10/10/2026
🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜
පියයුරු පිළිකා වලට වැට බඳිමු ?
🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕
පහුගිය දවසක, "නුවර වෛද්‍ය සමාජය"
( KSM - Kandy Society of Medicine )
සංවිධානය කළා, වෛද්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ, යාවත්කාලීන කිරීමේ සම්මන්ත්‍රණයක්. 🧑⚕️
🧑⚕️ ඉතිං ඒ සම්මන්ත්‍රණයෙදි ජාන විද්‍යාව කොහොමද මානව සෞඛ්‍ය දර්ශක ( Health Index) ඉහළ නංවන්න යොදාගන්නෙ කියලා සාකච්ඡා කරන්නට මට අවස්ථාව ලැබුණා....
එතනදි කථා කළ එක මාතෘකාවක් තමයි පියයුරු පිළිකා....🔥
🧑⚕️ පියයුරු පිළිකා කාන්තාවන්ට විතරක්නෙ හැදෙන්නෙ ?
🟣 එහෙම හිතුවාට ඒක වැරදියි. පිරිමින්ටත් පියයුරු පිළිකා හැදෙනවා, හැබැයි අඩු ප්‍රතිශතයක්... 1%ක් විතර. ඒ අනුව පරම්පරාගත පියයුරු පිළිකා මවගෙන් පමණක් නෙවෙයි පියාගෙනුත් ඊළඟ පරම්පරාවට යන්න පුළුවන්.😱
🧑⚕️ හැම පියයුරු පිළිකාවක්ම ජානගත ප්‍රශ්නයක් නිසාද හැදෙන්නෙ ?
🟣 ඔව් හැම පිළිකාවක්ම, පියයුරු පිළිකා විතරක් නෙවෙයි, හැම පිළිකාවක්ම ඒවා පිහිටි පටකවල, (Tissue) ගුණනය වීමේ, එහෙම නැතිනම් වර්ධනය වීමේ ජානමය පාලනය නැති වෙලා තමයි හැදෙන්නෙ. හැබැයි හැමපිළිකාවක්ම පරම්පරාගත (Inherited) නෑ...😊 එහෙම ඒවා Sporadic කියලා තමයි හඳුනාගන්නෙ.
🧑⚕️ ජාන පරීක්ෂාවකින් හොයන්න පුළුවන්ද ?
🟣 ඔව් දැනට අදාළ පිළිකා සෛලවල ජානගත පරීක්ෂා කරලා ප්‍රතිකාර නිර්ණය කිරීමේ ක්‍රමයක් තියෙනවා. එතනදි අදාල ජානගත පිහිටීම මත, ප්‍රතිකාර ක්‍රමවේද තීරණය කරනවා. ඊට අමතරව මෙය පරම්පරාගත පිළිකා තත්වයක්ද කියලා බලන්නත් පුළුවන්. 😊
🧑⚕️ ඕනම කෙනෙක්ගෙ පරීක්ෂා කරන්න පුළුවන්ද ?
🟣 තාක්ෂණිකව ඔව්, ඕනම කෙනෙක් පරීක්ෂා කරන්න පුළුවන්. ඒත් වෛද්‍ය නිර්දේශය නම්, නිසි සායනික පරීක්ෂාවකින් පසුව තමයි ඒ පරීක්ෂණ තීරණය කරන්න ඕන. එතකොට තමයි වඩාත් පැහැදිලි සහ. නිරවුල් ප්‍රතිපල ගන්න පුළුවන්.
🧑⚕️ ලංකාවෙ පියයුරු පිළිකා සඳහා ජාන පරීක්ෂාව කරනවාද ?
🟣 ඔව් ලංකාව තුළ ඊට අවශ්‍ය පහසුකම් තියෙනවා.
🧑⚕️ පවුලෙ කාටහරි තිබුණොත් අනෙක් ඕනම කෙනෙක් පරීක්ෂා කරන්න පුළුවන්ද?
🟣 මේකට පිළිතුරු දෙන්න, ටිකක් දැනුවත් වෙන්න ඕන. 🧬ජාන වල හැසිරීම සුවිශේෂයි. ඉන් කීපයක් පහතින් දක්වන්නම්...
✍️ සමහර ජාන වලින්, පියයුරු පිළිකාව හැමෝටම හැදෙන්නෙ නෑ. ඒ කියන්නෙ BRCA1 කියන ජානයෙ ප්‍රශ්නයක් නිසා යම් කෙනෙක්ට පියයුරු පිළිකාවක් හැදෙන්න තියෙන ඉඩකඩ 75%ක් වුණාට ATM කියන ජානය නිසා පියයුරු පිළිකා හැදෙන්න තියෙන ඉඩකඩ ඊට වඩා ගොඩක් වැඩියි. මේකට කියන්නේ High penetrance තත්වයක් කියලා.
✍️ සමහර ජාන වලින් පියයුරු පිළිකා විතරක් නෙවෙයි වෙන පිළිකා වර්ගයක් හැදෙන්නත් පුළුවන්. පියයුරු පිළිකා වලට අමතරව පහතින් දක්වන ජානවල ප්‍රශ්න නිසා ඊට ඉදිරියෙන් දක්වලා තියෙන වෙනත් පිළිකා හැදෙන්නත් පුළුවන්...
🫖 PALB2 - ඩිම්බකෝෂ, අග්න්‍යාශ පිළිකා
🫖 CDH1 - ආමාශගත පිළිකා
🫖 PTEN - තයිරොයිඩ්, වකුගඩු, එන්ඩොමෙට්‍රියල්, බඩවැල් ආශ්රිත පිළිකා
🫖 STK11 - ඩිම්බකෝෂ, අග්න්‍යාශ, ගැබ්ගෙල, බඩවැල්, වෘෂණ කෝෂ ආශ්රිත පිළිකා
🟣 මේ අනුව සමහර වෙලාවට පවුලේ කීපදෙනෙක් වෙනස් වෙනස් පිළිකා වර්ගවලට ගොදුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ ඔය ඉහතින් සඳහන් කළ කුමන හෝ 🧬 ජානයක් නිසා වෙන්න පුළුවන්. හරියටම ජානය හොයත්තා නම්, ඒ ජානයෙ ප්රශ්නය තියෙන්නෙ පවුලෙ කවුරු කවුරු ළඟද කියලා 🔬හොයාගන්න එක හරිම පහසුයි.
🧑⚕️ කාගෙද මුලින්ම පරීක්ෂා කරන්න ඕන ?
🟣 පළමුවැනි පියවර තමයි, පියයුරු පිළිකාව තියෙන කෙනාගෙන් ඊළඟ පරම්පරාවට යන්න හැකියාවක් තියෙන ජානයක්ද ? ඒ ජානය මොකක්ද ? ඒ ජානයෙ අදාල ප්‍රශ්නගත තත්වය තියෙන විදිහ හොයාගන්න ඕන. 🔮
🟣 ඒකට සම්පූර්ණ සායනික ජාන පරීක්ෂාව (Whole Exome Sequencing) කරන්න ඕන. එතනින් කුමන ජානයක, කුමන ස්ථානයක්ද ප්‍රශ්නගත වෙලා තියෙන්නෙ කියලා හොයාගන්න පුළුවන්. ඔය හැම කාරණයක්ම එකම එක පරීක්ෂාවකින් තමයි කරන්නෙ.
🟣 කාට වුණත් මේ පරීක්ෂණය කරන්නෙ එක පාරයි, ජීවිත කාලයටම එක පාරයි.
🟣 ඊට පස්සේ පවුලෙ අනිත් ඕනම කෙනෙක්ට මේ ප්‍රශ්නගත ජානය පරම්පරාගතව උරුම වෙලාද කියලා බලන්නත් පුළුවන්, එතනදි කරන්නෙ සම්පූර්ණ පරීක්ෂාව නෙවෙයි, ඉලක්කගත පරීක්ෂාව 🎯(Target testing).
ඒක කරන්නෙත් එක පාරයි.
🟣 මෙහෙම පරීක්ෂා කරලා තමන් ළඟ ජානගත ප්රශ්නය නැතිනම්, සාමාන්‍ය ජීවිතයෙදි, පිළිකා ගැන විශේෂ අවධානයකින් තොරව ගතකරන්න පුළුවන්.
🟣 ඊට අමතරව බැරිවෙලාවත් තමන් තුළ එහෙම විශේෂිත ජානමය ගැටළුවක් තිබුණත්, පහත සඳහන් ප්රතිලාභ ලබන්න අවස්ථාව සැලසෙනවා.
🔥 සංකූලතා මතුවන්නට පෙර හඳුනාගැනීමෙන් පසු නිසි ප්‍රතිකාර ක්‍රමවේදය අනුගමනය කළාම, අවුරුදු පහකදි ජීවත්වීමේ ප්‍රතිශතය (5Year survival rate) 99% ක් දක්වා ඉහළ නංවන්න පුළුවන්.
🔥 අතිශය සංකීර්ණ ශල්‍යකර්ම හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට නොගොස් ඉතාම සරළ පහසු ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් පිළිකාව සුව කළ හැකි වීම.
🔥 තමන්ට අනන්‍ය වූ ක්‍රමවේදයක් ( Personalized screening strategy ) අනුගමනය කරමින් පිළිකාව මතුවීම ගැන, ප්‍රතිකාර කිරීම ගැන සහ සංකූලතා වලක්වා ගැනීම ගැන සැලසුම් සහගත ක්‍රමවේදයක් භාවිතා කළ හැකිවීම.
🔥 පවුලේ සාමාජිකයන් පරීක්ෂා කිරීම (Cascade screening) ඉතාම පහසු වීම.
🔥 පෞද්ගලික ජීවන දර්ශක ඉහළ නංවාගෙන (Quality of Life) සුවපහසු ජීවිතයක් තමන්ටත් පවුලේ සාමාජිකයන්ටත් හිමි වීම...
💪 තව දුරටත් පියයුරු පිළිකා ගැන වද නොවන්න. 🔬 ජාන වෛද්‍ය පරීක්ෂණයක් නිර්දේශ වීමට අවශ්‍ය සුදුසුකම් පවතීනම් ඒ ගැන අවධානය යොමු කරන්න.
නිරෝගී ජීවිතයක් උදෙසා...
💝💝💝💝💝💝💝💝💝💝💝