23/08/2026
දියවැඩියාව ආපසු හැරවීම
දියවැඩියාව පාලනය කර යථා තත්ත්වයට පත්කිරීම (Reversing diabetes) යනු අනුමානවලින් කළ හැකි දෙයක් නොවේ — එය පරීක්ෂා කර සොයාගත යුතු රහස් පරීක්ෂක කාර්යයකි.
දියවැඩියාව "යථා තත්ත්වයට පත්කිරීමට" උත්සාහ කිරීමට පෙර, රෝගියාට ඉන්සියුලින් ප්රතිරෝධය
(Insulin Resistance - දෙවන වර්ගයේ දියවැඩියාව ඇති කරන ප්රධාන දෝෂය)
තිබේද යන්න සහ එම දෝෂය කොතරම් බලවත්ද යන්න අප පරීක්ෂා කළ යුතුය.
ඉන්සියුලින් ප්රතිරෝධය යනු මුරණ්ඩු දොරටුපාලකයෙකු වැනිය:
ඔබේ ඉන්සියුලින් විනීතව දොරට තට්ටු කරයි,
නමුත් ඔබේ පේශි සහ අක්මා සෛල පවසන්නේ,
"කණගාටුයි මහත්මයා, අපි ඔබව අඳුනන්නේ නැහැ" කියාය.
එවිට සීනි ලේ තුළම ඉතිරි වන අතර,
රුධිර පරික්ශාවේ අගය (FBS) ඉහළ ගොස් අනතුරු අඟවන්නට පටන් ගනී.
ඉන්සියුලින් ප්රතිරෝධය පරීක්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි?
ඕනෑම ගැටලුවකට හේතුව අපි නොදන්නේ නම්, ගැටලුව විසඳන්නේ කෙසේද?
ඉන්සියුලින් ප්රතිරෝධය ප්රථමයෙන් හඳුනා නොගෙන දියවැඩියාව "යථා තත්ත්වයට පත්කිරීම" ගැන කතා කිරීම, බොනට් එක ඇර බලන්නේ නැතුව මග නැවතුන කාර් එන්ජිමක් හදන්න හදනවා වැනි වැඩකි.
දියවැඩියා ප්රතිකාරය ≠ ලේවල සීනි අඩු කිරීම පමණක් නොවේ.
ලේවල සීනි මට්ටමේ ඉලක්කම්වලට පමණක් ප්රතිකාර කිරීම යනු ගින්න නිවා දමන්නේ නැතුව ගිනි අනතුරු ඇඟවීමේ සංඥාව (Fire Alarm) ක්රියා විරහිත කිරීම වැනි දෙයකි.
දියවැඩියාව සැබවින්ම යථා තත්ත්වයට පත්කිරීමට නම්, අප පහත දෙකටම ප්රතිකාර කළ යුතුය:
1) සීනි මට්ටමට
2) සීනි මට්ටම ඉහළ යාමට හේතු වූ ඉන්සියුලින් ප්රතිරෝධයට.
🧪 පර්යේෂණවලින් කියැවෙන්නේ කුමක්ද?
දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගෙන් 90-95% දක්වා ප්රමාණයකට ඉන්සියුලින් ප්රතිරෝධය පවතී – ඇමෙරිකානු දියවැඩියා සංගමය (American Diabetes Association), 2022
https://diabetesjournals.org/care/article/45/Supplement_2/S125/147347
ඉන්සියුලින් ප්රතිරෝධය මගින් දියවැඩියා තත්ත්වය උග්රවීම සහ සංකූලතා ඇතිවීම පිළිබඳ ප්රබල ලෙස පූර්ව නිගමනය කළ හැක – Shulman GI, J Clin Invest (2000)
https://www.jci.org/articles/view/10842
ඉන්සියුලින් ප්රතිරෝධය අඩු කිරීම මගින් දියවැඩියාව සුව වීමේ (Remission) අනුපාතය ඉහළ යයි – DiRECT Trial (2018)
https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(17)33102-1/fulltext
ජීවන රටාවේ වෙනස්කම් මගින් ඉන්සියුලින් සංවේදීතාව (Insulin Sensitivity) සැලකිය යුතු ලෙස වැඩිදියුණු වේ – Look AHEAD Trial
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5606825/
ඔබට අවශ්ය වන්නේ "FaceBook ක්රමයට රිවර්ස්" නොව, සැබෑ ලෙසම දියවැඩියාවෙන් මිදී යථා තත්ත්වයට පත්වීමට නම් — ඔබ ඉන්සියුලින් ප්රතිරෝධය මැන බැලිය යුතු අතර ඊට ප්රතිකාර කළ යුතුය.
Nutrinex හිදී මෙන්, ව්යුහගත වෛද්ය පෝෂණ ප්රතිකාර (Medical Nutrition Therapy) +
සායනික ව්යායාම ප්රතිකාර (Clinical Exercise Therapy) +
ජීවන රටා චිකිත්සාව (Intensive Lifestyle Therapy)
මගින් මෙම දියවැඩියාව නැමති ගින්න නිවා දමා, එය නැවත පැමිණීම නතර කළ හැක්කේ එවිටය.