතේ හරිම අමාරු කාලයක් ගතවෙනවා...මගේ ඇතැම් රෝගීන් කලින්ම මේක දන්නවා..අම්මගේ අසනීපය එක්ක හිතුවට වඩා හැමදේම කළමනාකරණය කර...
23/07/2026

ජීවිතේ හරිම අමාරු කාලයක් ගතවෙනවා...මගේ ඇතැම් රෝගීන් කලින්ම මේක දන්නවා..අම්මගේ අසනීපය එක්ක හිතුවට වඩා හැමදේම කළමනාකරණය කරන්න අමාරු උනා ඇය වෙනුවෙන් වැඩිම කාලයක් වෙන්කරන නිසා...

යම් යම් ප්‍රමාදයන් මේ කාල සීමාවේදී වෙන්න ඇති.ICU එකේ ගතකල කාල සීමාවේ ඇතැම් අවිනිශ්චිත තත්වයන් සමග මම appointments කල්දැම්මා..බෙහෙත් ලැබීම් වල යම් යම් ප්‍රමාදයන් සිදුවුනා.මේ සියල්ල ඉතා යහපත් ලෙස ඉවසා මේ අසීරු මොහොතේ මට සහය වුන මගේ සියලු රෝගීන්ට බොහෝම ස්තූතියි !

මේ අතර හිතට සතුට ගෙන දෙන යම් යම් දේත් සිදුවෙනවා..අම්මා සමග මම මේ පැත්තේ ward එකේ ඉද්දි එහා ward එකේ මගේ treatments වලින් pregnant වෙලා delivery කරපු මගේ රෝගීන් සිටීම හිත පිරිලා යන කාරණා...🥹❤️

නැවතත් සියල්ල කළමනාකරණය කර ඇතිබැවින් ප්‍රමාදවීම් වලින් තොරව පෙර සේ චැනලින් සේවාව හා ඔබට එක්විය හැකියි.

~Dr.Chaya~

මොකක්ද මේ emergency c-section කියන්නේ? අනිත් චැනලින්/ scan නවත්‍තලා යන්න තරම් මොකක්ද මේක?මම මගේ කතාවෙන් ඒ ගැන කියන්නම්.....
12/07/2026

මොකක්ද මේ emergency c-section කියන්නේ? අනිත් චැනලින්/ scan නවත්‍තලා යන්න තරම් මොකක්ද මේක?

මම මගේ කතාවෙන් ඒ ගැන කියන්නම්..මම normal delivery එකකට ready වෙලා ගියත් මට අන්තිම වෙනකන්ම කිසිම pain එකක් තිබුනේ නෑ..labour room දැම්මට පස්සේ ටික ටික pains , contractions එන්න ගත්තත් cervix open වුනේම නැහැ.අන්තිමට සර් waer bag එක rupture කරලා ගියා ටිකක් රිදෙයි කියලා..

එතනින් එහාට...මට මතක විදියට මගේ පියවි සිහිය අඩු වුනා විතරයි...ඒ එන pain එක දරාගන්නම බෑ..මට හුස්ම ගන්නත් අමාරු වේගෙන එන්න ගත්තා.
රුධිර වහනය/ අදික වේදනාව/ එක දිගට එන contractions /හුස්ම ගැනීමේ අපහසුතාවය එක්ක මම කිවුවා මට තවත් නම් එක විනාඩියක් වත් ඉන්න බෑ මාව c-section එකකට ගන්න කියලා සර්ට request කරන්න කියලා..Ninewells labour room හිටපු අය ඉන්න ඩොක්ටර්..අපි සර්ට කෝල් කරලා අහන්නම් කියලා, මට ඇවිත් කිවුවා සර් ok කිවුවා..ඩොක්ටර් relax ඉන්න සර්ගේ team එක විනාඩි15න් Emergency C-section එකට Ready වෙනවා කියලා...

දෙවියනේ විනාඩි 15...මන් කිවුවා අනේ මට විනාඩි 15ක් ඉන්න බෑ මම මැරෙයි..මට ඉවසන්නම බෑ කියලා...
ඔයාලට කියන්න මගේ ජීවිතේ ගෙවපු අතිශය තීරණාත්මක ...අතිශය වේදනාකාරී මට කල්පයක් විදියට දැනුන ඒ විනාඩි 15............... නමුත් ඊට කලින් සර්ගේ team ready වුනා.. 🙏

මට labour room එකේ ඉදලා Operation theater එකට යන්න ඒ bed එකෙන් මේ bed එකට මාරු වෙන්න වත් බෑ එක ළග ලග හුස්ම හිරකරන ගමන් contractions එන්න ගත්තා...

මට මතකයි විජිත් සර් එන්න කලින් සර්ගෙ assistant procedure එක පටන් ගද්දි මම අඩ අඩා ඇහුවා අනේ සර් මගේ බබාට මුකුත් වෙන්නේ නැතිවෙයි නේද කියලත්...සර් හිනා වෙලා කිවුවා බයවෙන්නෙපා මේන්න මේ tissue එකෙන් කදුලු පිහදාගෙන දැන් ඉන්නකො කියලා...

ඉතින් emergency අවස්ථාවකදී ජීවිත2කක වගකීමක්...ඉන්න දරුවන් ගනන වැඩිනම් ඊටත් වැඩි වගකීමක්...මට අනුව අන්තිම මොහොතේ ඔය ජීවිත 2න් එකක් හරි නැතිවුනොත්( අම්මා හෝ දරුවා) අනිත් ජීවිතේ පන පිටින් හිටියත් මුලු ජීවිත කාලෙම මැරිලා වගේ තමයි ඉන්න වෙන්නේ....

ඒනිසා....අපි හැමෝම මතක තියාගන්න ඕනේ අපිටත් ඕනෙම වෙලාවක මේ වගේ දෙයක් උනොත්...අද මට වගේ හෙට ඔයාට...මේක කියවන ඔයාගෙ බිරිඳට වෙන්න පුලුවන් මේක...එදා ඉදන් emergency වලට සර්ලා යන හැමවෙලේම මම පතනවා අනේ මම වගේ තව කෙනෙක් වෙනුවෙන් මේ යන්නේ කිසිම කරදරයක් ඒ 2න්නට වෙන්නෙපා කියලා.

Emergency කියද්දිම සරලවම
ඔලුවට ගන්න......වෛද්‍යවරයෙක් දුවන්නේ තව මොහොතක් හරි ජීවත් වෙන්න දගලන / පණ අදින ජීවිතයක් එයා එනකන් බලාගෙන ඉන්න නිසා කියලා..

එදා මගේ Emergency c-section එක නිසා විජිත් සර්ගේ Channeling ආව සෑහෙන්න දෙනෙක් wait කරන්නැති සර් මගේ delivery එක ඉවර වෙලා එනකන්...! අද මේක මොහොතක් කරගන්නවා හැමෝටම ඒ දරාගැනීම වෙනුවෙන් ස්තූති වන්ත වෙන්න..මොකද ඔයාල ඉවසීමෙන් ඔයාලගේ වෙලාව කැපකරලා මටයි දරුවටයි ජීවත් වෙන්න ඉඩ දුන්නට❤️

මොනවද මේ චොකලට් සිස්ට් කියන්නේ? චොකලට්? මට ඒ ඇහුන නම හරිද? ඇත්තටම ඩිම්බකෝෂ වල මෙහෙම ගෙඩි ඇතිවෙන්න පුලුවන්ද?මේවාට ප්‍රථික...
03/07/2026

මොනවද මේ චොකලට් සිස්ට් කියන්නේ? චොකලට්? මට ඒ ඇහුන නම හරිද? ඇත්තටම ඩිම්බකෝෂ වල මෙහෙම ගෙඩි ඇතිවෙන්න පුලුවන්ද?

මේවාට ප්‍රථිකාර තියෙනවද? Surgery කරන්නේ නැතුව අපිට පුලුවන්ද ගෙඩිය හෙමින් අඩුවෙලා යන ප්‍රථිකාර කරන්න...ආයුර්වේද බෙහෙත් වලට පුලුවන්ද ඇත්තටම ඔය වැඩේ කරන්න.😲😲😲

Endometriosis කියන ලෙඩේ අහලා තියෙනවද ඔයාලා? ඩිම්බකෝෂ ඇතුලත මෙන්න මේ ගර්භාෂ බිත්ති වලට සමාන පටක ගිහින් තැන්පත් වුනාම ඒවා ඇතුලත හැම මාසෙම bleeding වෙන්න ගන්නවා.ඩිම්බ කෝෂ වල ඇතිවන ලේ පිරුණු ගෙඩියකට තමයි Chocolate cyst කියලා කියන්නේ.ඉතින් ගෙඩි ඇතුලේ පරණ ලේ තියෙන නිසාත් මේ ලේ චොකලට් පාටට සමාන නිසාත් chocolate cyst කියලා හදුන්වනවා...

👉යටි උදරයේ අසාමාන්‍ය වේදනාව
👉ඔසප් කාලයේ අසාමාන්‍ය වේදනාව
👉ලිංගිකව එකතුවීමේදී අසාමාන්‍ය වේදනාව
👉ගැබ්ගැනීමේ ප්‍රමාදවීම්
👉ඔසප් සමයේ අසාමාන්‍ය රුධිර වහනය

මෙන්න මේ වගේ ඉතා අපහසු ලක්ෂණ රෝගීන්ට එන්න පුලුවන්.

මගේ රෝගියාගේ කතාව🥺🥺⬇️⬇️⬇️

ඇය බැංකු නිළදාරිණියක්.නුවර ප්‍රදේශයේ සිට Online channeling හරහා ප්‍රථිකාර වෙත යොමුවන කෙනෙක්.
අවුරුදු 13 ක සිට බබෙක්ට try කරන කෙනෙක් එයා.ප්‍රසිද්ද බටහිර /ආයුර්වේද වෛද්‍යවරු සියල්ල ළගට ගිහින් මේ අවුරුදු 13 පුරාවට ප්‍රථිකාර ගත්ත කෙනෙක්.

2015 laparoscopy
2018 Endometriosis පෙනහලු වලටත් පැතිරුණු කෙනෙක්.
2024 myomectomy

එක්ක IVF 3ක් කරලා අසාර්ථක වුන කෙනෙක්...😢

මේ හැමදෙයින්ම පස්සේ නැවතත් Endometriosis තියෙන නිසා ගර්භාෂය අයින් කරමු කියන තැනටම එනවා වයසත් වැඩිනිසා.ඒත් ඊට කලින් me**es මාස 3ක් වගේ නවත්තලා ආයෙම IVF එකක් කරමු කියලා තීරණය කරලා mensus නතර කරන බෙහෙත් අරන් ගෙදර ගෙනල්ලත් මගේ වීඩියෝ එකක් දැකලා ..කමක්නෑ මේවා නොබී එක පාරක් කරලා බලනවා කියලා හිතලා treatments පටන් ගත්ත කෙනෙක්.

ඉතින් මේ සියල්ලෙන් පස්සෙ මා වෙත යොමුවෙද්දිත් 5.7 * 5.1 cm Chocolate cyst with endometriosis පැවතියා.

ප්‍රථිකාරයෙන් පසු
5.7 * 5.1cm ගෙඩිය සම්පූර්ණ නැතිවී ඇතිබව තහවුරු වුනා...🥹🥹

ඉතින් ඇගේ සතුට කොපමණද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද?...

ප්‍රථිකාරය තවමත් ක්‍රියාත්මකයි...❤️🌿

පතමු ඒ කුසටත් පුන්චි පැටියෙක් ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා...🍼👶🧑‍🍼

මා මේ සමග පෙර සහ පසු වෛද්‍යවාර්ථා අමුනන්නම් ඔබ සියල්ලන්ටම අදහසක් ගන්න.

ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිණී
Online ප්‍රථිකාර සදහා පහත දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් ඇමතුමක් යොමුකරන්න

☎️0741169498

~Dr.Chaya. BAMS (Hons.)
University Of Colombo ~



**es **esdates # ovariancyst

ඩිම්බ කෝෂ වල ගෙඩි වලට ආයුර්වේද ප්‍රථිකාර සාර්ථකද????මා මීට පෙරත් වීඩියෝ හරහා මේ දේවල් කතාකරලා තියෙනවා..ඉතාම සාර්ථක ආයුර්...
24/06/2026

ඩිම්බ කෝෂ වල ගෙඩි වලට ආයුර්වේද ප්‍රථිකාර සාර්ථකද????

මා මීට පෙරත් වීඩියෝ හරහා මේ දේවල් කතාකරලා තියෙනවා..ඉතාම සාර්ථක ආයුර්වේද ප්‍රථිකාර මේ සදහා ඇතිබව.මෙලෙසම පෙර / පසු වෛද්‍ය වාර්තා සමග මම ඒවා ඉදිරිපත් කරලා තියෙනවා.

👉 ප්‍රථිකාරයට පෙර දකුණු ඩිම්බ කෝෂයේ 5.3cm * 4.6cm ගෙඩියක් පැවතියා...

👉 ප්‍රථිකාරයට පසු පෙර පැවති දකුණු පස ඩිම්බ කෝෂයේ ගෙඩිය නැතිවී ගොස් ඇත...🥹🥹🥹

වෛද්‍ය චායා සිතුමිණී
Suwahas Online Channeling
Ayu.Reg No.16046
BAMS(Hons.)University Of Colombo

✅Online channeling හරහා ප්‍රථිකාර ලබාගැනීමට
0741169498 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

ඇය අවුරුදු 5ක සිට දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින ඔසප් වීමේදී වේදනාව සහිත කාන්තාවක්.ඇයගේ පළමු scan පරීක්ෂණයට අනුව Endometriosis සහ ඩිම්බකෝෂ වල විශාල ගෙඩියක් ඇතිබව දැනගත් අතර මුල් ප්‍රථිකාරය මේ සදහා ඒ අනුව සිදුකරනවා.ඇයගේ වේදනාව සම්පූර්ණයෙන් පහවන අතර ප්‍රථිකාරය අතර ගන්නා පළමු scan පරීක්ෂණයේදීම ඇයගේ ගෙඩිය නැතිවී ඇති බව තහවුරු වෙනවා.ප්‍රථිකාරය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වේ...

ඩිම්බ කෝෂ ගෙඩි🧍‍♀️😢

ඩිම්බකෝෂ ගෙඩි (Ovarian Cysts) යනු කාන්තාවන්ගේ ඩිම්බකෝෂය තුළ හෝ එහි මතුපිට ඇතිවන කුඩා හෝ විශාල ගෙඩි වේ. බොහෝ අවස්ථාවලදී මේවා අහිතකර නොවන අතර ස්වභාවිකවම අඩුවී යා හැක. නමුත් සමහර ගෙඩි එසේ ස්වභාවිකව අඩු නොවන අතර ක්‍රම ක්‍රමයෙන් ප්‍රමාණය විශාල වී ගැටලු ගනණාවක් ඇතිකල හැක.

කෙසේ වෙතත්, සමහර ගෙඩි
👉වේදනාව
👉මාසික ඔසප් චක්‍රයේ අක්‍රමිකතා
👉බඩ පිපීම හෝ
👉දරුවන් පිලිසිද ගැබීමට බලපෑම් ඇති කළ හැක.

මෙය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදුකර ප්‍රථිකාර ලබාගැනීම වැදගත් වේ.

ගෙඩිය ඉතා විශාල වීමට පෙර ප්‍රථිකාරය පහසුවන අතර ආයුර්වේදයේ සිදුකරන ප්‍රථිකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

ආයුර්වේදයේ මේ සදහා විවිධ ප්‍රථිකාර පවතින අතර නිවැරදි ඖෂධ සහ ආහාර විහරණ ආදී කාරණයන්ගෙන් ඉතා හොද ප්‍රථිඵල ලබාගත හැක.

සටහන :- වෛද්‍ය චායා සිතුමිණී



**es **esdates # ovariancyst

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Suwahas Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suwahas Clinic:

Shortcuts

Share