Herbal Heven

Call Directions Website Contact the business

Herbal Heven 👻 Horror • 😂 Funny • 🎬 Movie-Style AI Videos
🤖 AI imagination turned into visuals
🇱🇰 Sinhala Content
🌿 Herbal Hevan කලින් කියපු ටිකම තමයි..
(22)

=========================අවසන් මෙහෙයුම 18 කොටස========================= පසුගිය කොටසින්=============රෙජිගෙ මස් හා මාළු ඇස...
07/09/2026

=========================
අවසන් මෙහෙයුම 18 කොටස
=========================

පසුගිය කොටසින්
=============
රෙජිගෙ මස් හා මාළු ඇසුරූ සාප්පුව පිහිට තිබුණේ බ්‍රොම්ප්ටන් මාවතේ මඳක් ඔබ්බෙනි. අසල්වාසියේ පදිංචි ලිපිකාර හා රාජ්‍ය පරිපාලන අංශවල සේවයේ නියුතු වූවන් නිතර පැමිණෙන සාමාන්‍ය ස්ථානයක් විය. තැන තැන පතුරු ගැලවුණ බිත්තිවලින් සමන්විත විය.
දුරකථනය නාද වූ අතර අයකැමි කවුළුව අසල වාඩි වී සිටි කළු එක් උපැසක් පැළඳි මිනිසා රිසීවරය අතට ගත්තේය.
“රෙජි කතා කරන්න‍ෙ”
“රෙජි. මම බිෂොප්.”
“ඔව් සර්.” රෙජිගෙ හඬ මිමිණුමකට හැරුණි.
“අපේ ගනුදෙනුකාරයගෙ නම ලෙස්ලි මදර්ෂෙඩ් 213, වයිට්චැපල්. මේ ඇණවුම හැකි ඉක්මණින් භාර දෙන්න ඕනෑ.”
“වැඩේ කෙරුණා කියල හිතාගන්න සර්.”

අද එතැන් සිට
============
රාත්‍රී එකොළහ වන විට ලෙස්ලි මදර්ෂඩ් ඔහුගේ ස්වර්ණමය සිහින අතර සරමින් ඇඳේහි වැතිර සිටියේය. බ්‍රිතාන්‍ය මහ රැජිනගේ පෞද්ගලික ඡායාරූප ශිල්පියා ලෙස ඔහුව තෝරාගන්න සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ පසු පුවත්පත් වාර්තාකරුවන් අමතන රැස්වීමක් ගැන ඔහු සිහින මවමින් සිටියේය. නිවසේ සීනුව නාද වීමත් සමග තම සිහිනයෙන් පිබිදුන මදර්ෂඩ් මොහොතක් තැති ගැනීමෙන් යුතුව කල්පනා කර ප්‍රවේශමෙන් දොර වෙතට ගියේය. උදයේ පැමිණි පුද්ගලයා නැවත පැමිණ ඇතැයි ඔහු අනුමාන කළේය. නමුත් දොර විවෘත කළ ඔහු දුටුවේ තමාට වඩා උසින් අඩු කුඩා මිනිසෙකි. ඝණ උපැස් යුවළක් පැළඳ සිටි කෙසඟ දුර්වල තැනැත්තෙක් වූවේය.
" සමාවෙන්න මේ වගේ වෙලාවක ආවාට. මම පහළ කාමරයක ඉන්නේ. ඔබ ඡායාරූප ශිල්පියෙක් නේද?"
" ඉතිං?"
" ඔබ ගමන් බලපත් ඡායරූප ගන්නවද?"
" නැහැ." ලෝකය දිනාගැනීමට සිටින තමාට කරන ලද අවමානයක් ලෙස එය සැලකූ මදර්ෂඩ් මදක් කෝපයෙන් පැවසීය.
" කරුණාකරලා මට උදව් කරන්න. ටෝකියෝවලට යන මගෙ ගුවන් යානය හෙට උදේ අටට. මම දැන් ගමන් බලපත්‍රය බලනකොට ඒකෙ පින්තූරෙ ගැලවිලා වැටිලා. හැමතැනම බැලුවා හමුවුණේ නැහැ. ඡායාරූපය නැතිව ඒක පිළිගන්නේ නැහැ." අසරණ මිනිසාගේ හඬ හැඟුම්බර විය. ඔහුගේ දෙනෙත් කඳුළු වලින් පිරී තිබුණි.
" කණගාටුයි මට කරන්න දෙයක් නැහැ."
" මම පවුම් සීයක් දෙන්නම්"
පවුම් සීයක්? පවුම් මිලියන සිය ගණනක් ඇති මිනිසෙකුට මෙය තවත් අවමානයකි.
" තව පවුම් දෙසීයක් නැත්නම් තුන්සීයක් දෙන්නම්" මිනිසා උනන්දුවෙන් පැවැසීය. "මේක මගෙ රැකියාව බේරගන්න යන ගමනක්"
මෙය තත්පර 10ක වැඩකි. මදර්ෂඩ් මනෝමය ගුණ කිරීමක් කරන්නට විය. "මිනිත්තුවක දී පවුම් එක්දාස් අටසීයක්. පැයක් දී...."
"ඔබට පුළුවන්ද මේක කරන්න?" මිනිසා නැවත ඇසීය. මදර්ෂඩ්ගේ කෑදරකම ඔහුගේ අහංකාර සිතුවිලි පරාජය කළේය.
" ඇතුළට ඇවිදින් අර බිත්තිය ඉදිරියෙන් හිටගන්න." කී මදර්ෂඩ් ඇතුළට ගොස් කැමරාවක් ද ඇතිව පැමිණියේය. තත්පර දහයකටත් අඩු කාලයක දී ඡායාරූපයක් ගත් ඔහු
" මුද්‍රණයට ටික වේලාව යයි. ඔබට පුළුවන් නම්....."
" නැහැ කරදරයක් නැත්නම් මම ටිකක් ඉන්නම්" කී මිනිසා වාඩිවිය.
"ඔබේ කැමත්තක්" කී මදර්ෂඩ් කළුවර කාමරයට වැදි තම කටයුතු ආරම්භ කළේය. විනාඩි පහළොවක් පමණ ගතවන විට වැඩෙහි නියැලී සිටි ඔහුට තද දුම් ගඳක් දැනෙන්නට විය. ඔහු විරාමයක් කල්පනා කළේය. මේ ඔහුගේ තවත් සිහිනයක් ද? නැහැ. දුම් ගඳ ඉතා සැරට දැනෙන්නට විය. ආපසු හැරුණ ඔහු දොර විවෘත කිරීමට උත්සහ කළේය. දොර තදින් වැසී තිබුණි. පිටතින් අගුළු දාලා. " හලෝ! මොකද මේ?" ඔහු කෑගැසූ මුත් පිළිතුරක් නැත. බුර බුරා නැගෙන ගිනිදළු වල හඬ ඔහුට ඇසෙන්නට විය. ඔහු උරහිසින් වේගයෙන් දොරට අනින්නට විය. දොර යටින් ප්‍රථමයෙන් දුමත් ඉන්පසු ගිනිදළුත් මතුවන්නට විය. මදර්ෂඩ් වියරු වැටුණි. " මාව බේරගන්න! අයියෝ මාව එළියට ගන්න! දුම් හා ගිනි ජාලාව මැද දණින් වැටුණ මදර්ෂඩ් දෙවියන් යදින්නට විය.

+++++++++++++++++++++
+++++++++++++++++++++

"රෙජි කතා කරන්නෙ"
" ඇණවුම භාර දුන්න ද?"
"ඔව් සර් නියම වෙලාවට"
"බොහොම අපූරුයි"
**********************

මදර්ෂඩ්ගේ නිවසට රහසිගතව ඇතුළුවීමේ අදහසින් පාන්දර දෙකට පමණ එදෙසට පැමිණෙමින් සිටි රොබට් තමා දුටු දෙයින් මහත් කම්පනයට පත්විය. මාවත පුරා වාහන නවතා තිබූ අතර පොලිස් හා ගිනි නිවන නිලධාරීහූ කඩිමුඩියේ ඒ මේ අත දුවමින් සිටියහ. ඡායාරූප ශාලාව සහිත උඩු මහල සහමුලින් දැවී ගොස් තිබූ අතර ගින්න පහත මාලයට පැමිණෙමින් තිබුණේය. සයිරන් හඬ මධ්‍යයේ වැඩෙහි යුහුසුළු වූ ගිනි නිවන බටයෙක් වෙතට ගිය රොබට්
"කොහොමද මේක සිද්ධවෙලා තියෙන්නේ?"
" අපි දන්නේ නැහැ. කරුණාකරලා පස්සට යන්න"
"මගේ මස්සිනා ඉන්නේ ඉහළ මාලයේ. ඔහුට කරදරයක්ද?"
" කණගාටුයි අර අරගෙන එන්නේ ඔහුගේ සිරුර" ගිනි නිවන භටයින් දෙදෙනෙක් ගිලන් මැස්සක තබාගත් සිරුරක් ගෙනවුත් ගිලන් රථයකට දමන්නට වූහ. රොබට් ඔවුන් වෙතට දිවීය.
" මේ මගෙ මස්සිනා. මගෙ ඇඳුම් සියල්ලම උඩ තිබුණේ. මම ගිහින්..."
" වැඩක් නැහැ. හැමදේම අළු වෙලා" හිස සැලූ ගිනිභටයා පැවසීය.
සියල්ලම අළු. අගනා ඡායාරූප. මහා අනර්ඝ නම් ලැයිස්තුව. රොබට් තම අවාසනාව ගැන කම්පා වන්නට විය.

+++++++++++++++++++
+++++++++++++++++++

වොෂින්ටනයේ මේ වන විට ඩස්ටින් තෝන්ටන් ඔහුගේ බිරිඳගේ පියා විලාඩ් ස්ටෝන්ගේ සුපිරි කෑම කාමරයේ ඔහුත් සමග දිවා ආහරය ගනිමින් සිටියේය.
"මම ඊයෙ රෑ කෑම ගත්තෙ ජනාධිපතිතුමත් සමග. එතුමා ඔබ ගැන පැහැදිලා ඩස්ටින්"
"මට ඉතාම සතුටුයි."
"ඔබ කරන්නේ ඉතාම අගනා කාරියක්. ඔබ අපව බලවත් සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කරනවා"
"බලවත් සතුරු ආක්‍රමණ?"
"අපේ උතුම් රට දණ ගස්වන්න වෙර දරන සතුරෝ. අපේ අසල්වාසී සතුරන්ගෙන් නොවෙයි අප ආරක්ෂා විය යුත්තේ. අපට උදවු කරන මුවාවෙන් එන සතුරෝ. ඔවුන්ගේ අරමුණු ඉටුකර ගන්න බැරිව ගිය අය. ඔවුන්ගේ ඕනෑ එපාකම් අපි ලවා කරවගන්න බැරිව ගිය අය." "ප්‍රතිපත්තියක් නැති අමන හිතුවක්කාරයෝ"
"අන්න හරි ඩස්ටින්. ඔවුන්ට දඬුවම් කළ යුතුයි. නැත්නම්...." එවිටම මිනිසෙක් කාමරය තුළට පිවිසියේය.

"සමාවෙන්න ස්ටෝන් මහත්තයා අර මහත්වරු පිරිස ඇවිදින්. ඔබව බලාපොරොත්තු වෙනවා."
" හොඳයි"
ඩස්ටින් දෙසට හැරුණු ස්ටෝන් " ඔබ තනිව ආහාර ගන්න. මට විශේෂ වැදගත් වැඩක් තියෙනවා. දවසක මම ඒ ගැන කියන්නම්."

++++++++++++++++++
++++++++++++++++++

සූරිචි නගරයේ වීදි පිරී තිබුණේ අමුතු හැඩයක් හා නුහුරු පෙනුමක් ඇති නොයෙක් දෙසින් හැඩ වැඩ වූ කුඩා ඇස් සහිත වූ ද තැම්බූ මසුන්ගේ මෙන් පිට සමක් ඇති සත්ත්ව විශේෂයකිනි. ඔවුන් මස් බුදින්නෝ වූ අතර ඔවුන්ගේ සිරුරු වලින් වහනය වූ දුර්ගන්ධය ඇයට ඉසිලිය නොහැකි තරම් විය. සමහර ගැහැණු සතුන් සත්ත්ව හම් වලින් නිම වූ ඇඳුම් ඇඳගෙන සිටි අතර නොයෙක් සත්ත්ව කොටස්වලින් තනාගත් යම් යම් දේ පැළඳ සිටියහ. තම සගයින්ගේ සිරුරුවලින් ජීව සාරය දරුණු ලෙස වහනය වන පරිදි සිදුවූ භයානක අනතුරින් ඇය තවමත් කම්පනයට පත්ව සිටියාය.
මෙම සත්ත්වයින් දින වශයෙන් හඳුන්වන පෘථිවි භ්‍රමණ වට හතරක් තිස්සේ ඇය මෙම ග්‍රහලොවේ අතරමංව සිටි අතර මේ වනතුරු ඇයට කෑමට සුදුසු දෙයක් සොයා ගත නොහැකිව සිටියාය. පිපාසයෙන් ඇය ක්ලන්ත වීමට ආසන්නව සිටි අතර ඇය පෘථිවියට පැමිණි දින තදින් වර්ෂාව පැවතුණ හෙයින් ඉන් පිරුනු ගොවියාගේ පොකුණෙ පිරිසිදු ජලය ලබා ගත්තායින් අනතුරුව නැවතත් වැසි නොවැටුණ අතර ඇයට බීමට තරම් පිරිසිදු ජල පොදක් සොයාගත නොහැකිව සිටියාය.
පෘථිවි වැසියන්ගේ භෝජනාගාරයකට ඇය ගොඩවැදුණ නමුදු ඉන් වහනය වූ දුඟද ඇයට ඉසිලිය නොහැකි වූයෙන් ඇය අමු එළවළු සහ පලතුරු කන්නට උත්සාහ කළාය. නමුත් ඒ ද නීරස විය.
භයානක අනතුරින් පසු ඇය එතනින් පිට වූයේ උස සුරූපී සුකුමාල අඟනකගේ රුවකට අනුවර්තනය වීමෙන් පසුවය. පැහැපත් සිරුරකින් හා නිල් ඇස්වලින් යුතු ඇය තමා *'අභිමානී'* යයි නම් කරගත්තාය. පෘථිවි වැසියන් අතර ඇය සාමාන්‍ය යුවතියක් සේ හැසිරෙන්නට උත්සාහ ගත්තීය. භෝජනාගාරයේ දී පෘථිවි වැසියන් වෙනුවෙන් ඉදිකරන ලද කර්කශ බවකින් යුතු අසුනක වාඩිගත් ඇය අවට සිටියවුන්ගේ සිත් වෙත තම අවධානය යොමු කළාය.
සත්ත්වයන් දෙදෙනෙකු තමා අසල වාඩි වී සිටි අතර එකෙකු මහ හඬින් කතා කරන්නට විය.

===================
මතු සම්බන්දයි

පරීක්ෂණය 24 කොටස                              පසුගිය කොටසින්......මොකද අද මේ සුරන්ගනී අතදරුවෙක් වෙලාද?.........මම ඇයට කෑ...
06/09/2026

පරීක්ෂණය 24 කොටස

පසුගිය කොටසින්......

මොකද අද මේ සුරන්ගනී අතදරුවෙක් වෙලාද?.........මම ඇයට කෑම කවනු දුටු ඇන්ටි සිනාසුනාය......හිල් තියෙන පොල්කට්ටකුත් හොයාගන්න....ඇය පැවසූවිට....මොකටද ඒ.....සුරන්ගී ඇසුවාය........හර්ශනී අක්කට කියල නාව ගන්න.....දැන් ඔයා අත දැරිවියෙක් වෙලානෙ......ඇය නැවත සිනාසෙන්ටවිය......අනේ නෑ අන්ටි නංගි නෙවෙයි කවන්න කිව්වෙ මමයි හිතල එයාට කැව්වෙ......මම කීවෙමි.....කමක් නෑ කමක්නෑ...කිව්ව ඇය මම විහිලුවක් කලේ.....අම්මෙක් නැති දරුවෙක්නෙ.....ඇය සුරන්ගිගේ ඔලුව අතගෑවාය........කැම ගෙන අවසන්වූ මම කාමරයට ගොස් ඇදෙහි ඇලවුනෙමි.මා නොදැනුවත්වම නින්ද ගොස්තිබුනු බව ඇහැරී වෙලාව බලන විට සිහිවිය. දැන් වෙලාව දෙකයි දැන්නම් එයාල ගෙදර ගිහින් ආපහු එනවත් ඇති....මට ඔවුන් එන තෙක් ඉවසිල්ලක් නොමැති විය............

අද එතැන්සිට.......

දැන්නම් චතුරානි ආපහු එනව ඇති මොනව උනාද දන්නෙ නෑ.....මට ඇය පැමිනෙන තෙක් ඉවසිල්ලක් නොමැතිවිය.මම මිදුලට බැස ගෙදර පඩියේ වාඩිවී ගේට්ටුව දෙස බලා සිටියෙනි....මම මෙ අක්ක කෝකියල හෙව්ව. මොකද කවදාවත් නැතුව ඔතැනට වෙලා.....සුරන්ගී නංගි මා අසලට ඇවිත් ඇසුවාය.....චතුරානි අක්ක දැන් එන්න ඕනැ ඒකයි බලා ඉන්නෙ...මම උත්තර දුන්නෙමි.....එයාල ඉක්මනට එයි....අපි එතකම් බැට්මින්ටන් ගහමුද....ඇය ඇසුවාය.සමහර දිනවල සුරන්ගනී නන්ගී කව්රු හරි ගැහැනු ලමයෙක් හොයාගෙන එයත් එක්ක සෙල්ලම් කරන බව මම බොහෝ විට දැක තිබුනි.මෙතෙක් කලක් මා දැනුවත්ව ඇය චතුරානිටවත් මටවත් සෙල්ලන් කිරීමට කතා කර නොතිබුනි.....එහෙත් අද ඇය මට කතාකලේ මම මිදුලෙහි සිටින නිසා වියයුතුය.මීට පෙර මම බැට්මින්ටන් ක්රිකට් ආදී සෙල්ලම් කලත් මගේ මෙම විපර්යාසය නිසා ඒවාට සහබාගී වීමට නොහැකිවිය.....ඇය බැට්මින්ටන් සදහා උපකරනද රැගෙන ආ බව දුටුවෙමි......මේක ගන්නකෝ...පවසූ ඇය මට රැකට් එකක් දුන්නාය....මම කොල්ලෙක් විදියට මේව සෙල්ලම් කලාට කෙල්ලෙක් විදියට සෙල්ලම් කර නොතිබුනි......කලිසම වගේ නෙවෙයි ගවුමෙ සාය නිසා අමාරුවෙයිද දන්නෙ නෑ......මම සැකෙන් ඇය සමග සෙල්ලම් කිරීමට සූදානම් වූවෙමි...ඉස්සරට වඩා හොදින් ඇග නැවිය හැකි බව මට තේරුනි......කොල්ල කාලෙ වගේ නෙවෙයි මගෙ ඇග සැහැල්ලුයි......මට එසේ සිතුනි...ටික.වෙලාවක් සෙල්ලම් කරනවිට මම කෙල්ලෙක් වී අත්දැයි යන්න තේරුමක් නැතිවිය. වෙනදා මෙන් සාමාන්ය පරිදි සෙල්ලම් කිරීමට හැකිවීම ගැන මම සතුටු වුනෙමි..ටික වෙලාවකින් ගේට්ටුව අරින සබ්දය ඇසුනු මම ඒ දෙස බැලුවෙමි....චතුරානිනම් හොදයි......මම හොදින් බැලුවෙමි.එහෙත් ඒ ඇය නොව්නි....ඇය සරෝජනී අක්කාය. ලස්සන සාරියකින් සැරසී සිටි ඇය අපි දෙස බලා සිනාසුනාය....අද සුරන්ගනීට සෙල්ලම් කරන්න අලුත් යාලුවෙක් හම්බවෙලා වගේ......ඉතින් අක්කල හිටියට එන්නෙ නෑනෙ....නන්ගී පවසනු ඇසුනි....ඒකතමා.. කිව්ව අක්කා ගෙට ගොඩවෙනු අයුරු මම බලා සිටියෙමි.ඇය සාරියට හැඩකාර පෙනුමක් ගෙන දුන්නාය.මට ඇගේ සාරිය කෙරෙහි ආශාවක් ඇතිවිය.....මමත් මේවගෙ සාරියක් ඇන්දොත් ලස්සනට පෙනෙයි......මම සිතුවෙමි.....ඒත් මම සාරි අදින්න දන්නෙ නෑනෙ.....චතුරානිට හරි සරෝජනී අක්කට කියල තමයි අන්දගන්න වෙන්නෙ....මම සිතුවෙමි......දැන් ඇති නේද නංගි ....පැවසූ මම...අපි නාගම්මුද..... යෝජනා කලෙමි.දැම්ම බෑ අක්කෙ සරෝජනී අක්ක ආවෙ දැන්නෙ එයා බාත් රූම් එකට ගියහම සෑහෙන වෙලාවකට එන්නෙ නෑ...ඇය කීවාය. ඇයි තව තියෙන්නෙ....මම ඇසුවෙමි.....මම ඒවට යන්නෙ නෑ මට පුරුදුවෙලා තියෙන්නෙ ඒකෙන් නාගන්න.....ඇය කීවාය......එහෙනම් අපේ බාත් රූම් එකෙන් නාමු.....අක්ක කැමතිනම් නාමු.....ඇය කීවාය....මම මොකටද අකමැති වෙන්නෙ චතුරානි අක්කත් නැති එකේ අපි දෙන්න ඒකෙ නාමු......මගේ යෝජනාවට ඇය එකගවූවාය. ඇය දියට අදින රෙදි ටිකද රැගෙන කාමරයට ආවාය.....නන්ගි ගිහින් නාගෙන එන්න මම ඔයා ආවහම නාන්නම්....මම කීවෙමි.....අයියෝ අක්කෙ ඔයත් එන්න අපි දෙන්නම එකට නාමු.....අපි දෙන්නෙකුට ඉඩනෑනෙ නන්ගි......ඇයසමග නෑමට ලැජ්ජා සහගත් හැගීමක් ඇතිවූ මම පැවසුවෙමි....බාත්රූම් එක ඇර බැලූ ඇය ...මේ හොදටම ඉඩ තියෙන්නෙ....මම නාන එකේ මමයි මගෙ කාමරේ අක්කයි දෙන්නම එකටනෙ නාන්නෙ....තවදුරටත් පැවසුවාය......එන්න අක්කේ...ඇය මට බලකිරීමට පටන් ගත්තාය......මම දැන් මෙයත් එක්ක නානවනම් පපුව වැහෙන්න රෙද්දක් අදින්න ඕනැ.මට එහෙම ඇදල පුරුද්දක් ඇත්තෙත් නෑ.....මම කල්පනා කලෙමි. ...නන්ගි නාගෙන එන්නකො..මම යලි ඇයට පැවසුවෙමි.....අපරාදේ මට පිටේ සබන් ටික ගාගන්නවත් විදියක් නෑනෙ....ඇය කනගාටුවෙන් කියනු ඇසුනි.....මට ඇය කෙරෙහි දුකක් ඇතිවිය......කමක් නෑ මේ රෙද්ද ඇදගෙන යනව...මම පෙරවන්න ගෙනා රෙද්ද ගැහැනු ලමුන් අදින ලෙස ඇද ගැනීමට උත්සාහ ගත්තෙමි.....අක්කට තවම දිය රෙද්ද ඇදගන්නවත් බෑනෙ.....මගේ උත්සාහය දුටු නන්ගී මා අසලට පැමින එය හොදින් ඇන්දුවාය.මාව හොදින් තුරුලු කරගත් නන්ගී ශවර් එක යටට ගියාය.හොදහැටි නා ගත් අපි දෙදෙනා.සබන් ගාගැනීමට පටන්ගත්තෙමු...ඉන්න මම අක්කගෙ පිට අතුලන්නම් ...නෑ එපා නංගි ...මා සිතතුල ඇතිවූ ලැජ්ජාව නිසා එසේ පැවසුවද ඇය බලෙන්ම මගේ පිට ඇතිල්ලීමට පටන්ගත්තාය......ඇගේ සිනිදු අල්ල මගේ සිනිදුවී තිබුනු හම මත ඇතිල්ලෙන විට අමුතු සුවයක් ඇතිවිය.....මම කොලෙක් වෙලා හිටියනම් මේවගෙ සුමට අත්වලින් කවුද මගේ පිට අතගාන්නෙ.....මම කල්පනා කලෙමි. පිට ඇතිල්ලූ ඇය පිටේ සබන්ද ගෑවාය.ඇය මගේ පිට අතුල්ලන විට බුරුල් කරගෙන අල්ලා සිටි මගේ දිය රෙද්ද නැවත ඇදැගනීමට අපහසු බව දැනගත් නංගි මට උදව්කලාය.....අක්ක කවදාවත් දිය රෙද්දක් ඇදල නැද්ද.....ඇය මගෙන් ඇසුවාය......නාන කාමරේ දොරවහගෙන නාන කොට මොකටද නංගි දියරෙදි......මා එසේ කියනවිට ඇයට සිනහ ගිය බව දුටුවෙමි.....බැරි වෙලාවත් වැවක හරි ගඟක හරි නාන්නවුනොත්....ඇය ඇසුවාය.....එහෙම උනොත් අදවගේ නන්ගිගෙ පිහිට තමා....මම කීවෙමි......මගේ රෙද්ද ඇන්දූ පසු මමද ඇගේ පිට ඇතිල්ලීමට පටන් ගත්තෙමි.මෙහාට පැමිනීමට පෙර..කවදාවත් කෙල්ලෙකුගේ ඇගට අතතබා පුරුදු නැති මට අද කෙල්ලෙක්ව නෑවීමට සිදුවීඇත.......මට මේ ඔක්කොම ලැබුනේ මාවත් මේවගේම කෙල්ලෙක් බවට පත්වුනි.

මතුසම්බන්ධයි....

පිටකොටුව බස් නැවතුම්පලේදී 01 කොටසමෙච්චර සීතල උදුවප් මහ නිසා වෙන්නැති. දවල්ට පිටකොටුව බස් නැවතුමේ තියෙන ඝෝෂාව වෙනුවට රාත්...
05/09/2026

පිටකොටුව බස් නැවතුම්පලේදී 01 කොටස

මෙච්චර සීතල උදුවප් මහ නිසා වෙන්නැති. දවල්ට පිටකොටුව බස් නැවතුමේ තියෙන ඝෝෂාව වෙනුවට රාත්‍රියට තියෙන්නේ දරාගන්න බැරි නිහඩතාවයක්. සබරගමුව විශ්ව විද්‍යාලයේ පුතාලගේ පළමු කලා උළෙලට නොගිහින් බැරිකමට ගෙදරින් ආවේ සවස පහට. රෑ දහයේ බදුල්ල බස් එක් අල්ලගන්න. මම පිටකොටුවට එද්දි බස් එක පිටත්වෙලා. ඊලගට බදුල්ලට තියෙන්නේ පාන්දර එකට. පැය දෙකහමාරක් මට බංකුව උඩ මදුරැවෝ තල තලා තමයි ඉන්ඩ වෙන්නේ.

‘‘මෙතැනින් ඉදගන්නවා‘‘

අවුරැදු හැටකට ආසන්න මනුෂ්‍යයෙක් පෙනුමෙන්ම මන්දබුද්ධික යැයි කිවහැකි තරැණයෙකුගේ අතින් අල්ලා මා සිටි බංකුවේම ඔහුව උරහිසෙන් පහත් කර වාඩිකර වූයේ බලහත්කාරයෙන් වගේ.

‘‘මේ ගෝත කර්මය තව කී දවසක් විදවන්නද මන්දා‘‘ වයසට ගියත් අතපය ශක්තිමත් බවක් පළකල ඔහු මා දෙස බලා සුහදතාවය මුසු සිනාවකින් මුව සරසාගෙන හෙලූයේ මිත්‍රශීලි බැල්මකි.

‘‘මහත්තයෝ පුතා ටිකක් අාම්බන් කරන්න අමාරැයි.‘‘ තමා කෙරෙහි ලැජ්ජාවට පත් වෙමින් එය වසා ගැනීමට මෙන් ඔහු එලෙස කීවේය.

‘‘මහත්තයත් බදුලු යන්න වෙන්නැති.‘‘

බොහොම සුහදශීලි මිත්‍ර කටහඩක් ඔහුට තිබුණේ. ‘‘මම සබරගමු කැම්පස් එකට යන්න.‘‘

‘‘ඊලග බස් එක තියෙන්නේ එකට නේද?‘‘

‘‘ඔව්‘‘

කාලය ගෙවා ගන්න විදියක් ගැන හිතපු මට හොද ගමන් සගයෙක් ලැබිච්ච එකට සතුටක් දැනුනා. නැත්නම් මේ පාලු හුදකලාව මහා වදයක් වෙන්න තිබුණා. කතාවට දක්ෂයෙක් වුවත් අවංකව කතා කරන බවක් මුණෙන් දිස්වුණා. ආගිය තොරතුරැ කතා කරමින් ඉදලා පවුලේ විස්තර ඇහුවා විතරයි ඔහුගේ ඇස් වල කදුලු පිරැණා.

‘‘සමාවෙන්න මගෙන් නරක වචනයක් කියවුණා නම්‘‘

‘‘නෑ මහත්තයෝ මහත්තයාගෙන් කිසි වරදක් මට වුණේ නෑ. මගේ අතීතය කිසිකෙනෙක් අහන්න කැමති වෙන එකක් නෑ. ඒක ඒ තරමටම අප්‍රසන්නයි.‘‘

කමක් නෑ මට කියන්න කැමති නම් විතරක් මට කියන්න‘‘ ඇත්තටම මට ඕනෑ වුණේ කතාව අහනවට වඩා තෙරපී තියෙන අතීතය මුදා හැර ඔහුට යම් හෑල්ලුවක් ලබාදීමේ චේතනාව විතරයි.

මම මේ ජීවිත කාලයටම කාටවත් කියන්නේ නෑ කියලා මහත්තයෝ හිතාගෙන හිටියේ. නමුත් හුස්ම යන්ඩ කලින් කාට හරි කියනවා නම් හොදයි කියලා මට දැන් හිතෙනවා. මහත්තයටත් මේ සිද්ධිය අහන් ඉන්න පුලුවන් වෙයිද මන්දා. අනික් අතට මහත්තයත් හිතයි මම මහ මෝඩ තකතීරැවෙක් කියලා. හිත හයිය නැති නරැමයෙක් කියල. යටි හිතින් ඕනනම් මගේ අම්මට චෝදනා කරයි. ඒ කොහොම වුණත් මම වැරදි නෑ කියලා ඔප්පු කරන්න මේ කතාව තේරැම් ගන්න පුලුවන් කාට හරි කියන්න ඕනමයි.

ඔහු දිග හුස්මක් ඉහලට අල්ලා පහත හෙලුවේ අතීතයේ සියලු මතකය එළියට ගන්නා වගේ. ඔහු පුතාගේ මූණ බලලා මං දිහාට හැරිලා නැවතත් කථාව කියන්න ගත්තා.

‘‘මහත්තයෝ මං පුංචි කාලේ ඉදලාම හැදුනේ මාමා ලග. ඒ කියන්නේ සුදු මාමා ලග. මාමට හිටියේ එකම දුවයි. හරියට පුංචි බැබිල මලක් වගේ. ජංගි අදින්නේ නැති කාලෙ ඉදලම අපි දෙන්නා එකටමයි හැදුනේ. සුදු මාමා මටත් කිසිම වෙනසක් කෙරැවෙ නෑ. කජු වාරෙට අපි දෙන්නා කජු ගස් යටමයි. දයාසීලි පුහුලන් කන්න හරි කැමතියි. මැලියම් නාගෙන මං ගස් බඩගාලා පුහුලන් කඩලා දෙනවා. බෝවිටියා කාලා කටම නිල් පාට වුනාම අපි දෙන්නටම හිනා. කොච්චර ලස්සනද?

ඩිංග ඩිංග මෝරන කොට හොදම යාලුවෝ වෙච්චි අපි ආදරෙන් බැදුනා. සුදු මාමා අපි දෙන්නා ගැන කොහොම හිතුවද මන්දා. නමුත් අපි දෙන්නට බාදක තහංචි නම් වැටුණේ නෑ. සුදු මාමාට එච්චරටම මාව විශ්වාසයි. ඒ විශ්වාසය බිදින්න මමත් කිසිවිටෙකත් උත්සාහ ගත්තේ නෑ.

කතාව මොහොතකට නතර කල ඔහු අදුර දෙසට දෙනෙත යොමුකළා. මම කිසිවක් කියන්න ගියේ නැත්තේ කතාව ඉක්මනින් අහගන්න තියෙන උවමනාවටමයි.

මම සුදු මාමාගේ විශ්වාසට බිදින්න අකමැති වුවත් මගේ පණටත් වැඩිය දයාසීලිට ආදරෙන් බැදිලයි හිටියේ. නමුත් දයාසීලි ටිකෙන් ටික වෙනස් වීගෙන එන පාටක් නම් මට පෙනුනා. මාව නිකන් පහත් කරල යම් යම් තැන් වලදී කතා කරන්න ගත්තා. සමහර දවස් වල අහක බලාගෙන ගස්සගෙන ගියා. මම කතා කළත් උත්තර නොදී හිටපු දවස් අනන්තයි.

දවසක් ගෙදර කවුරැත් නැති වෙලාවක මම වැල ගහට නැගලා ගෙඩියක් කටින්ම එල්ලගෙන බිමට බැස්සා. ඒ දයාසීලි වැල කන්න ආසා නිසා. අන්න එදා තමයි වෙනස් වෙන එකේ හේතුව හරියටම දැනගත්තේ.

ගුණසෝමයා අල්ලපු ගෙදර හිටියේ. ඌත් මාව ගණන් ගත්තේ සුදු මාමලාගේ ගෙදර වැඩකාරයෙක් විදියට. මම බොහෝම අමාරැවෙන් කඩාගෙන ආපු වැල ගෙඩිය දයාසීලි උදුරලා අරන් ගුණසෝමයට කතා කරලා දෙන්නා එක්ක බෙදන් කෑවා. මට මදුලක්වත් නෑ. මට ඒකට දුක නෑ. නමුත් දයාසීලිට මෙහෙම වෙච්ච එක් ගැන රත්වෙච්ච ගලකට වතුර වැටුණා වගේ කටේ කෙල හිදුනා. එදා ඉදන් මට කියල එයාගේ වැඩක් පලක් කරගත්තා මිස වෙන කතා බහක් නෑ. මට ඒක දරාගන්නා බැරි වුණත් මම සුදු මාමා ගැන හිතලා ඉවසුවා. සමහර දවස් වලට මම කවුරැත් නැති තැනකට වෙලා පැය ගණන් අඩනවා. හිත තැම්බි තැම්බි වතුර වගේ කදුලු ගැලුවේ. ඒත් මම හිත හදාගත්තා මහත්තයෝ.‘‘

මතු සම්බන්ධයි......
#පිටකොටුව

පෛඉක්ෂණය 23පසුගිය කොටසින්.............ඇත්තටම මෙයාගෙ අම්ම හිටියනම් කොයිතරම් හොදද....සිතූ මා ඇගේ හිස ආදරෙන් පිරිමදින්ට වූව...
03/09/2026

පෛඉක්ෂණය 23

පසුගිය කොටසින්.............

ඇත්තටම මෙයාගෙ අම්ම හිටියනම් කොයිතරම් හොදද....සිතූ මා ඇගේ හිස ආදරෙන් පිරිමදින්ට වූවෙමි. එසේ හිස පිරුමදින විට ඇය මට තුරුල් වෙන බව තේරුනු මා ඇයට හොදින් තුරුලුවීමට ඉඩලබා දුන්නෙමි.....අම්ම තාත්ත ලග නැති හින්ද මෙයාට ආදරේ කරනවනම් මෙයා ගොඩක් කැමැති ඇති.....පිරිමි ලමුන්ට වඩා ගැහැනු ලමුන් ආදරය වැඩිපුර බලාපොරොත්තුවෙන බව මා අසා තිබුනි.එය අත් දැකීමෙන්ම දැන ගැනීමට ලැබුනේ මාවද මෙයාල වගේම ගැහැනු ජීවිතයකට හැරුනු පසුය.කව්රු හරි මගේ ඔලුව අතගාල මුහුන ඉබල ආදරෙන් කතා කරනවනම් මට ගොඩක් ආසහිතුනේ මාව කෙල්ලෙක් බවට පත්වූ පසුව බව මට මතක් වුනෙමි.ඉස්සර මට එහෙම ආශාවක් තිබුනෙම නැහැ....මා තවදුරටත් සිතුවෙමි.......

අද එතැන්සිට..........

අවුද්දත් ලඟයි නේද නංගියේ .......මම සුරන්ගනී ගෙන් ඇසුවෙමි.....
ඔව් අක්කෙ .......පවසූ ඇය .....ටික වෙලාවක් කල්පනා කර....ඒත් ඉතින් මට කොහේද අක්කෙ අව්රුදු.....දුක්මුසුව පැවසුවාය. ...

ඇයි නංගි එහෙම කියන්නෙ.....මම ඇසුවෙමි........

මට කව්රුත් නෑ අක්කෙ අම්ම නැතිවුනාට පස්සෙ තත්තත් ඉන්නෙ රට.....

ඉතින් ඔයාට ආච්චි ඉන්නව නේද.ඉතින් එහෙ ගියහම හොඳට අව්රුදු කන්න පුලුවන්නෙ......මම ඇසුවෙමි.....

ආච්චි තනියම ගෙදර ඉන්නෙ.ඒ හින්ද මම කැමති නෑ එහෙ ගිහින් ඉන්න.....ඇය කීවාය.....

ඉතින් ආච්චි ඔයාව බලාගනීනෙ.....මම කීවෙමි......

ඒ උනාට මම කැමති නෑ....ඇය නැවත කීවාය..
ආච්චි ඔයාට සැරකරනවද ගහනවද......

අනේ නෑ අක්කෙ එයා මට ගොඩක් ආදරෙයි.ඒ වුනාට මට එහෙ ඉන්න බෑ........

ඒ මොකද පාලුද...මම ඇසූ විට....එහෙමත් නෑ අක්කෙ....ඇය පැවසූ විට....ඇයි මෙයා ගෙදර යන්නෙ නැත්තෙ....මට ගැටලුවක් ඇතිවිය.....

ඉතින් අපිත් ගමේ ගියහම නංගි මේ ගෙදර තනිවෙනවනෙ.....මම කීවෙමි....

ඇන්ටි ඉන්නවනෙ මට පලුවක් නෑ....ඇය පැවසුවාය....

මෙයා මොකද මේතරම් ගෙදර යන්න අකමැති.....මම කල්පනා කලෙමි......ඇයි නංගි ඔයතරම් ගෙදර යන්න අකමැති....මම ඇසුවෙමි......

එහෙ ඉන්න බයයි අක්කෙ....ඒ මොකද.....පුදුමයට පත්වූ මම ඇසුවෙමි....
ඒව කියල වැඩක් නෑ අක්කෙ.....

අනේ නංගි මම ඔයාගෙම අක්ක කියල හිතාගෙන කියන්නකො. අක්ක කෙනෙකුට කියන්න බැරිදෙයක් නෑනෙ නගා.....මම පැවසූවෙමි......

අපේ ගේලග තියෙන්නෙ මාමලගෙ ගේ එහෙ ඉන්න අයියගෙන් මට කරදරයි......ඇය දුකෙන් කීවාය. .....
ඔයාට කරදරයක් කලාද මම ඇසුවෙමි....
එහෙම එකක් උනේනෑ ඒත් මම මෙහාට ආව එක හොදට ගියා......

ඇගේ මේ කතාව නිසා මට ඇය කෙරෙහි අනුකම්පාවකුත්.ඒ කොල්ලා කෙරෙහි දැඩි තරහවකුත් ඇතිවිය....එහෙනම් නගා ගෙදර යන්න එපා....මම කිවෙමි......සමහරවිට මම යන එකකුත් නෑ....මම එසේ පැවසූවිට...
අනේ ඇත්තද අක්කේ.....සතුටින් ඉපිලගිය ඇය මගේ බෙල්ල බදාගෙන මුහුන කීපවරක් සිපගත්තාය......ටිකවෙලාවක් මමද ඇයව ආදරයෙන් තුරුලු කරගෙන සිටියෙමි......මමත් කෙල්ලෙක් නොවී කොල්ලෙක් ලෙසටම හිටියනම් මේවගේ ගැහැනු ලමයෙක් තුරුල් කරගෙන ඉන්න පුලුවන්ද?....මේවගේ ගැහැණු පමනක් ඉන්න බෝඩිමක ගැහැනු ලමයෙක් එක්ක එකම කාමරයේ ඉන්න පුලුවන්ද?.ඒ දවස්වල මේවගේ කෙල්ලෙක් තුරුල්කර ගත්තොත් මොනවගේ සිතුවිලි ඇතිවෙයිද?....එහෙත් අද මට මේ නංගි කෙරෙහි දැඩි ආදරයක් ඇතිවුවද කිසිම නරක සිතුවිල්ලක් ඇති නොවීම මාත් ඇය වැනිම කෙල්ලෙක් වී ඇති නිසා නේද?.....ඇත්තටම පිරිමි අයට වඩා ගැහැණු ලමයි කොයිතරම් අහින්සකද? කොයි තරම් සුන්දරද? ලස්සනද?.....මත් මේ සුන්දරත්වය විදගැනීමට ලැබුනේ කෙසේ හෝ මාවත් ගැහැනු බවට පත්වූ නිසානේද?........

අක්කත් මගේ අම්ම වගේමයි.....මගෙන් ඈත්වූ නංගී කීවාය......

අම්ම නංගිව මෙහෙමද තුරුල්කරගන්නෙ.....

මට යන්තම් මතකයි මම චූටිකාලෙ අම්ම ඔයා වගේ මාව තුරුල්කරගෙන ඉන්නව......

ඊට පස්සෙ ඔයාව කවුරුවත් ආදරෙන් තුරුල් කරගත්තෙ නැද්ද. ඇයි ආච්චි හිටියෙ...මම ඇසුවෙමි...
ආච්චි මට ආදරේ තමා ඒ වුනාට එයා මම ලගට එනවට කැමති නෑ.....අම්මට පස්සෙ අද අක්ක තමා මාව මේතරම් තුරුල් කරගත්තෙ.....එසේ පවසන ගමන් ඇගේ ඇස්වලින් කදුලු කඩාවැටෙන බව දුටු මට දැඩි කනගාටුවක් අතිවිය......

අඩන්න එපා නංගි... මම ඇගේ කදුලු පිස දැමුවෙමි.....නන්ගි කනගාටු වෙන්න එපා මම ඔයාගෙ අම්ම වගේ වෙන්නම්කෝ......ඇය කදුලු අතරින් සිනාසෙනු දුටුවෙමි....
දැන් චතුරානිල ගිහින් ටිකක් වෙලා හින්ද ගෙදරට කිට්ටුකරල ඇති. ගේ හොයාගන්න පුලුවන්වෙයිද දන්නෙ නෑ මා සිතන්ට පටන්ගත්තෙමි.කොහොම හරි අද මගේ ගැටලුවත් විසද ගත්තොත්.....මට සවස් වෙනකම් ඉවසිල්ලක් නැතිවිය. දහවල් කෑම වෙලාවේදී නංගී මා සමගම කෑම බෙදා ගැනීමට පටන්ගත්තාය.කෑම පිගාන බෙදාගත් මා.....පුටුව ඇදගෙන ඇය ඉදිරියේ වාඩිවුනෙමි.හොදින් අනාගත් බත් ටිකක් අතට ගත් මා කට අරින්නකො නංගී පැවසූ මම ඇයට බත් කටක් කැවුවෙමි.....ඇය එය කන ගමන් මා දෙස ආදරයෙන් බලා සිටිනු අයුරු දුටුවෙමි.....අනේ පව් මේ කෙල්ලට කොයිතරම් ආදරේ ඕනැවෙලාද....මා සිතුවෙමි....මොකද අද මේ සුරන්ගනී අතදරුවෙක් වෙලාද?.........මම ඇයට කෑම කවනු දුටු ඇන්ටි සිනාසුනාය......

හිල් තියෙන පොල්කට්ටකුත් හොයාගන්න....ඇය පැවසූවිට....මොකටද ඒ.....සුරන්ගී ඇසුවාය........හර්ශනී අක්කට කියල නාව ගන්න.....දැන් ඔයා අත දැරිවියෙක් වෙලානෙ......ඇය නැවත සිනාසෙන්ටවිය......අනේ නෑ අන්ටි නංගි නෙවෙයි කවන්න කිව්වෙ මමයි හිතල එයාට කැව්වෙ......මම කීවෙමි.....කමක් නෑ කමක්නෑ...කිව්ව ඇය මම විහිලුවක් කලේ.....අම්මෙක් නැති දරුවෙක්නෙ.....ඇය සුරන්ගිගේ ඔලුව අතගෑවාය........කැම ගෙන අවසන්වූ මම කාමරයට ගොස් ඇදෙහි ඇලවුනෙමි.මා නොදැනුවත්වම නින්ද ගොස්තිබුනු බව ඇහැරී වෙලාව බලන විට සිහිවිය. දැන් වෙලාව දෙකයි දැන්නම් එයාල ගෙදර ගිහින් ආපහු එනවත් ඇති....මට ඔවුන් එන තෙක් ඉවසිල්ලක් නොමැති විය............

මතු සම්බන්ධයි.......
#පරීක්ෂණය

******** අවසන් මෙහෙයුම 17 කොටස ***********=============පසුගිය කොටසින්===============නැවතත් තනිකඩයෙකු බවට පත් වූ රොබට් නි...
03/09/2026

******** අවසන් මෙහෙයුම 17 කොටස ***********
=============
පසුගිය කොටසින්
===============
නැවතත් තනිකඩයෙකු බවට පත් වූ රොබට් නිදිවර්ජිත රාත්‍රීන් හි වැළපෙමින් හඬා වැටුණි. සුසාන්ගෙන් තොර ලොවක් ඔහු නොපැතීය. ඔහුගේ මිතුරෝ ඔහුව අස්වසාලීමට නොයෙක් දේ කළහ. නොයෙක් රැකියාවල නියුතු රූමත් තරුණියන් ඔහුට හඳුන්වා දෙනු ලැබුව ද ඒ එකියක ද සුසාන්ට සම කළ නොහැකි වූ රොබට් වෙනත් කතකගේ ඇසුර දැඩි සේ ප්‍රතික්ෂේප කළේය.

සතියකට වරක් හෝ සුසාන් ඔහුට ඇමතුමක් දුන් අතර නිතර ඔහුගේ සැපදුක් සොයා බැලීමට ඇය අමතක නොකළාය.

++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++

ලෙස්ලි මදර්ෂෙඩ් ඉහවහා ගිය ප්‍රීතියෙන් උදම්ව සිටියේය. ඉතාම සුරක්ෂිතව සියළුම දළ සේයාපට තුරුළු කරගෙන ලන්ඩනයට පැමිණි ඔහු වහාම තම කුඩා ඡායාරූප ශාලාවට වැදි ඒවා මුද්‍රණය සඳහා සියල්ල සැකසීය. වෙව්ලන දෑතින් ඔහු කැමරාවේ පසුපස පියන විවෘත කර සේයා පට එළියට ගත්තේය.
=============
අද එතැන්සිට………
=============

හැකිනම් Share කරල සහයක් දෙන්න. තවමත් අපේ පිටුවට එකතු වෙලා නැති යාලුවො මේ ලින්ක් එකෙන් ( https://www.facebook.com/kathantharakaraya/ ) ඇවිදින් Like එකක් දාල අපේ පිටුවට එකතු වෙන්න. දිගටම අලුත් කතා කියවන්න පුලුවන්.

දළ සේයා පට වර්ධනය කරගැනීමේ ක්‍රියාදාමය ඔහු ඉතාමත් නිවැරදිව පිළිවෙලට අනුගමනය කිරීමට ඉටා ගත්තේය. අවසානයේ සියලු දළ සේයාපට වියළීම සඳහා එල්ලා තිබිණි.

ක්‍රියාවලිය අවසානයේ දී මදර්ෂෙඩ් අත වුයේ මෙලොව සිටින වැදගත්ම ඡායාරූප ශිල්පියා විසින් ගනු ලැබූ අමරණීය පින්තූර පෙළකි. අභ්‍යවකාශ යානය ඇතුළත දර්ශනය සහිත රූපය පරීක්ෂා කළ මදර්ෂෙඩ් තමා ඉහත දී නොදුටු අමුතු කරුණු දෙකක් වෙත සිත යොමු කළේය. යානය තුළ ආසන තුනක් වූ අතර සිරුරු තිබුණේ දෙකකි. එමෙන්ම එක් ජීවියෙකුගේ අතක් වෙන්ව තිබූ අතර එය හාත්පස දකින්නට නොවීය. ‘දෙවියනේ, හැම පින්තූරයක්ම නිධානයක්!’

තම සාර්ථකත්මයෙන් උදම් වූ මදර්ෂෙඩ් ලන්ඩනයේ ප්‍රසිද්ධ භෝජනාගාරයකට වැදී දිවා ආහාරය ඇණවුම් කළේය. සුළු මොහොතකින් ප්‍රසිද්ධ සිනමා නළු මයිකල් කේන් හා ජේම්ස් බොන්ඩ් සිනමාපට පෙළේ ප්‍රධාන නළු රොජර් මුවර් එහි ඇතුළු වූහ. මදර්ෂෙඩ් පසුකර ගොස් ඔබ්බෙහි වූ මේසයක් අසල වාඩිගත් ඔවුහු නිකමට හෝ මදර්ෂෙඩ් දෙස නොබැලූහ. නමුත් ස්වල්ප දිනකින් ඔවුන් තමා පසුපස එන අයුරු සිහින මවමින් මදර්ෂෙඩ් දිවා ආහාරය නිම කළේය.

සුපිරි නළුවන් දෙදෙන පසුකර ඉහළ මාලයට පිවිසි මදර්ෂෙඩ් එහි වූ දුරකථන කුටියට වැදී *සන්* පුවත්පතට ඇමතුවේය.

“මම කැමතියි ඔබේ ඡායාරූප සංස්කාරකට කතා කරන්න”

“ඔව් මොකක්ද උවමනාව?”

“පිට සක්වළ ජීවීන් දෙදෙනෙකු සමග පියාඹන පීරිසියක පින්තූර ඔබට කොතරම් වටිනවා ද?”

“හොඳ පින්තූර නම්, නියම එකක් විදියට සකස් කරල තියෙනව නම් අපි පළ කරන්නම් ඒ වගේම...........”

මදර්ෂෙඩ්ගේ කෝපය ඉහවහා ගියේය.
“ඒ ව්‍යාජ ඒව නම්, මේව සත්‍ය ඒවා. පූජකතුමෙක් ඇතුළු නවදෙනෙක් ඉන්නවා සාක්ෂිකාරයෝ”

අනෙක් කෙළෙවරෙහි වූ මිනිසාගේ කටහඬ බැරෑරුම් වූ අතර එහි විමතියක් ගැබ්විය.

“ඕ! කොහේදී ද මේ පින්තූර ගත්තේ?”

“ඒක අහන්න එපා.” මෙම රහස එළිකර තම වාසනාව අහිමි කර ගැනීමට ඔහු කොහෙත්ම සූදානම් නැත. “ඔබ මේ ගැන උනන්දුවක් දක්වනව ද?”

“ඔබට ඔප්පු කරන්න පුළුවන් නම් මේවගේ සත්‍යතාවය ඇත්තෙන්ම අපි විශාල උනන්දුවක් දක්වනවා”

“මම නැවත කථා කරන්නම්” ප්‍රීතියෙන් ඉපිළ ගිය මදර්ෂෙඩ් තවත් ඇමතුම් දෙකක් ගත් අතර තවත් වැදගත් පුවත්පත් දෙකක් ඔහුගේ කතාව පිළිගත්හ. ආපසු යන අතරතුර සුපිරි නළුවන් දෙදෙනා වෙතට ගිය ඔහු ඔවුන්ගේ සමරු සටහන් සහිත කඩදාසි කැබලි දෙකක් ඉල්ලා ගත්තේය. මගට බට වහාම මදර්ෂෙඩ් වියරුවෙන් මෙන් කොල කැබලි දෙක ඉරා සුළඟේ පා කළේය.

++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++

වයිට්චැපල්හි දී කුලී රථයකට ගොඩවූ රොබට් ලන්ඩන් නගරයේ ව්‍යාපාරික පෙදෙස පසුකර ගොස් මාවත දිගේ ඉදිරියට ගමන් කළේය. නගරයේ ජරාවාස පෙදෙසක පිහිටි 213 ඒ ලිපිනය සොයාගත් රොබට් රථයෙන් බැස රියදුරා ආපසු හරවා යැවීය.

දොරටුවේ සීනුව නාද වෙත්ම තම කුඩා සාලයේ සිටි මදර්ෂෙඩ් අස්ථාන බියකින් තිගැස්සී දොර දෙස බැලීය. වහාම තම අනර්ඝ වස්තුව ගෙන කළුවර කාමරයට පැනගත් ඔහු ඒවා පරණ ඡායාරූප ගොඩක් අතරේ සැඟවීය. සීනුව නොනවත්වාම නාද වූ අතර නැවතත් සාලයට පැමිණ දොර විවෘත කළ මදර්ෂෙඩ්ට දකින්නට ලැබුණේ හේ කිසි දින නොදැක තිබූ අමුත්තෙකි.

“ඔව් මොකද?”

“ලෙස්ලි මදර්ෂෙඩ්”

“ඒ මම. මොකද කරන්න ඕනෑ?”

“මම ඇතුළට එන්න ද?”

“මම දන්නෙ නැහැ. මොනව ද ඔබට අවශ්‍ය?”

“මදර්ෂෙඩ් මහත්තයා, මම රාජකාරියකට ආවෙ. අපිට මෙහෙදි කතා කරන්නත් පුළුවන්. නැත්නම් යමු අමාත්‍යංශයට” ආරක්ෂක අමාත්‍යංශ හැඳුනුම්පතක් ඇද පෙන්වූ රොබට් පැවසීය. ඡායාරූප ශිල්පියාගේ මුහුණෙහි ඇති වූ හදිසි භීතිය රොබට්ට පැහැදිලිව පෙනුණි.

“මම දන්නෙ නැහැ ඔබට අවශ්‍ය මොනවද කියල? නමුත්........... එන්න ඇතුළට” පාළු බව පිරිවරාගත් තරමක් අපිරිසිදු එමෙන්ම කෙනෙකුට පහසුවෙන් රැඳී සිටීමට නොහැකි වූ එම සාලයට ඇතුළු වූ රොබට් එක එල්ලේ මදර්ෂෙඩ් දෙස බැලීය.

“මම ආවේ ඔබ අරගෙන තියෙන පින්තූර වගයක් ගැනදැනගන්න.”

“මොන පින්තූර ගැන ද ඔබ කතා කරන්නේ?”

“අර පියාඹන පීරිසිය අනතුරට පත්වුණ තැනදි ගත්ත ඒවා” රොබට් සන්සුන්ව පැවසූ විට වරක් විමතියට මෙන් බැලූ මදර්ෂෙඩ් හඬනගා සිනාසෙන්නට විය.

“ආ! ඒව ද? මට ඒ පින්තූර ටික ගන්න ලැබුණා නම්”

“ඉතින් ඔබ පින්තූර ගත්තනෙ”

“ඔව් මම උත්සාහ කළා”

“උත්සාහ කළා? ඒ කියන්නේ?”

“මේ කරුම කැමරාව වැඩකරන්නෙ නැහැනෙ”
මදර්ෂෙඩ් බොරුවට කැස්සේය.

“මගෙ කැමරාවෙ ආලෝකය බොඳ වෙනවා. මේ වුණේ දෙවනි සැරේට.” ඔහුගේ වචන ගොත ගැසෙන්නට විය.
“මම දළ සේයාපටි ටිකත් විසිකරල දැම්මා. අපරාදෙ මගෙ සල්ලි”

“අපරාදෙ! ඒ පින්තූර බොහොම ප්‍රයෝජනවත් වෙන්න තිබුණා.”
සානුකම්පිත ස්වරයකින් කියූ රොබට් මගීන්ගේ නම් පිළිබඳ කිසිවක් ප්‍රශ්න නොකළේය. කාමරය සිසාරා හුදු බැල්මක් හෙලූ රොබට් නම් ලැයිස්තුව හා පින්තූර කොහේ සඟවා තිබුණ ද එය සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව හැඟුණි.

“අභ්‍යවකාශ යානය ගැන යමක් කියන්න පුළුවන් ද?”
මීට පෙර සාක්ෂිකරුවන් මෙන්ම හදිසි තැති ගැනීමකින් පසු මදර්ෂෙඩ් ද සුපුරුදු විස්තරය දිග හැරියේය.

“බස් රථයේ මගීන් ගැන ඔබට යමක් කියන්න පුළුවන් ද?” රොබට් නැවතත් විමසීය.

“බැහැ කණගාටුයි. ඔවුන් ගැන මම දන්නෙ නැහැ.” තම තිගැස්ම සඟවා ගන්නට උත්සාහ ගත් මදර්ෂෙඩ්
“ඒකට හේතුව මම හිටියෙ බස් රථයෙ නොවෙයි. ඔවුන් සියලු දෙනා මට අමුත්තෝ.”

“බොහොම ස්තූතියි ඔබේ සහයෝගයට. මමත් කණගාටු වෙනවා ඔබේ පින්තූර ගැන.”

“මටත් හරිම කනගාටුයි.” මදර්ෂෙඩ් පැවසුවේය. නමුත් යටි සිතින් ඔහු ඉතාමත් ප්‍රීතිමත් මිනිසෙක් විය.

මදර්ෂෙඩ් පදිංචිව සිටි තට්ටු නිවස පේන මානයේ හෝටලයක ලැඟුම් ගත් රොබට් ප්‍රථමයෙන්ම ජෙනරල් හීලියාඩ්ට ඇමතුමක් ගත්තේය.

“ඉංග්‍රීසි ජාතික සාක්ෂිකාරයා මට හමුවුණා ජෙනරාල්”

“මොහොතක් ඉන්න. හරි කියන්න කමාන්ඩර්.”

“ලෙස්ලි මදර්ෂෙඩ් 213, වයිට්චැපල්, ලන්ඩන්.”

“අපූරුයි කමාන්ඩර්. මම බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැනුම් දෙන්නම් ඔහුට කතා කරන්න කියලා.”

නම් ලැයිස්තුව පිළිබඳ කිසිවක් රොබට් සඳහන් නොකළේය. එය තමාට පමණක් සීමා වූ දෙයක් ලෙස ඔහු සැලකුවේය.

++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++

රෙජිගෙ මස් හා මාළු ඇසුරූ සාප්පුව පිහිට තිබුණේ බ්‍රොම්ප්ටන් මාවතේ මඳක් ඔබ්බෙනි. අසල්වාසියේ පදිංචි ලිපිකාර හා රාජ්‍ය පරිපාලන අංශවල සේවයේ නියුතු වූවන් නිතර පැමිණෙන සාමාන්‍ය ස්ථානයක් විය. තැන තැන පතුරු ගැලවුණ බිත්තිවලින් සමන්විත විය.

දුරකථනය නාද වූ අතර අයකැමි කවුළුව අසල වාඩි වී සිටි කළු එක් උපැසක් පැළඳි මිනිසා රිසීවරය අතට ගත්තේය.

“රෙජි කතා කරන්න‍ෙ”

“රෙජි. මම බිෂොප්.”

“ඔව් සර්.” රෙජිගෙ හඬ මිමිණුමකට හැරුණි.

“අපේ ගනුදෙනුකාරයගෙ නම ලෙස්ලි මදර්ෂෙඩ් 213, වයිට්චැපල්. මේ ඇණවුම හැකි ඉක්මණින් භාර දෙන්න ඕනෑ.”

“වැඩේ කෙරුණා කියල හිතාගන්න සර්.”

=====================

( මතු සම්බන්ධයි.......)

******** අවසන් මෙහෙයුම 16 කොටස ***********=============පසුගිය කොටසින්===============පසුදින උදයේ රොබට් පිටත් වීමට සූදානම්...
02/09/2026

******** අවසන් මෙහෙයුම 16 කොටස ***********
=============
පසුගිය කොටසින්
===============
පසුදින උදයේ රොබට් පිටත් වීමට සූදානම් වන විට සුසාන් එතනට පැමිණියාය.

“රොබට්, මට යමක් කියන්න තියෙනවා.”

“ඒ මොකක් ද සුසාන්............?”

“අපේ ජීවිත හරිම දුරස්ථයි. අපි ඈතට පාවෙලා ගිහින්. අපි අතරෙ විවාහයක් නැහැ.”

“ඔයා හරි මම වෙනස් වෙන්නම්. මම ඉල්ලා අස්වෙනවා දැන්. අද අපි කොහෙ හරි................”

“නැහැ රොබට්, අපි දෙන්නම දන්නවා ඒක සිද්ධ වෙන්නේ නැහැ. මට දික්කසාදයක් අවශ්‍යයි.”

රොබට්ගේ හිස කැරකෙන්නටත් බඩ දඟලන්නටත් විය.
“ඔයා ඔය ඇත්තටම ද, සුසාන්.................? අපි වෙන විදියක්...............”
=============
අද එතැන්සිට………
=============

හැකිනම් Share කරල සහයක් දෙන්න. තවමත් අපේ පිටුවට එකතු වෙලා නැති යාලුවො මේ ලින්ක් එකෙන් ( https://www.facebook.com/kathantharakaraya/ ) ඇවිදින් Like එකක් දාල අපේ පිටුවට එකතු වෙන්න. දිගටම අලුත් කතා කියවන්න පුලුවන්.

“දැන් පරක්කු වැඩියි රොබට්. මේක හුඟක් කාලයක ඉඳලා කල්පනා කරලා ගත්ත තීරණයක්. අපට තියෙන්නේ වෙන්වුණ ජීවිත. මට එහෙම ජීවිතයක් පලක් නැහැ.”

“මේකට............ මේකට මොන්ටි බෑන්ක්ස්ගෙ සම්බන්ධයක් තියෙනව ද?” තම හැඟීම් පාලනය කරගනිමින් රොබට් විමසීය.

මඳක් නිහඬව සිට ඉවත බලාගත් සුසාන් “මොන්ටි කැමතියි මාව විවාහ කරගන්න.”

“එතකොට ඔබත්................?”

“ඔව්.”

සති දෙකක් ගතවනතුරු මත්පැන් වලින් සිහිය විකල් කරගත් රොබට් සුසාන්ට දික්කසාදයක් ලබා දී තිබුණි.

*************************************
*************************************

“ට්‍රයි, මට උදව්වක් අවශ්‍යයි.” දුරකථන ඇමතුමක් ගත් රොබට් පැවසීය.

“උදව්වක්? ඔබ වහාම මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. ඇයි දෙවියනේ සුසාන්ට යන්න ඇරියෙ?”

“ඒක දිග, දුක හිතෙන කතාවක්” රොබට් පැවසීය.

“මට ඇත්තටම කණගාටුයි. සුසාන් අපූරු ගැහැනියක්. මම නම්...................... හා කමක් නැහැ. මොකක් ද උදව්ව?”

“ඔබට පුළුවන් ද කෙනෙක් ගැන පරිගණක සෝදිසියක් කරන්න?”

“කරල දෙන්නම්. මට නම විතරක් දෙන්න.”

“මොන්ටි බෑන්ක්ස්”

“හොඳයි, මොනව ද දැනගන්න අවශ්‍ය?”

“සාමාන්‍ය දේවල්. මිනිහගෙ දේපල, ආදායම් මාර්ග වගේ දේවල්.”

“සාමාන්‍ය දෙයක්නේ.”

“ඒත්, ට්‍රයි මේක අපි දෙන්න අතර විතරයි.”

“ප්‍රශ්නයක් නැහැ. මම උදේට කතා කරන්නම්.”

සුසාන් බේරා ගැනීමට තමා කළ යුතු මොනවා ද යන්න රොබට්ට සිතා ගැනීමට අපහසු විය.

පසුදින උදයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩස්ටින් තෝන්ටන් රොබට්ව කැඳවා තිබිණි. ඔහු මඳක් නොරුස්සන හඬකින් කතා කරන්නට විය.

“ඔබ වැඩ කරන්නෙ මොනව සම්බන්ධව ද කමාන්ඩර්?”

“සිංගප්පූරු නියෝජිතය සමග ලිපි ගොනුවක් අවසන් කරනවා“

“මට පේන්නෙ ඔබට ඒ කාර්යය ප්‍රමාණවත් මදි වගේ“

“මට තේරුණේ නැහැ.................“

“අමතක ද කමාන්ඩර්? නාවික බුද්ධි අංශය වැදගත් ඇමෙරිකානු පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගහන්නේ නැහැ“ දැඩි විමතියට පත් රොබට්,
“ඔබ කියන්නෙ..........“

“මට දැනුම් දීල තියෙනව ඔබ අපේ ආයතනයට අදාළ නැති තොරතුරු FBI එකෙන් ලබාගන්න උත්සාහ කරනවා කියලා“

හදිසි කෝපයකින් රොබට්ගේ සිරුර රත් වීගෙන යනු ඔහුට දැනුණි. ‘බැල්ලිගෙ පුතා අල් ට්‍රයිනෝ මාව පාවා දීලා‘

“මම.........“ රොබට් නිරුත්තර විය.

“FBI පරිගණක තියෙන්නෙ ඔබට කැමති පරිදි සාමාන්‍ය පුරවැසියන්ට හිරිහැර කරන්න නෙවෙයි. පැහැදිලි ද?”

“පැහැදිලියි සර්.“

“එහෙනම් යන්න පුළුවන්“

වහාම කාර්යාලයට දිවූ රොබට් වෙව්ලන දෑතින් ඇමතුමක් ගත්තේය.

“FBI“ කාන්තා කටහඬක් පිළිතුරු දුනි.

“මට අල් ට්‍රයිනෝව දෙන්න“

“කරුණාකරලා මොහොතක් ඉන්න.“

විනාඩියකට පමණ පසුව ගැඹුරු පිරිමි කටහඬක් දුරකථනයෙන් ගලා ආවේය.

“ඔබට අවශ්‍ය මොකක් ද?

“මට අල් ට්‍රයිනෝට කතා කරන්න අවශ්‍යයි“

“කණගාටුයි ඔහු තවදුරටත් මේ ආයතනයේ වැඩ කරන්නෙ නැහැ.“

“ඇයි ඒ?“ දැඩි කම්පනයට ලක් වූ රොබට් විමසීය.

“ඔහුව මාරු කරලා“

“මාරු කරල, කොහාට ද?“

“මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට. මම හිතන්නෙ ඔහු නැවත ආපසු එන එකක් නැහැ.“

“ඒ මොකද?“

“රොක් ක්‍රීක් උද්‍යානයේ ඔහු ව්‍යායාම කරමින් ඇවිදින විට බීමත් රියදුරෙක් ඔහුව යට කරගෙන ගිහින්. ඔහුගේ සිරුර අඩි හතලිහක් විතර ඈතට විසිවෙලා. ජීවත් වෙන එකක් නැහැ.“

රිසීවරය ආපසු තැබූ රොබට්ගේ සිත ගිනි ගත් සෙයක් විය. ඔහුගේ හිස කරකැවෙන්නට වූ අතර නොයෙක් සිතුවිලිවලින් හිස බර විය. මොන්ටි බෑන්ක්ස් ආරක්ෂා කරන්නෙ කවුද? ඇයි? දෙවියනේ! ඔහුට සිතුණි. සුසාන් මැදිවෙන්න යන්නේ මොනවට ද? එම සවස් වරුවේ ඔහු ඇයව හමුවෙන්නට ගියේය.

“ඇයි රොබට් හදිස්සියෙම?“ ඇය විමසීය.

“ඔබව දකින්න හිතුණා. ඒත් එක්කම මොන්ටි ගැන දැනගන්නත්.“

“ඔහු ගැන මොනව ද?“

“ඔහුට මුදල් ලැබෙන්නෙ කොහෙන් ද?“

“අයියෝ! රොබට්, ඔහු විශාල ව්‍යාපාරිකයෙක්.“ ඇය කනස්සලු හඬින් කීවාය.

“හොඳයි මට ඔයා ගැන.............“

“හරි, හරි. මට තේරෙනව රොබට්. මම මා ගැන බලාගන්නම්.“

ලැජ්ජාවට පත් රොබට් ඉන්පසු ගොඩවූයේ ෆෝබ් සඟරා ප්‍රකාශන ආයතනයටයි. විශාල ධනවතුන් පිළිබඳ විස්තර ඔවුන් දැන සිටිය ද මොන්ටි ගැන වැඩි යමක් ඔවුන් සතු නොවීය. ඔහු පිළිබඳව වැඩි විස්තර කිසිත් නොවීය.

නැවතත් තනිකඩයෙකු බවට පත් වූ රොබට් නිදිවර්ජිත රාත්‍රීන් හි වැළපෙමින් හඬා වැටුණි. සුසාන්ගෙන් තොර ලොවක් ඔහු නොපැතීය. ඔහුගේ මිතුරෝ ඔහුව අස්වසාලීමට නොයෙක් දේ කළහ. නොයෙක් රැකියාවල නියුතු රූමත් තරුණියන් ඔහුට හඳුන්වා දෙනු ලැබුව ද ඒ එකියක ද සුසාන්ට සම කළ නොහැකි වූ රොබට් වෙනත් කතකගේ ඇසුර දැඩි සේ ප්‍රතික්ෂේප කළේය.

සතියකට වරක් හෝ සුසාන් ඔහුට ඇමතුමක් දුන් අතර නිතර ඔහුගේ සැපදුක් සොයා බැලීමට ඇය අමතක නොකළාය.

++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++

ලෙස්ලි මදර්ෂෙඩ් ඉහවහා ගිය ප්‍රීතියෙන් උදම්ව සිටියේය. ඉතාම සුරක්ෂිතව සියළුම දළ සේයාපට තුරුළු කරගෙන ලන්ඩනයට පැමිණි ඔහු වහාම තම කුඩා ඡායාරූප ශාලාවට වැදි ඒවා මුද්‍රණය සඳහා සියල්ල සැකසීය. වෙව්ලන දෑතින් ඔහු කැමරාවේ පසුපස පියන විවෘත කර සේයා පට එළියට ගත්තේය.

=====================

( මතු සම්බන්ධයි.......)

Address

628/9, The Financewatta, Horampella
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when Herbal Heven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herbal Heven:

Shortcuts

Share