Health Promotion Bureau

Call Directions Website Contact the business

Health Promotion Bureau Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Health Promotion Bureau, Health & Wellness Website, No 2, Kynsey Road, Colombo.

Health Promotion Bureau is the centre of excellence for health communication, health education, health promotion and publicity of health information in Sri Lanka under the Public Health arm of Ministry of Health.

ඩෙංගු රෝගයෙන් ඔබේ පවුල ආරක්ෂා කරගන්න.මේ දවස්වල උණ හැදුනොත්, “සාමාන්‍ය උණක් වෙන්න ඇති” කියලා නොසලකා හරින්න එපා. ඩෙංගු විය...
02/07/2026

ඩෙංගු රෝගයෙන් ඔබේ පවුල ආරක්ෂා කරගන්න.

මේ දවස්වල උණ හැදුනොත්, “සාමාන්‍ය උණක් වෙන්න ඇති” කියලා නොසලකා හරින්න එපා. ඩෙංගු විය හැකි නිසා ඉක්මනින් නිවැරදි පියවර ගන්න.

වෛද්‍ය උපදෙස් ලබාගත යුතු කාලය

* කලින් යහපත් සෞඛ්‍යයෙන් සිටි පුද්ගලයෙකුට උණ පැය 48කට වැඩි කාලයක් පවතිනවා නම්, වෛද්‍ය උපදෙස් ලබාගන්න.

* පොඩි බිළිඳුන්, වැඩිහිටියන්, ගැබිනි මව්වරුන් සහ වෙනත් රෝග ඇති පුද්ගලයින්ට උණ පැය 24කට වඩා පවතිනවා නම්, ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබාගන්න.

වෛද්‍ය උපදෙස් අනුව FBC හෝ Dengue NS1 පරීක්ෂණ අවශ්‍ය විය හැක.

අවදානම් ලක්ෂණ

උණ තියෙන අතරතුර හෝ උණ අඩුවෙන කාලයේදී පහත ලක්ෂණවලින් එකක් හෝ තිබේ නම්, වහාම රෝහලකට යන්න.

* තද බඩේ වේදනාව
* නැවත නැවත වමනය යාම
* අධික නිදිබර ගතිය හෝ අසාමාන්‍ය නොසන්සුන්කම
* නාසයෙන්, විදුරුමසෙන් හෝ වෙනත් ස්ථානයකින් ලේ ගැලීම
* පැය 6කට වඩා මුත්‍රා නොවීම
* අත් පා සීතල වී සුදුමැලි වීම
* ආහාර, බීම සහ දියර වර්ග ප්‍රතික්ෂේප කිරීම
* හුස්ම ගැනීමේ අපහසුතාව

නිවසේදී රැකබලා ගැනීම

* උණට Paracetamol පමණක් දෙන්න. නියමිත මාත්‍රාවට පමණක් දෙන්න.
* වතුර, කැඳ, පළතුරු යුෂ, ජීවනී වැනි දියර වර්ග ලබාදෙන්න.
* රතු, තැඹිලි හෝ තද පාට දියර වර්ග ලබාදීමෙන් වළකින්න.
* රෝගියාට පූර්ණ විවේකය ලබාදෙන්න. පාසල් හෝ රැකියා ස්ථානයට යවන්න එපා.

උණ අඩුවුණත් අවදානම ඉවරයි කියලා හිතන්න එපා. ඩෙංගු රෝගයේ අවදානම් ලක්ෂණ බොහෝ විට උණ අඩුවෙන කාලයේදී මතු විය හැක.

නිවැරදි දැනුවත්භාවය, ඉක්මන් වෛද්‍ය උපදෙස් සහ නිසි රැකබලා ගැනීම තුළින් ඩෙංගු අවදානම් තත්ත්ව වළක්වා ගනිමු.

⚠️ ඔබත් ඔබේ පවුලේ අයත් ඩෙංගු අනතුරේද? වහාම ක්‍රියාත්මක වන්න!රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ ...
17/06/2026

⚠️ ඔබත් ඔබේ පවුලේ අයත් ඩෙංගු අනතුරේද? වහාම ක්‍රියාත්මක වන්න!
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක් දෙන්න එපා!

අදම, මේ දැන්ම මේ කියන තැන් ටික පරීක්ෂා කරලා වතුර රැඳෙන තැන් නැති කරමු. සෑම සතියකම අවම වශයෙන් එක් වරක්වත් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න මතක තියාගන්න.

📌 අනිවාර්යයෙන්ම පරීක්ෂා කර පිරිසිදු කළ යුතු තැන්:
ගෙවත්ත සහ වටපිටාව: මල් පෝච්චි අඩි, හිස් පොල් කටු, ටයර්, ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප, හිස් බෝතල් සහ ටින්.

නිවස ඇතුළත: ගෘහස්ථ මල් පෝච්චි (Indoor plants), ශීතකරණය පිටුපස ඇති වතුර එකතු වන තැටිය (Fridge tray), වතුර එකතු කර තබන බාල්දි සහ බැරල්.

වහල සහ වැහි පීලි: කොළ රොඩු හිරවී වතුර පිරී පවතින වැහි පීලි (Gutters).

රැකියා ස්ථානය සහ පාසල: ඔබ වැඩ කරන ඔෆිස් එකේ, කර්මාන්තශාලාවේ හෝ දරුවන් යන පාසල් වටපිටාවේ මෙලෙස වතුර රැඳෙන ඕනෑම තැනක්.

🤒 උණක් ආවොත් සැහැල්ලුවෙන් හිතන්න එපා!
ඔබට හෝ පවුලේ අයෙකුට පැය 48 කට වඩා (දින 2ක්) උණ පවතින්නේ නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. එය ඩෙංගු රෝගය විය හැකියි.

🛑 විශේෂයෙන්ම අවදානම වැඩි පිරිස්: ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති අය උණ වැළඳුණු වහාම (පැය 48ක් යනතුරු නොසිට) ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

ලෙඩ වුණාට පස්සේ දුක් වෙනවාට වඩා, අදම අපේ වටපිටාව සුරක්ෂිත කරගනිමු! 💪

Do you spend most of your day sitting?It can happen easily.Working at a desk, joining online meetings, using a computer,...
16/06/2026

Do you spend most of your day sitting?

It can happen easily.

Working at a desk, joining online meetings, using a computer, working from home, or travelling for long hours can keep your body still for too long.

When you sit for long periods without moving, it can affect your posture, energy level, circulation, and long-term health.

The good news is, you can start with something simple.

Every half an hour, take 2 to 3 minutes to move.

Try to:

• Stand up from your chair
• Stretch your neck, shoulders, and back
• Walk around your room or office
• Refill your water bottle
• Stand during a phone call
• Take the stairs when you can

You do not need a gym.

You do not need special clothes.

Just stand, stretch, or walk for 2 to 3 minutes.

Small breaks during your workday can help you feel better and build a healthier routine.

Interrupt sitting time.

Move a little, more often.

நீங்கள் ஒரு நாளின் பெரும்பாலான நேரத்தை அமர்ந்தபடியே செலவிடுகிறீர்களா?இது இன்று பலருக்கும் சாதாரணமாகிவிட்டது.அலுவலக வேலை,...
16/06/2026

நீங்கள் ஒரு நாளின் பெரும்பாலான நேரத்தை அமர்ந்தபடியே செலவிடுகிறீர்களா?

இது இன்று பலருக்கும் சாதாரணமாகிவிட்டது.

அலுவலக வேலை, கணினி பயன்பாடு, online meetings, வீட்டிலிருந்து வேலை செய்வது, அல்லது நீண்ட நேரப் பயணம் போன்றவை உடலை நீண்ட நேரம் அசைவின்றி வைத்திருக்கலாம்.

நீண்ட நேரம் தொடர்ந்து அமர்ந்திருப்பது உடல் நிலை, சக்தி, இரத்த ஓட்டம் மற்றும் நீண்டகால ஆரோக்கியத்தை பாதிக்கலாம்.

அதை குறைக்க எளிய வழி ஒன்று உள்ளது.

ஒவ்வொரு அரை மணி நேரத்துக்கும் ஒருமுறை, 2 முதல் 3 நிமிடங்கள் உடலை அசைக்கவும்.

நீங்கள் செய்யக்கூடியவை:

• நாற்காலியில் இருந்து எழுந்து நிற்கவும்
• கழுத்து, தோள், முதுகை மெதுவாக நீட்டவும்
• அறை அல்லது அலுவலகத்தில் சிறிது நடக்கவும்
• தண்ணீர் போத்தலை நிரப்பச் செல்லவும்
• தொலைபேசி அழைப்பின் போது நின்று பேசவும்
• இயன்றபோது படிக்கட்டுகளை பயன்படுத்தவும்

இதற்கு gym தேவையில்லை.

சிறப்பு உடை தேவையில்லை.

நீண்ட நேர உடற்பயிற்சி தேவையில்லை.

2 முதல் 3 நிமிடங்கள் நின்று, நீட்டி, அல்லது நடக்கவும்.

வேலை நேரத்தில் செய்யும் இத்தகைய சிறிய செயற்பாட்டு இடைவேளைகள், ஆரோக்கியமான வேலை பழக்கத்தை உருவாக்க உதவும்.

நீண்ட நேரம் அமர்ந்திருப்பதை இடையில் முறியடிக்கவும்.

அடிக்கடி கொஞ்சம் அசையுங்கள்.

ඔබ දවසේ වැඩි වෙලාවක් වාඩිවෙලාද?අද කාලේ බොහෝ දෙනෙකුට මෙය සාමාන්‍ය දෙයක්.කාර්යාලයේ වැඩ කිරීම, පරිගණකය භාවිතය, online meeti...
16/06/2026

ඔබ දවසේ වැඩි වෙලාවක් වාඩිවෙලාද?

අද කාලේ බොහෝ දෙනෙකුට මෙය සාමාන්‍ය දෙයක්.

කාර්යාලයේ වැඩ කිරීම, පරිගණකය භාවිතය, online meetings, නිවසේ සිට වැඩ කිරීම, හෝ දිගු වේලාවක් ගමන් කිරීම නිසා අපේ ශරීරය වැඩි වේලාවක් එකම තැනක තබාගන්න සිදු වෙනවා.

දිගු වේලාවක් නොනවත්වා වාඩිවී සිටීම ඔබේ ශරීර ඉරියව්ව, ශක්තිය, රුධිර සංසරණය සහ දිගුකාලීන සෞඛ්‍යයට බලපාන්න පුළුවන්.

එය අඩු කරගන්න සරල පියවරක් තිබෙනවා.

සෑම පැය භාගයකටම වරක්, විනාඩි 2ක් 3ක් ගත කරලා චලනය වෙන්න.

ඔබට කළ හැකි දේ:

• පුටුවෙන් නැගිටින්න
• බෙල්ල, උරහිස් සහ පිටුපස සරලව දිගහැරන්න
• කාමරයේ හෝ කාර්යාලයේ ටිකක් ඇවිදින්න
• වතුර බෝතලය පුරවාගන්න යන්න
• දුරකථන ඇමතුමක් ගන්න විට නැගිටලා සිටින්න
• හැකි විට පඩිපෙළ භාවිත කරන්න

ජිම් එකක් අවශ්‍ය නැහැ.

විශේෂ ඇඳුමක් අවශ්‍ය නැහැ.

විනාඩි 2ක් 3ක් නැගිටලා, දිගහැරිලා, හෝ ඇවිදින්න.

දවස තුළ කරන මේ කෙටි ක්‍රියාකාරී විරාම ඔබට වඩා හොඳින් හැඟෙන්නත්, සෞඛ්‍යමත් වැඩ රටාවක් ගොඩනගන්නත් උපකාරී වේ.

දිගු වේලාවක් වාඩිවී සිටීම අතරමැදිව බිඳ දමන්න.

නිතර නිතර ටිකක් චලනය වෙන්න.

29/05/2026
27/05/2026
එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් පිළිබඳ දැනුවත්වන්න
27/05/2026

එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් පිළිබඳ දැනුවත්වන්න

Address

No 2, Kynsey Road
Colombo
80000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94112696606

Alerts

Be the first to know and let us send you an email when Health Promotion Bureau posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Health Promotion Bureau:

Shortcuts

Share