Sith Ayur

Directions

Sith Ayur Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sith Ayur, Medical and health, Colombo.

13/08/2026

"පිළිකාව කවදාවත් එක දවසින් එන්නේ නැහැ..." – ඔබේ ශරීරය කලින්ම දෙන සංඥා ඔබට මඟ හැරෙනවාද?🦠🦠

"තව ටික දවසක් බලමු..."
අපේ රටේ බොහෝ දෙනෙක් අසනීපයක් ආවම කියන පළමු වාක්‍යය මේකයි.
උගුර රිදෙනවා... "සෙම ඇති."
කැස්සක්... "කාලගුණය නිසා."
කටේ තුවාලයක්... "උෂ්ණ වැඩි වෙලා."
බර අඩු වෙනවා... "හොඳයිනේ!"
🩺🩺🩺🩺🩺🩺🩺

ඒත් හැම වෙලාවෙම මේ පිළිතුරු හරිද?
අවාසනාවකට නැහැ.
සමහර අවස්ථාවලදී මේ වගේ සාමාන්‍ය වගේ පෙනෙන වෙනස්කම්, ශරීරය අපට දෙන වැදගත් අනතුරු ඇඟවීම් වෙන්න පුළුවන්.
ශරීරය වෙනස් වෙනවා නම්... ඒකට හේතුවක් තියෙන්න ඕනේ.

🩻🩻🩻🩻🩻🩻🩻

ඔබේ ශරීරය ඔබට බොරු කියන්නේ නැහැ... එය දෙන අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දෙන්න.
අපේ ශරීරය පුදුමාකාර යන්ත්‍රයක්.
ඒක අසනීපයක් ඇති වුණාම බොහෝ වෙලාවට අපට කලින්ම දැනුම් දෙනවා.

සමහර පිළිකාත් ශරීරය නිහඬව ඉන්න කලින්, පුංචි සංඥා කිහිපයක් ලබා දෙනවා.
අවාසනාවකට, අපි ඒ සංඥා බොහෝ විට "වැදගත් නැහැ" කියලා නොසලකා හරිනවා.
ඒ නිසාම අද ඔබේ ශරීරය ඔබට මොනවා කියනවාද කියලා මොහොතකට අහලා බලන්න.

🩸හදිසියේම ශරීර බර අඩු වුණාද?
ඔබ ආහාර පාලනයක් නොකරම හෝ ව්‍යායාම වැඩි නොකරම බර අඩු වෙනවා නම්, ඒක සතුටු වෙන්න කලින් හේතුවක් සොයා බැලිය යුතු දෙයක්.

🩸සති ගණනක් තිස්සේ කැස්සක් තියෙනවාද?
සාමාන්‍ය කැස්සක් දින කිහිපයකින් සුව වෙනවා. නමුත් සති තුනකට වඩා පවතින කැස්සක්, ලේ මිශ්‍ර කැස්සක් හෝ කටහඬ වෙනස් වීමක් තිබේ නම් පරීක්ෂාවක් කරවා ගැනීම වැදගත්.

🩸විවේක ගත්තත් තෙහෙට්ටුව අඩු වෙන්නේ නැද්ද?
අධික තෙහෙට්ටුව කියන්නේ වැඩිපුර වැඩ කළාම ඇතිවන මහන්සිය විතරක් නොවේ. දිගටම පවතින තෙහෙට්ටුව ශරීරය තුළ වෙනත් ගැටලුවක ලකුණක් විය හැකියි.

🩸කෑම ගිලින එක වෙනදා වගේ නැද්ද?
ආහාර හෝ දියර ගිලීමට අපහසු වීම, උගුරේ හිරවන හැඟීමක් තිබීම හෝ ගිලින විට වේදනාවක් දැනීම දිගටම පවතිනවා නම් ඒ ගැන අවධානය යොමු කරන්න.

🩸සුව නොවන තුවාලයක් තිබෙනවාද?
විශේෂයෙන් මුඛයේ, දිවේ හෝ සමේ තුවාලයක් සති තුනකට වඩා සුව නොවෙන්නේ නම් එය වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසුයි.

🩸ශරීරයේ අලුත් ගැටිත්තක් දැනෙනවාද?
පියයුරු, බෙල්ල, කිහිලි හෝ ශරීරයේ වෙනත් ස්ථානයක ගැටිත්තක් දැනෙනවා නම් එය වේදනාකාරී නොවුණත් පරීක්ෂා කරවා ගැනීම වැදගත්.

🩸මළපහ හෝ මුත්‍රා කිරීමේ පුරුදු වෙනස් වෙලාද?
ලේ පිටවීම, දිගටම පවතින මළබද්ධය හෝ පාචනය, හෝ මුත්‍රා කිරීමේ වෙනස්කම් නොසලකා හරින්න එපා.

🩸සමේ ලපයක් වෙනස් වෙලාද?
වර්ණය, හැඩය, ප්‍රමාණය වෙනස් වීම හෝ ලේ ගැලීම වැනි වෙනස්කම් තිබේ නම් සම පරීක්ෂා කරවා ගැනීම වැදගත්.

🦠🦠හැම ලක්ෂණයක්ම පිළිකාවක් කියන එක නොවේ.
මේ ලක්ෂණ බොහෝ විට වෙනත් සාමාන්‍ය රෝග නිසාත් ඇති වෙන්න පුළුවන්.

නමුත්...
ශරීරය දිගින් දිගටම එකම පණිවිඩය දෙනවා නම්, ඒක නොසලකා හරින එක තමයි ලොකුම අවදානම.
🧬පිළිකාවට එරෙහිව තියෙන හොඳම ආයුධය අලුත් බෙහෙතක් නොවේ.
🧬එය කල්තියා හඳුනා ගැනීමයි.
🧬ඔබේ ශරීරය දෙන අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දෙන්න.
🧬අදම අවධානය යොමු කරන පුංචි තීරණයක්, හෙට ඔබේ ජීවිතය ආරක්ෂා කරන විශාල තීරණයක් වෙන්න පුළුවන්.

⚠️ මෙම ලිපිය සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. මෙහි සඳහන් ලක්ෂණ තිබීමෙන් පමණක් පිළිකාවක් ඇතැයි අදහස් නොවේ. නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.

"පිළිකාව කවදාවත් එක දවසින් එන්නේ නැහැ..." – ඔබේ ශරීරය කලින්ම දෙන සංඥා ඔබට මඟ හැරෙනවාද?🦠🦠"තව ටික දවසක් බලමු..."අපේ රටේ බො...
24/07/2026

17/06/2026
17/06/2026

🌿 ඉරුවාරදය (Migraine) කියන්නේ සාමාන්‍ය හිසරදයක් නොවේ.
ඉරුවාරදය කියන්නේ බොහෝ දෙනා සිතන ලෙස “හිසරදයක්” පමණක් නොවෙයි.
එය නවීන වෛද්‍ය විද්‍යාව අනුව හඳුනාගත් ස්නායු සම්බන්ධ (Neurological) රෝගී තත්ත්වයකි.
ලෝක ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට එය බලපාන අතර, කාන්තාවන් තුල පිරිමින්ට වඩා වැඩියෙන් දක්නට ලැබේ.

🧠 Migraine යනු කුමක්ද? (Modern Medical View)
Migraine යනු:
නැවත නැවත සිදුවන
සාමාන්‍යයෙන් හිසෙහි එක් පැත්තක
ඇතිවන වේදනාවක් (throbbing type Pain)
පැය 4 – 72 දක්වා පැවතිය හැකි තත්ත්වයකි

🔎 සාමාන්‍ය ලක්ෂණ:
✔️ මධ්‍යම සිට දැඩි වේදනාව
✔️ වමනය හෝ ඔක්කාරය
✔️ ආලෝකයට සංවේදී වීම
✔️ ශබ්දයට සංවේදී වීම
✔️ ශාරීරික ක්‍රියාකාරකම්වලින් වේදනාව වැඩිවීම

✨ Aura යනු කුමක්ද?
සමහර රෝගීන්ට වේදනාව ආරම්භ වීමට පෙර:
ඇස් ඉදිරියට විදුලි රේඛා
අඳුරු තිත්
දෘශ්‍ය විකෘති
අත පය ගැටෙන හැඟීම්
වැනි ලක්ෂණ ඇති විය හැක. මෙය “Migraine with aura” ලෙස හඳුන්වයි.

🔬 එය ඇති වන්නේ කෙසේද?
නවීන පර්යේෂණ අනුව Migraine එකක් සම්බන්ධ වන්නේ:
මොළයේ trigeminal nerve system සක්‍රීය වීම
ස්නායු ප්‍රදාහ ක්‍රියාවලිය
CGRP (Calcitonin Gene-Related Peptide) වැනි රසායනික ද්‍රව්‍ය මුදා හැරීම
Serotonin මට්ටම් වෙනස්වීම්
මෙය රුධිර නාල “විශාල වීම” පමණක් නොව, ස්නායු-රුධිර නාල අන්තර්ක්‍රියාකාරී රෝගී තත්ත්වයක් ලෙස සැලකේ.

⚠️ සාමාන්‍ය Trigger Factors
Migraine ඇතිවීමට හේතු විය හැකි සාධක:
• ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම හෝ නින්දේ රටාව වෙනස් වීම
•ආහාර වේල් මගහැර ගැනීම
• මානසික ආතතිය
• හෝමෝන වෙනස්වීම් (විශේෂයෙන් ඔසප් චක්‍රය සමඟ)
• අධික හිරු රශ්මිය
• කැෆේන් අධික භාවිතය
• සමහර ආහාර (චීස්, processed foods, chocolate)

මෙම තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

🌿 ආයුර්වේද දෘෂ්ටියෙන්

හිසෙහි එක් පැත්තක දැඩි වේදනාව
නැවත නැවත ඇතිවීම
වමනය හා සංවේදීතාව
සහිත තත්ත්වයක් ලෙස සඳහන් වේ.

🧘 දෝෂ සම්බන්ධතාවය
ප්‍රධාන වශයෙන්:
වාත දෝෂ විකෘතිය → හිසරදය දරුනු වේදනාව
පිත්ත දෝෂ විකෘතිය → උණුසුම, ආලෝක සංවේදීතාව
අජීර්ණය හා “ආම” එකතුවීම

ආයුර්වේද ප්‍රතිකාර මූලධර්මය වන්නේ:
✔️ දෝෂ සමානය
✔️ අග්නි ශක්ති සකස් කිරීම
✔️ නස්‍ය කර්ම , ශිරෝ අභ්‍යංග වැනි ප්‍රතිකාර
✔️ ජීවන රටාව සංශෝධනය
(සියලු ප්‍රතිකාර සුදුසු වෛද්‍ය උපදෙස් මත පමණි.)

💊 නවීන ප්‍රතිකාර
Migraine සඳහා භාවිත වන ප්‍රතිකාර වර්ග දෙකකි:
1️⃣ Acute Treatment
2️⃣ Preventive Treatment

අමතරව
✔️ Trigger පාලනය
✔️ නිදි රටාව සකස් කර ගැනීම
✔️ ප්‍රමාණවත් ජලය පානය
✔️ Stress management

ඉරුවාරදය කියන්නේ:
❌ “සාමාන්‍ය හිසරදයක්” නොවේ

එය විද්‍යාත්මකව හඳුනාගත් ස්නායු රෝගී තත්ත්වයකි.
නමුත් හොඳ පාලනයක් කළ හැකි රෝගයකි.
✔️ Trigger හඳුනා ගැනීම
✔️ නිවැරදි වෛද්‍ය උපදෙස්
✔️ ජීවන රටාව සකස් කිරීම
මගින් රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැක.

#ඉරුවාරදය

23/03/2026

22/03/2026

2K followers 🥰💕 Thank you all 🥰🥰

07/03/2026
03/03/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sith Ayur posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share