Vetpharma

Call Directions Website Contact the business

Vetpharma Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vetpharma, Pharmaceutical Company, Suhada Mawatha, Ihalagama North, Udubaddawa.

Vetpharma.lk Leading Manufacturer & Distributor of Veterinary Pharmaceutical, Nutraceuticals and feed | Trusted Quality for Animal Health & Nutrition In Sri Lanka

තරබාරු සුරතලෙක් කියන්නේ ලෙඩ වුණු සුරතලෙක්! 🐾🏃‍♂️අද කාලේ ගොඩක් සුරතලුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අධික තරබාරුකම. හරියට...
20/10/2026

තරබාරු සුරතලෙක් කියන්නේ ලෙඩ වුණු සුරතලෙක්! 🐾🏃‍♂️

අද කාලේ ගොඩක් සුරතලුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අධික තරබාරුකම. හරියට ව්‍යායාම ලැබෙන්නේ නැති වුණාම සන්ධි රෝග, දියවැඩියාව, හෘදයාබාධ හැදිලා එයාලගේ ආයු කාලය ගොඩක් කොට වෙනවා. ඒ විතරක් නෙවෙයි, මානසික ආතතිය නිසා ගෙදර තියෙන බඩු බාහිරාදිය විනාශ කරන්නත් පෙළඹෙනවා.

ඔයාගේ සුරතලා නිරෝගීව තියන්න මේ ටික කරන්න:
✅ දිනපතා විනාඩි 30-45 ක් උදේට හරි හවසට හරි ඇවිදින්න එක්කන් යන්න.

✅ බෝල ගැසීම, පිහිනීම වැනි ආස හිතෙන සෙල්ලම් වල යොදවන්න.

✅ ව්‍යායාම කරන අතරතුර සහ පස්සේ පිරිසිදු වතුර බොන්න දෙන්න.

✅ සුරතලාගේ වයසට සහ ප්‍රමාණයට ගැලපෙන විදිහට ව්‍යායාම ප්‍රමාණය තීරණය කරන්න.

⚠️ අනතුරු ඇඟවීම: තද අව්ව තියෙන වෙලාවට තාර පාරවල් වල එක්කන් යන්න එපා. කකුල් වල යටි පතුල් පිච්චෙන්න පුළුවන්!

ඔයාගේ සුරතලා එක්ක හැමදාම Walk එකක් යනවාද? පහලින් Comment එකක් දාන්න.

මේ වගේ දේවල් දවසින් දවස දැනගන්න Vetpharma follow කරන්න 💚

Call now ! We are Hiring..!
19/10/2026

Call now ! We are Hiring..!

සුරතලෙක් උගුරේ මොනවා හරි හිරවුණා වගේ හයියෙන් කහිනවා දැක්කම අපිටත් හරිම අපහසුයි නේද? හැබැයි මේක සාමාන්‍ය කැස්සක් නෙවෙයි, ...
17/10/2026

සුරතලෙක් උගුරේ මොනවා හරි හිරවුණා වගේ හයියෙන් කහිනවා දැක්කම අපිටත් හරිම අපහසුයි නේද? හැබැයි මේක සාමාන්‍ය කැස්සක් නෙවෙයි, "Kennel Cough" (කෙනල් කැස්ස) කියන බෝවන රෝගය වෙන්න පුළුවන්! ⚠️

සීත කාලගුණයත් සමඟ සුරතලුන් අතර ඉතා ඉක්මනින් පැතිරෙන මෙම බෝවන රෝගයේ ප්‍රධාන ලක්ෂණ:
🔹උගුරේ යමක් හිරවී වමනය දමන්නාක් මෙන් වියළි ලෙස දිගින් දිගටම කැස්ස.
🔹සෙල්ලම් කරන විට හෝ උද්යෝගිමත් වන විට කැස්ස වැඩි වීම.
🔹කැස්ස සමඟ උණ හෝ කෑම අරුචිය තිබීම.

🛡️ සුරතලා ආරක්ෂා කරගන්නේ කෙසේද?
🔸ආසාදිත සතුන්ගෙන් වෙන් කර තබන්න.
🔸අධික ශීතල සුළං වදින ස්ථානවලින් ඉවත් කරන්න.
🔸නිසි වේලාවට "Kennel Cough" එන්නත ලබා දෙන්න.

🚨 විශේෂයි: කැස්ස අධික නම් හෝ උණ/කෑම නොකෑම වැනි ලක්ෂණ ඇත්නම්, වහාම පශු වෛද්‍යවරයකු (Vet) වෙත රැගෙන යන්න.

💬 ඔබේ සුරතලා කහින්න පටන් ගත්තොත් ඔබ මුලින්ම කරන්නේ මොකක්ද? පහළින් Comment එකක් දාන්න! 👇

💚 දවසින් දවස ඔබේ සුරතලාගේ සෞඛ්‍ය රැකගන්න Vetpharma සමඟින් රැඳී සිටින්න!

#බල්ලා

ගැබිනි සුරතලියට විශේෂ අවධානයක් දෙන්නේ කොහොමද? 🍼🐾සුනඛයන්ගේ ගැබ් කාලය දින 58-68 අතර වෙනවා. මේ කාලයේදී දෙන පෝෂණය සහ සත්කාර ...
14/10/2026

ගැබිනි සුරතලියට විශේෂ අවධානයක් දෙන්නේ කොහොමද? 🍼🐾

සුනඛයන්ගේ ගැබ් කාලය දින 58-68 අතර වෙනවා. මේ කාලයේදී දෙන පෝෂණය සහ සත්කාර මත තමයි පැටවුන්ගේ නිරෝගීබව වගේම අම්මාගේ කිරි ප්‍රමාණයත් තීරණය වෙන්නේ.

ගැබිනි කාලයේදී කරන්නම ඕනේ දේවල්:
✅ උසස් පෝෂණය: ගැබ් ගත්තට පස්සේ Puppy Food නැත්නම් විශේෂිත පෝෂණ කෑම ලබා දෙන්න.

✅ කැල්සියම් සහ ප්‍රෝටීන්: වෙට්ගේ උපදෙස් මත අවශ්‍ය පෝෂණ අතිරේක එකතු කරන්න.

✅ Whelping Box: පැටවු හම්බවෙන්න පිරිසිදු, උණුසුම් ස්ථානයක් සූදානම් කරන්න.

✅ වෙට් පරීක්ෂාව: ප්‍රසූතියට කලින් Ultrasound Scan එකක් කරලා පැටවුන්ගේ සෞඛ්‍යය තහවුරු කරගන්න.

ඔයාටත් ගැබ් ගන්නා කාලයේ සිටින සුරතලියක් සිටිනවාද? පහලින් Comment එකක් දාන්න.

මේ වගේ දේවල් දවසින් දවස දැනගන්න Vetpharma follow කරන්න 💚

Happy Birthday to Our Esteemed Managing Director! 🎉On behalf of the entire team, we extend our heartfelt wishes to you o...
11/10/2026

Happy Birthday to Our Esteemed Managing Director! 🎉

On behalf of the entire team, we extend our heartfelt wishes to you on your special day. Your visionary leadership, unwavering dedication, and inspiring work ethic continue to drive us all toward greater success.

May this year bring you continued health, happiness, and achievements both personally and professionally.

Here's to many more milestones ahead! 🥂
Happy Birthday! 🎂🎈

ඔබේ සුරතලාගේ මොළයටත් ව්‍යායාම අවශ්‍යයි! 🧠ඇඟට වගේම ඔයාගේ සුරතලාගේ මානසික සෞඛ්‍යයත් ඉතාම වැදගත්. මොළයට ව්‍යායාමයක් නැති වු...
11/10/2026

ඔබේ සුරතලාගේ මොළයටත් ව්‍යායාම අවශ්‍යයි! 🧠

ඇඟට වගේම ඔයාගේ සුරතලාගේ මානසික සෞඛ්‍යයත් ඉතාම වැදගත්. මොළයට ව්‍යායාමයක් නැති වුණාම එයාලා ගෘහ භාණ්ඩ විනාශ කරන්න, දිගටම බුරන්න සහ පාළුව නිසා ඇතිවන ආතතියට (Separation Anxiety) ගොදුරු වෙනවා.

මොළය ක්‍රියාශීලීව තියන්න කරන්න පුළුවන් දේවල්:
✅ Puzzle Toys: කෑම සඟවලා තියලා හොයන්න පුළුවන් සෙල්ලම් බඩු දෙන්න.

✅ අලුත් වැඩ පුරුදු කරන්න: "Sit", "Stay" වැනි සරල අණ කිරීම් පුහුණු කරන්න.

✅ Hide and Seek: කෑම හෝ සෙල්ලම් බඩු ගෙදර සඟවලා හොයන්න පුරුදු කරන්න.

✅ සුවඳ සෙල්ලම්: සුවඳ ඔස්සේ දේවල් හොයන ක්‍රීඩා කරවන්න.

💡 දවසට විනාඩි 15ක මානසික ව්‍යායාමයකින්, පැයක ශාරීරික ව්‍යායාමයකින් ලැබෙන මානසික සහනය ලැබෙනවා!

ඔයාගේ සුරතලා කරන චණ්ඩිකම් මොනවාද? පහලින් Comment එකක් දාන්න.

මේ වගේ දේවල් දවසින් දවස දැනගන්න VetPharma follow කරන්න 💚

We are Hiring..!!
06/10/2026

We are Hiring..!!

පුංචි නෙත් දෙකකින්, වචන නැතිව කියන ආදරය... 🐾 💚අපේ දවස ලස්සන කරන, අපේ හදවතට සතුට ගෙනෙන ඒ ආදරණීය බැඳීම වෙනුවෙන්... 🌿 🐶එයාල...
05/10/2026

පුංචි නෙත් දෙකකින්,
වචන නැතිව කියන ආදරය... 🐾 💚

අපේ දවස ලස්සන කරන,
අපේ හදවතට සතුට ගෙනෙන ඒ ආදරණීය බැඳීම වෙනුවෙන්... 🌿 🐶

එයාලා අපිට දෙන නිමක් නැති ආදරයට,
ආරක්ෂිත සහ ගුණාත්මක සත්කාරයකින් ආදරය ආපසු දෙමු. 💚

Because they give us a lifetime of unconditional love, they deserve the very best care. 🐾✨

Vetpharma Pet Care - Caring for them, because they’re family. 💚

පූස් පැටියෙක් හම්බුනාද? මුල් සති 8 ඇතුළේ කරන්නම ඕන දේවල් මෙන්නපාරේ ඉඳලා හරි කාගෙන් හරි ඔයාටත් අලුත් පූස් පැටියෙක් ගෙදරට ...
29/09/2026

පූස් පැටියෙක් හම්බුනාද? මුල් සති 8 ඇතුළේ කරන්නම ඕන දේවල් මෙන්න

පාරේ ඉඳලා හරි කාගෙන් හරි ඔයාටත් අලුත් පූස් පැටියෙක් ගෙදරට ගේන්න හම්බුණාද? එහෙනම් මුල් සති 8 ඇතුළත මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්නම ඕනේ. 👇

මුල් මාස දෙක කියන්නේ අලුත් පැටියෙක්ගේ ජීවිතේ ගොඩක්ම පරිස්සම් කරන්න ඕනේ කාලේ. මේ කාලේදී එයාලගේ ඇඟට ඉක්මනටම සීතල අල්ලන්න, ලෙඩ රෝග බෝවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. අම්මාගේ කිරි නැති පැටියෙක් නම් මේ අවදානම තවත් වැඩියි.

පරිස්සම් කරගන්නේ කොහොමද? 🐱 මුල් සති කීපයේදී අපි බොන එළකිරි හරි පිටිකිරි හරි පැටියට දෙන්න එපා, ඒ වෙනුවට පූස් පැටවුන්ට දෙන විශේෂ කිරි (Kitten milk) විතරක් දෙන්න. ✅ පොඩි කාලේ නාවන්න යන්න එපා, ගොඩක් කිළුටු නම් තෙත රෙදි කෑල්ලකින් පිහදාලා උණුසුම් තැනක තියන්න. ✅ සති 4ක් විතර වෙද්දී දිරවන්න ලේසි, පොඩි කරපු කෑම (Kitten starter food) කන්න පුරුදු කරන්න. ⚠️ මුල් සති කීපය ඇතුළත බර කිරලා පණු බෙහෙත් (Deworming) ලබා දෙන එක අනිවාර්යයයි.

පැටියා කිරි බොන්නේ නැත්නම්, බඩ එළිය යනවා නම් හරි ගෙදර ඉඳන් අත්හදා බලන්නේ නැතුව, වහාම වෙට් කෙනෙක්ව හම්බවෙන්න.

ඔයාගේ ගෙදර ඉන්න පූසා මුලින්ම ගෙදරට ගෙනාව දවස මතකද? පහලින් Comment එකක් දාන්න. 👇

මේ වගේ දේවල් දවසින් දවස දැනගන්න VetPharma follow කරන්න 💚

#පූසා

පූසා ඔයා උඩ 'පාන් අනනවා' වගේ කරන්නේ ඇයි කියලා දන්නවද?ඔයා ඇඳේ හරි පුටුවේ හරි ඉද්දි පූසා ඇවිත් ඔයාගේ ඇඟ උඩ අත් දෙකෙන් 'පාන...
26/09/2026

පූසා ඔයා උඩ 'පාන් අනනවා' වගේ කරන්නේ ඇයි කියලා දන්නවද?

ඔයා ඇඳේ හරි පුටුවේ හරි ඉද්දි පූසා ඇවිත් ඔයාගේ ඇඟ උඩ අත් දෙකෙන් 'පාන් අනනවා' වගේ කරනවා දැකලා තියෙනවද? මේක පිටිපස්සේ තියෙන රහස ගැන දැනගන්න මේක අනිවාර්යයෙන්ම කියවන්න. 👇

මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ 'Kneading' කියලා. පූස් පැටව් පොඩි කාලේ කිරි බොද්දි අම්මාගේ බඩ මිරිකලා කිරි එන එක වැඩි කරගන්න තමයි මේ විදියට කරන්නේ. ලොකු වුණාමත් එයාලා ගොඩක් සතුටින් ඉන්නකොට වගේම, ඔයා ළඟ ඉද්දි ගොඩක් ආරක්ෂිතයි කියලා හිතෙන වෙලාවට ආදරේ පෙන්නන්න මේ වගේ කරනවා.

මේ ගැන දැනගන්න ඕනේ දේවල්: 🐱 මේ විදියට ඔයාගේ ඇඟ උඩ කරන්නේ එයාට ඔයාව ගොඩක් විශ්වාස නිසා. ✅ පාන් අනනවා වගේ කරද්දී එයාලගේ ඇඟේ තියෙන සුවඳ ඔයාගේ ඇඟේ ගෑවෙනවා, ඒකෙන් කියන්නේ "ඔයා මගේ කෙනෙක්" කියන එකයි. ⚠️ හැබැයි නියපොතු දිගට තියෙනවා නම් මේක කරද්දී ඔයාට රිදෙන්න පුළුවන්. ✅ ඒ නිසා පැටියාගේ නියපොතු ටික නිතරම පරිස්සමෙන් කපලා පිරිසිදුව තියන්න.

මේක ගොඩක් සාමාන්‍ය දෙයක් වුණත්, පූසා නිතරම කේන්තියෙන් මේ දේවල් කරනවා නම් හරි, කෑම කන්නේ නැතුව එකපාරටම හැංගිලා ඉන්නවා නම් හරි ඇඟේ අමාරුවක් වෙන්න පුළුවන්. ඒ වගේ අසාමාන්‍ය වෙනසක් දැක්කොත් වහාම වෙට් කෙනෙක්ව හම්බවෙන්න.

ඔයාගේ පූසත් මේ වගේ ඔයාගේ ඇඟ උඩ 'පාන් අනන' කෙනෙක්ද? පහලින් Comment එකක් දාන්න. 👇

මේ වගේ දේවල් දවසින් දවස දැනගන්න VetPharma follow කරන්න 💚

#පූසා

Address

Suhada Mawatha, Ihalagama North
Udubaddawa
60250

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 13:00

Telephone

+94706007701

Alerts

Be the first to know and let us send you an email when Vetpharma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vetpharma:

Shortcuts

Share