10/10/2026
ACMOA Discusses Key Budget Proposals with the President
A meeting was held at the Presidential Secretariat with His Excellency President Anura Kumara Dissanayake, with the participation of Dr. Anil Jayantha Fernando, Deputy Minister of Finance and Planning , Dr. Harshana Suriyapperuma, Secretary to the Treasury and Ministry of Finance, Planning and Economic Development, other ministry officials, and leaders of the National Trade Union Centre (NTUC). ACMOA participated in the meeting as a constituent organisation of the NTUC.
As part of the ongoing discussions on the 2027 National Budget, ACMOA had the opportunity to discuss with His Excellency the President several proposals that had previously been formally submitted by ACMOA for consideration.
The discussion included improving quarters facilities for doctors, revision of the DAT allowance towards an appropriate transport allowance, and revision of income tax limits, particularly considering their impact on government medical officers.
The President gave a favourable response to these proposals, providing positive indications regarding the need to address these matters through the upcoming budgetary process.
ACMOA will continue to engage with the Government and relevant authorities to advocate for fair, practical and sustainable solutions for government medical officers while strengthening the public health service.
ACMOA - Working for Doctors, Strengthening Public Healthcare.
සමස්ත ලංකා වෛද්ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා සමඟ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ථ ප්රනාන්දු මහතා, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන් මෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයේ (NTUC) නායකයන් ද සහභාගී වූහ. NTUC හි අනුබද්ධ සංවිධානයක් ලෙස සමස්ත ලංකා වෛද්ය නිලධාරීන්ගේ සංගමයද මෙම සාකච්ඡාවට සහභාගී විය.
2027 ජාතික අයවැය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින සාකච්ඡා මාලාවේ කොටසක් ලෙස, සමස්ත ලංකා වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් මීට පෙර විධිමත්ව ඉදිරිපත් කර තිබූ යෝජනා කිහිපයක් පිළිබඳව ගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිණි.
වෛද්යවරුන් සඳහා නිල නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම, DAT දීමනාව සුදුසු ප්රවාහන දීමනාවක් බවට පත් කිරීම හෝ එය සංශෝධනය කිරීම සහ ආදායම් බදු සීමාවන් සංශෝධනය කිරීම යන කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, විශේෂයෙන්ම එම කරුණු රජයේ වෛද්ය නිලධාරීන් කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව අවධානය යොමු විය.
මෙම යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් හිතකර ප්රතිචාරයක් ලබා දුන් අතර, ඉදිරි අයවැය ක්රියාවලිය තුළ මෙම කරුණු සම්බන්ධයෙන් අවශ්ය අවධානය යොමු කිරීම පිළිබඳව ධනාත්මක ප්රතිචාරයක් පළ කරන ලදී.
රජයේ වෛද්ය නිලධාරීන් සඳහා සාධාරණ, ප්රායෝගික සහ තිරසාර විසඳුම් ලබා ගැනීම මෙන්ම රාජ්ය සෞඛ්ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් සමස්ත ලංකා වෛද්ය නිලධාරීන්ගේ සංගමය රජය සහ අදාළ බලධාරීන් සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇත.
#අපේආණ්ඩුව