22/09/2026
📱ටෙක්ස්ට් නෙක් සින්ඩ්රෝමය (Text Neck Syndrome) නැතහොත් ජංගම දුරකථන භාවිතය නිසා ඇතිවන බෙල්ලේ කැක්කුම
වර්තමානයේ අප බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්රධාන සෞඛ්ය ගැටලුවක් ගැන අද අපි කතා කරමු
'ටෙක්ස්ට් නෙක්' (Text Neck) යනු කුමක්ද?
ජංගම දුරකථන, ටැබ් (Tabs), හෝ ලැප්ටොප් (Laptops) පරිගණක දෙස බලමින්, දීර්ඝ කාලයක් හිස පහළට නමාගෙන සිටීම නිසා බෙල්ලේ මාංශ පේශි, බන්ධනි (Ligaments) සහ අස්ථි මත අධික තෙරපුමක් ඇතිවීමෙන් හටගන්නා වේදනාකාරී තත්ත්වයකි
🧐 ප්රධාන හඳුනාගැනීමේ ලක්ෂණ (Symptoms)
Neck Pain & Stiffness: බෙල්ල පිටුපස සහ දෙපස තදබල ලෙස වේදනාව සහ තද ගතියක් (Stiffness) දැනීම
Upper Back & Shoulder Pain: උරහිස සහ පිට ඉහළ ප්රදේශයේ පේශි දැඩි ලෙස වෙහෙසට පත්වී කැක්කුම හටගැනීම
Tension Headaches: බෙල්ල මුලින් ආරම්භ වී හිස පිටුපසට හෝ ඉදිරියට විහිදී යන හිසරදය
Numbness & Tingling: බෙල්ලේ ස්නායු තදවීම නිසා අත්වල හෝ ඇඟිලිවල හිරිවැටීමක්, කුහුඹුවන් රිංගනවා මෙන් දැනීමක් හෝ දුර්වල බවක් දැනීම
⚠️ භෞතචිකිත්සක සහාය ලබාගත යුත්තේ කවදාද?
ඔබ ජංගම දුරකථනය භාවිත කරන විට, හෝ එදිනෙදා වැඩවලදී බෙල්ලේ හෝ අත්වල ඉහත කී රෝග ලක්ෂණ (වේදනාව, තද බව, හිරිවැටීම) මතු වේ නම් වහාම භෞතචිකිත්සක ප්රතිකාර (Physiotherapy) ලබාගත යුතුය
ආරම්භයේදීම ප්රතිකාර නොකළහොත් මෙය කොඳු ඇට පෙළේ ගෙවීම්
@(Spondylosis) සහ ඩිස්ක් තදවීම් (Disc Prolapse) දක්වා වර්ධනය විය හැක
💪 භෞතචිකිත්සක ප්රතිකාර (Physiotherapy Management)
Chin Tucks & Postural Correction: හිස නිවැරදි ඉරියව්වට (Postural Alignment) ගෙන ඒම සඳහා විශේෂිත ව්යායාම මගින් වැරදි ඉරියව් නිවැරදි කිරීම
Postural Muscle Strengthening: වැරදි ඉරියව් නිසා දුර්වල වූ පිට ඉහළ සහ උරහිස් ආශ්රිත පේශි ශක්තිමත් කිරීම
Stretching Exercises: හිස පහළට නමාගෙන සිටීම නිසා තද වී ඇති පපුවේ සහ බෙල්ල පිටුපස පේශි ඇදීමට (Stretching) සලස්වා ලිහිල් කිරීමේ ව්යායාම
Ergonomic Modifications: ජංගම දුරකථනය භාවිත කරන නිවැරදි ඉරියව්, පරිගණකය දෙස බලන විට අනුගමනය කළ යුතු ergonomics සහ විවේකය ලබාගත යුතු ආකාරය පිළිබඳ උපදෙස්
ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම්, ඔබගේ ජංගම දුරකථන භාවිතය ඔබේ සෞඛ්යයට බාධාවක් කර නොගෙන ප්රමාද නොවී භෞතචිකිත්සක උපදෙස් ලබා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න (Contact): 076 630 6261
📍 Locations: Colombo, Gampaha & Kandy Area