24/10/2026
“සර්, මම කෑමට ලුණු වැඩියෙන් දාන්නේ නැහැ. ඒත් මගේ BP එක වැඩියි. එහෙම වෙන්න පුළුවන්ද?”
ඔව්, පුළුවන්.
මොකද අපි දිනපතා ආහාරයට ගන්න ලුණු ප්රමාණය තීරණය වෙන්නේ කෑම පිසීමේදී එකතු කරන ලුණුවලින් විතරක් නෙමෙයි.
අපි නොදැනුවත්වම කන සමහර ආහාරවලත් ලුණු විශාල ප්රමාණයක් අඩංගු වෙන්න පුළුවන්.
අද බලමු අපේ දිනපතා ආහාරවලින් ලුණු ශරීරයට එකතු වෙන්නේ කොහොමද කියලා.
🧂 1️⃣ කරවල සහ ලුණු දැමූ මාළු
කරවල සහ ලුණු දමා කල් තබාගන්නා මාළු වර්ගවල සෝඩියම් (Sodium) වැඩි වෙන්න පුළුවන්.
ඒවා නිතර වැඩිපුර කනවා නම්, දවස පුරා ගන්නා මුළු ලුණු ප්රමාණය ඉහළ යන්න පුළුවන්.
🥒 2️⃣ අච්චාරු සහ ලුණු දැමූ ආහාර
අච්චාරු, ලුණු දැමූ මිරිස් සහ වෙනත් ලුණු යොදා සකස් කළ ආහාරවලත් සෝඩියම් අඩංගු වෙනවා.
ඒ නිසා කෑමට අමතරව මේවා වැඩිපුර එකතු කරගැනීම ගැන සැලකිලිමත් වෙන්න.
🍜 3️⃣ ක්ෂණික නූඩ්ල්ස් සහ සකස් කළ ආහාර
ක්ෂණික නූඩ්ල්ස්, සූප් පැකට් සහ සමහර සකස් කළ ආහාරවල ලුණු වැඩි වෙන්න පුළුවන්.
විශේෂයෙන් නූඩ්ල්ස් සමඟ ලැබෙන රසකාරක පැකට්ටුවේ සෝඩියම් ප්රමාණයත් සැලකිල්ලට ගන්න.
🍞 4️⃣ පාන් සහ බේකරි ආහාර
පාන්, බනිස් සහ වෙනත් බේකරි නිෂ්පාදනවලත් ලුණු අඩංගු වෙනවා.
මේවා හැම එකකම ලුණු ප්රමාණය එක සමාන නැහැ. නිතර කන ආහාරවල ලේබලය බලන්න පුරුදු වෙන්න.
🥫 5️⃣ සෝස් සහ රසකාරක
සෝයා සෝස්, තක්කාලි සෝස් සහ සමහර සකස් කළ රසකාරකවල සෝඩියම් වැඩි වෙන්න පුළුවන්.
කෑමට ටිකක් එකතු කළාට, දවස පුරා කිහිප වරක් භාවිත කළොත් මුළු ප්රමාණය වැඩි වෙන්න පුළුවන්.
🍪 6️⃣ බිස්කට් සහ පැකට් කළ කෙටි ආහාර
සමහර බිස්කට්, චිප්ස් සහ වෙනත් පැකට් කළ කෙටි ආහාරවලත් ලුණු අඩංගු වෙනවා.
රස පැණි නිසා හෝ ලුණු රස පැහැදිලිව නොදැනෙන නිසා ඒවායේ සෝඩියම් අඩුයි කියලා හිතන්න එපා.
🍛 7️⃣ පිටතින් මිලදී ගන්නා ආහාර
කඩවලින් මිලදී ගන්නා බත්, කොත්තු, ෆ්රයිඩ් රයිස් සහ වෙනත් ආහාර සකස් කිරීමේදී ලුණු, සෝස් සහ රසකාරක වැඩිපුර භාවිත කරලා තිබෙන්න පුළුවන්.
ඒ නිසා හැකි සෑම විටම ලුණු අඩුවෙන් දාන්න කියලා ඉල්ලන්න.
❤️ එහෙනම් අපි මොනවද කරන්න ඕන?
ලෝක සෞඛ්ය සංවිධානය (WHO) නිර්දේශ කරන්නේ වැඩිහිටියන් දවසකට ලුණු ග්රෑම් 5කට අඩුවෙන් ලබාගත යුතු බවයි. ඒ කියන්නේ දළ වශයෙන් තේ හැන්දකකට අඩු ප්රමාණයක්. මේ ප්රමාණයට කෑමට එකතු කරන ලුණු සහ ආහාරවල දැනටමත් අඩංගු ලුණු දෙකම ඇතුළත් වෙනවා.
ඒ නිසා,
🙋♂️ ආහාර ඇසුරුම්වල සෝඩියම් ප්රමාණය බලන්න.
🙋♂️ කරවල, අච්චාරු සහ ලුණු වැඩි සකස් කළ ආහාර නිතර වැඩිපුර කෑම සීමා කරන්න.
🙋♂️ කෑම පිසීමේදී ලුණු ටිකෙන් ටික අඩු කරන්න.
මතක තබාගන්න: BP පාලනයට ලුණු අඩු කිරීම වැදගත් පියවරක්. නමුත් ඒ සමඟම වෛද්ය උපදෙස් සහ අවශ්ය ප්රතිකාරත් අනුගමනය කරන්න.
හෙට එකොළොස්වෙනි ලිපියෙන් දැන ගමු.
"බත් වැඩිපුර කෑම BP එකට බලපානවාද?
කියල..
කෙනෙකුගේ නීරෝගීකම වෙනුවෙන් මේ ලිපිය වටිනවා නම්, දන්න අයත් දැනුවත් කරන්න. ❤️
ඔබට තියෙන අදහස්, ගැටළු, අත්දැකීම් පහළින් කියන්න. 👇
මූලාශ්රය: ලෝක සෞඛ්ය සංවිධානය (WHO) — Sodium Reduction; World Health Organization — Healthy Diet.
#අධිරුධිරපීඩනය #ලුණු #සෞඛ්යදැනුම