01/08/2026
වසර 20ක රන් අභිමානය!
'Mission Olympic 2028' ප්රමුඛතා ක්රීඩක රුමේෂ් තරංග පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගනියි!
1938 දී බාර්නි හෙන්රිකස්, 1950 දී ඩන්කන් වයිට්, 1994 දී පුෂ්පමාලී රාමනායක සහ මාලී වික්රමසිංහ, 2006 දී චින්තන විදානගේ… ශ්රී ලංකාවට පොදුරාජ්ය මණ්ඩල ක්රීඩා උළෙලේ රන් පදක්කම් දිනා දුන් ඒ අභිමානවත් වීරයන්ගේ නාමාවලියට අද රුමේෂ් තරංග ක්රීඩකයා විසින් තවත් රන් අකුරින් ලියැවුණු නව පරිච්ඡේදයක් එක් කර ඇත!
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 89.75ක සුපිරි දක්ෂතාවයක් දක්වමින්, ලොව ප්රබල ක්රීඩකයන් පරාජයට පත් කරමින් මෙම ඓතිහාසික රන් පදක්කම ශ්රී ලංකාවට දිනා දීමට ශ්රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග සමත් විය.
තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ 'Mission Olympic 2028' වැඩසටහනේ Tier-1 (පළමු පෙළ) සුවිශේෂී සංවර්ධන සංචිතයට ඇතුළත් ක්රීඩකයෙකු ලෙස, ඔහු ලබාගත් මෙම ජාත්යන්තර ජයග්රහණය ඉදිරි 2028 ඔලිම්පික් සිහිනය කරා යන ගමනේ සුවිශේෂී සංධිස්ථානයකි.
වසර 20කට පසු නැවතත් පොදුරාජ්ය මණ්ඩල ක්රීඩා වේදිකාවේ ශ්රී ලංකා ජාතික ගීය නාද වීම, මිල කළ නොහැකි අභිමානවත් මොහොතකි.
එය එක් ක්රීඩකයෙකුගේ ජයග්රහණයක් පමණක් නොව, කෝටි සංඛ්යාත ශ්රී ලාංකිකයන්ගේ සිහිනයක් සැබෑ වූ මොහොතකි.
රුමේෂ්, ඔබේ කැපවීම, නොසැලෙන අධිෂ්ඨානය සහ රට වෙනුවෙන් කළ සටනට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ සහ මුළු මහත් ජාතියේ උත්තමාචාරය!
ඔබ ලක් මවගේ නාමය ලෝකය ඉදිරියේ යළිත් අභිමානයෙන් ඔසවා තැබුවා.
“ශ්රී ලංකා මාතාව” නැවතත් පොදුරාජ්ය මණ්ඩල ක්රීඩා වේදිකාවේ ගැයුණු ඒ මොහොත, සෑම ශ්රී ලාංකිකයෙකුගේම හදවතේ සදා රැඳෙන අභිමානවත් මතකයක් වේවා!
2028 ඔලිම්පික් වේදිකාව දක්වාම තවත් රන් ඉතිහාස රැසක් ලියන්නට ඔබට ශක්තිය ලැබේවා!