Hello Sago

Call Directions

Hello Sago ආයුබෝවන්! "එන්න, අපි නීරෝගී වෙමු"💚

Welcome!

සෞඛ්‍යාරක්ෂිත ආහාර තුළින් ජනතාව සුවපත් කළ හැකි ආදර්ශමත් ව්‍යාපාරයක් අප විසින් ආරම්භ කර ඇත. අපගේ පරමාදර්ශය නම් සියලුම ආකාරයේ අහිතකර රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොර වූ නිෂ්පාදනයක් පාරිභෝගික ඔබ වෙත ලබා දීමයි.

Turn On Healthy🌿
27/09/2024

Turn On Healthy🌿

"පැණි රස කන්න ආසයි.....ඒත් "සීනි" තමයි අවුල"😟ඔන්න සියයට සියයක්ම සීනි භාවිතයෙන් තොරව නිෂ්පාදනය කළ රසම රස සීරියල් බාර් එකක...
27/09/2024

"පැණි රස කන්න ආසයි.....ඒත් "සීනි" තමයි අවුල"😟

ඔන්න සියයට සියයක්ම සීනි භාවිතයෙන් තොරව නිෂ්පාදනය කළ රසම රස සීරියල් බාර් එකක් ලඟදීම අපි ඔබට දෙනවා....🤩

සීනි වැඩි අයටත්, සීනි වැඩි කරගන්න අකැමැති අයටත් බය නැතුව කන්න පුලුවන්🥸

සියයට සියයක්ම Sugar free හොඳේ......🌿

රසම රස පොල් අයිස් ක්‍රීම් කමුද?🥥🍦පොල් කියන්නෙ කප් රුකක්. පොල් වලින් කරන්න පුලුවන් නිෂ්පාදන ප්‍රමාණය මෙතෙක් යැයි කියන්න බ...
27/09/2024

රසම රස පොල් අයිස් ක්‍රීම් කමුද?🥥🍦

පොල් කියන්නෙ කප් රුකක්. පොල් වලින් කරන්න පුලුවන් නිෂ්පාදන ප්‍රමාණය මෙතෙක් යැයි කියන්න බැහැ. පොල් අයිස් ක්‍රීම්, පොල් ටොෆී, පොල් පිටි, පොල් පිටි පාන්, පොල් පිටි බිස්කට්, පොල් පිටි රොටී, පොල් පිටි කේක්, බෝතල් කළ පොල් වතුර ආදී පොල් නිෂ්පාදන ගණනාවක් මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

වැඩි විස්තර දැනගන්න වීඩියෝව බලන්නකෝ
https://youtu.be/kQ0GnL6t7J8?si=UqGNJSQg-2SwATgQ

Be love healthy foods💚 Keep your body healthy & beauty
05/08/2024

Be love healthy foods💚 Keep your body healthy & beauty

සුව දිවියකට තෙල් අඩු කරමු....................................................................තෙල්/මේදයමේදය සෑදී ඇති ප්‍ර...
01/08/2024

සුව දිවියකට තෙල් අඩු කරමු....................................................................

තෙල්/මේදය

මේදය සෑදී ඇති ප්‍රධාන සංඝටකය වනුයේ මේද අම්ලයි.

මේද අම්ල ප්‍රධාන වර්ග 3 කි.

1 සංතෘප්ත තෙල් / මේද අම්ල

2. ඒක අසංතෘප්ත තෙල් / මේද අම්ල

3. බහු අසංතෘප්ත තෙල් / මේද අම්ල

සංතෘප්ත තෙල් -

උදා :- සත්ව තෙල්, සත්ව මාංශ, පොල් තෙල්, පාම් තෙල් (Palm Oil), කිරි හා කිරි නිෂ්පාදන සිරුරට අවශ්‍ය මුළු ශක්තියෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් මෙමගින් සැපයීම සෑහේ.

වැඩිපුර ගැනීම මගින් හෘදයට අහිතකර LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යයි.

ඒක අසංතෘප්ත තෙල් -

උදා :- කජු, රටකජු, කොට්‌ටං, තල, තෙල් සහිත ඇට වර් එළවලු තෙල් (උදා :- කැනෝළා, ඔලිව්, සූරියකාන්ත තලතෙල්), අලිගැටපේර.

හෘදයට හිතකර HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ දමයි. එමගින් හෘද රෝග වැලඳීමේ පුවතතාව අඩු කරයි.

බහු අසංතෘප්ත තෙල් -

උදා :- මේදය සහිත මසුන් (උදා :- බලයා, හුරුල්ලා, සාලයා, කුම්බලාවා, බෝල්ලා, සැමන්), සෝයා තෙල්, තල තෙළ බඩඉරිඟු තෙල්, සූරියකාන්ත තෙල්

රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි.
එමගින් හෘද රෝග වැලඳීමේ ප්‍රවනතාව අඩු කරයි.

අහිතකර තෙල් වැඩියෙන් අඩංගු ආහාර වර්ග මොනවාද?

* මාගරින්, බටර්, චීස්, බැදුම් ආහාර, පේස්ට්‍රීස්, බිස්කට්, කේක්, බර්ගර්, පිටිසා, සොසේජස්, ගැඹුරු තෙලේ බැදපු අපෙති (French fries/ Chips), හම සහිත කුකුල් මස්, ඌරු මස්.

ට්‍රාන්ස් අම්ල

* ට්‍රාන්ස් අම්ල කියන්නේ ඉතා අහිතකර තෙල් වර්ගයක්.

* අසංතෘප්ත මේද අම්ල අධික උෂ්ණත්වයකට රත් කිරීමේදී අතුරු ඵලයක් ලෙස ට්‍රාන්ස් අම්ල නිපදවයි. (උදා :- ගැඹුරු තෙලේ බැදිම, පේස්ට්‍රීස් වැනි බේකරි නිෂ්පාදන)

* ට්‍රාන්ස් අම්ල මගින් පිළිකා හා හෘදයාබාධ වැලඳීමේ අවදානමක් ඇත.

* අසංතෘප්ත තෙල් එක්වරක් භාවිත කළ පසු ඉවත් කරන්න.

* ගැඹුරු තෙලේ බදිනවා නම් පොල් තෙල් ම භාවිත කරන්න. ( පොල් තෙල් වල වැඩිපුර ඇත්තේ සංතෘප්ත මේද අම්ල නිසා ට්‍රාන්ස් අම්ල සෑදෙනුයේ ඉතා අඩු වශයෙනි)

* සූරියකාන්ත තෙල්, සෝයා තෙල් වැනි අසංතෘප්ත තෙල් වර්ග තෙම්පරාදු කිරීමට යොදා ගන්න.

කොලෙස්ටරෝල්

මෙය, සත්ව ආහාර (මස්, සොසේජස්, බේකන්, බිත්තර, සම්පුර්ණ යොදය සහිත කිරි, බටර්, චීස් සහ සත්ව අක්මා) වල පමණක් දක්නට ලැබෙන මේද සංඝටකයකි.

කොලෙස්ටරෝල් වර්ග කීපයකි
HDL කොලෙස්ටරෝල්
LDL කොලෙස්ටරෝල්
VLDL කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් සෛලවලට අත්‍යවශ්‍ය සංඝටකයකි. සිරුර තුළ අවශ්‍ය පරිදි ස්වාභාවිකව කොලෙස්ටරෝල් නිපදවයි. ආහාර මගින් කොලෙස්ටරෝල් ලැබෙන විට සිරුරෙහි නිපදවන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවේ. ආහාර මගින් සිරුරට එකතු වන වැඩිපුර කොලෙස්ටරෝල් රුධිර වාහිනිවල තැන්පත් වේ. ඒ නිසා රුධිරවාහිනී අවහිර වී හෘදයාබාධ, අංශභාගය වැනි රෝග තත්ත්ව ඇතිවීමේ වැඩි කරයි.

අහිතකර තෙල් ආහාරයට ගැනීම අවම කරන්නේ කෙසේද?

* ආහාර වේල තුල තෙල් යෙදූ ආහාර, එක් ආහාරයකට සීමා කරමු.

* ක්ෂණික ආහාර වෙනුවට කඩල, අලු වර්ග, සව්රුද කොළ කැන්‍ද, එළවලු සුප් ගනිමු.

* පොල් කිරෙන් පිසූ ආහාර තෙම්පරාදු නොකරමු.

* තෙම්පරාදු කරනවා නම් ඊට පෙර තෙල් කිරෙත් උයා ගැනීම නොකරමු.

* තෙම්පරාදු කරන විට තෙල් හැකිතාක් අඩුවෙන් භාවිත කරමු.

* නොඇලෙන බඳුන් වල ආහාර තෙම්පරාදු කිරීමෙත් තෙල් භාවිතය සීමා කරමු.

* ගැඹුරු තෙලේ බදින විට පොල්තෙල්ම භාවිත කරමු.

* එළුමස්, ඌරුමස් ආහාරයට ගන්නා විට කැලි පමණක් ගනිමු. හොදි ආහාරයට නොගනිමු.
..........................................................................
වෙළඳ පොලෙන් ඔබ මිලදී ගන්නා තෙල් වර්ග වල ලේ බලය හොඳින් පරීක්ෂා කරන්න. කෑම උයන ක්‍රමය අනුව නිවැරදි තෙල් වර්ගය තෝරා ගන්න...........................................................................

ස්තූතිය...........

"ආයු බෝ වඩමු"

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය
සෞඛ්‍ය අමාත්‍යාංශය

සුවසැරිය

වෙබ් අඩවිය හා ඇමතුම් මධ්‍යස්ථානය

වෙබ් ලිපිනය www.suwasariya.gov.lk
දුරකතනය : 0710 107 107
ඊ මේල් ලිපිනය : [email protected]

-Hello Sago-

සියයට සියයක් ම වසවිසෙන් තොර පළතුරු
18/07/2024

සියයට සියයක් ම වසවිසෙන් තොර පළතුරු

සුදු ළූණු ගුණ.රුධිර පීඩනය අවම කරයි.කොලෙස්ටරෝල් පාලනය කරයි.කායික වෙහෙසකර බව අවම කරයි.ක්ෂුද්‍ර ජීවී ආසාදන සමනය කරයි.බැර ලෝ...
06/07/2024

සුදු ළූණු ගුණ.

රුධිර පීඩනය අවම කරයි.
කොලෙස්ටරෝල් පාලනය කරයි.
කායික වෙහෙසකර බව අවම කරයි.
ක්ෂුද්‍ර ජීවී ආසාදන සමනය කරයි.
බැර ලෝහ නිසා ශරීරයට සිදුවන හානි පාලනය කරයි.
අස්ථි දුර්වල වීම පාලනය කිරීම ඇතුලු වටිනා ගුණ රාශියක් තිබෙනවා.

සුදු ළූණු යනු ආහාරයක් පමණක්ම නොවේ. එය දිව්‍යමය ඖෂධයක්. ඉතින් දිනකට සුළු වශයෙන් හෝ සුදු ළූණු ඔබේ ආහාරයට එකතු කරගන්න.

Hello Sago ආරම්භයටත් පෙර අපේ අදහස වූයේ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් පාරිභෝගික ජනතාව වෙත ලබා දීම. විශේෂයෙන්ම කෘත්‍රීම රසායනි...
05/07/2024

Hello Sago ආරම්භයටත් පෙර අපේ අදහස වූයේ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් පාරිභෝගික ජනතාව වෙත ලබා දීම. විශේෂයෙන්ම කෘත්‍රීම රසායනික ද්‍රව්‍යය භාවිතා නොකරමින් සිදු කරන ගුණාත්මක ආහාර වෙත අපි අවධානය යොමු කළා. එසේම නියම අමුද්‍රව්‍ය භාවිතා කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය වගේම ආහාර පිළිගැන්වීමේදී පවා සෞඛ්‍යාරක්ෂිත බව උපරිමයෙන් සුරැකීම අපි ප්‍රතිපත්තියක් ලෙස ආරක්ෂා කරමින් සිටිනවා. ඉතින් අපි ආහාර සකස් කරන්නේ නීරෝගීමත් ජනතාවක් වෙනුවෙන්. ඉතාමත් කුඩා පරිමාණයෙන් වුවත් ගුණාත්මක බව ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා.

ගත සිත සුවපත් කර ඔබ ලස්සන කරන කරපිංචා වල විශ්මිත ගුණ.*අධික තරබාරුව මට්ටු කර ලස්සන සිරුරක් ලබා දෙයි*ආතතිය දුරලයි.*ගැස්ට්‍...
05/07/2024

ගත සිත සුවපත් කර ඔබ ලස්සන කරන කරපිංචා වල විශ්මිත ගුණ.

*අධික තරබාරුව මට්ටු කර ලස්සන සිරුරක් ලබා දෙයි
*ආතතිය දුරලයි.
*ගැස්ට්‍රයිටීස් පාලනය කරයි.
*අධි රුධිර පීඩනය පාලනය කරයි.
*කොලෙස්ටරෝල් පාලනය කරයි.
*රුධිරය පිරිසිදු කරයි.
*හෘද රෝග සමනය කරයි.
*ශරීරයේ විෂ ඉවත් කිරීමේ ගුණය ඇත.
*ශරීරයේ අනවශ්‍ය තෙල් හා මේදය ඉවත් කරයි.
*ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පවත්වාගෙන යාමට උපකාරයි.
*රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
*පිළිකා පාලනය කිරීමේ ගුණයෙන් යුක්තයි.
*බැක්ටීරියා මගින් බෝවන රෝග පාලනය කිරීමේ හැකියාව ඇත.

එකී මෙකී ගුණ රැසක් ඇති කරපිංචා ඇත්තටම දිව්‍යමය ආහාරයක් නේද?

නීරෝගී වෙන්න. ලස්සන වෙන්න. සතුටින් ඉන්න සෞඛ්‍යාරක්ෂිත ආහාර පමණක් ගන්න.

Stay healthy. Stay happiness - Hello Sago
05/07/2024

Stay healthy. Stay happiness - Hello Sago

Address


Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94719936688

Website

Alerts

Be the first to know and let us send you an email when Hello Sago posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed health & beauty business?

Share