24/08/2026
❤️ජීවිතේ පාඩුවෙ ගමනක් යන කාන්තාවක් වෙන්න… ❤️
හැමෝටම පේන්න ජීවත් වෙන්න එපා.
හැමෝටම ඔයාව තේරුම් කරවන්නත් එපා.
ඔයාගේ ජීවිතේ, ඔයාටම වටිනා විදිහට ජීවත් වෙන්න. 🌿
💛 අවශ්‍යම වෙලාවක විතරක් කතා කරන,
නිහඬව ඉන්න වෙලාවත් දන්න කෙනෙක් වෙන්න.
💛 තවත් කෙනෙක්ව විවේචනය කරමින් කාලය නාස්ති නොකර,
තමන්ගේ ජීවිතය හදාගන්න කෙනෙක් වෙන්න.
💛 හැමෝටම නොකියන,
ඔයා විතරක් දන්න හීනයක් තියාගන්න.
ඒ හීනය වෙනුවෙන් නිහඬව වැඩ කරන්න.
💛 “අරයා අරන් දෙයි… මෙයා කරලා දෙයි…” කියලා බලාගෙන නොඉඳ,
ඔයාට අවශ්‍ය දේ ඔයාටම ලබාගන්න පුළුවන් තරම්
ස්ථාවර කාන්තාවක් වෙන්න.
💛 හැම දෙයක්ම සීමාවක් ඇතුව විඳින්න.
මොකද…
විඳින්න පුළුවන් ජීවිතයක්, අතිරික්ත දේවල් නිසා විඳවන්න ඕනෑ නැහැ. ❤️
💛 ආදරණීය මිනිස්සුන්ට ජීවිතේ තැනක් දෙන්න.
මුදල්වලට වඩා, තරාතිරමට වඩා,
මනුස්සකම වටින තැන් හඳුනාගන්න.
💛 කෙනෙක්ට ඔයාව අවශ්‍යම මොහොතක,
හැකි නම් ඔහුව තනි නොකරන්න.
කෙනෙකුගේ අමාරුම දවසේ ඔහු ළඟ සිටීමත්
ආදරයේ ලස්සනම ආකාරයක්. 🤍
💛 කියන්න ඕන දේ, ගෞරවයෙන් කියන්න පුළුවන්
කොන්ද පණ තියෙන, නමුත් හදවත මෘදු කාන්තාවක් වෙන්න.
💛 “අරයා මෙහෙමයි… මෙයා අරහෙමයි…” කියලා
අනුන්ගේ ජීවිත මිනුම් කරන්න එපා.
ඔයාට ගැළපෙන හොඳම දේ තෝරගෙන, ඔයාගේම ගමන යන්න.
💛 නොගැළපෙන මිනිස්සුන්ව අත්හරින්න.
හැමෝම ජීවිතේ තියාගන්න ඕන නැහැ.
හදවතට වටිනා මිනිස්සු කිහිපදෙනෙක් ඇති.
💛 සල්ලි, තනතුරු, තරාතිරම් බලලා මිනිස්සු තෝරනවා නම්,
මිනිස්සු ගොඩක් අතරත් හුදෙකලා වෙන්න පුළුවන්.
ඒ නිසා මිනිසෙකුගේ වටිනාකම
ඔහු ළඟ තියෙන දේවල්වලින් නොව,
ඔහු තුළ තියෙන මනුස්සකමින් මනින්න.
💛 හැමෝටම වඩා “හොඳම” කෙනා වෙන්න උත්සාහ කරන්න එපා.
ඒ වෙනුවට,
මුණගැසුණු මිනිසුන්ට අමතක නොවන,
ආදරණීය, පිරිසිදු හදවතක් ඇති,
වටිනා මනුෂ්‍යයෙක් වෙන්න. 🌸
අවසානයේ…
ලෝකයට ඔයාව ඔප්පු කරන්න දුවන කාන්තාවක් නොවෙන්න.
ඔයාගේ හිතට සැනසීමක් දෙන ජීවිතයක් හදාගන්න.
ඔයාට ඔයා ගැන ආඩම්බර වෙන්න පුළුවන් කාන්තාවක් වෙන්න.
මොකද ජීවිතේ අවසානයේ
හැමෝම ඔයාව මතක තබාගන්න එකට වඩා…
කෙනෙක්ගේ ජීවිතේ වටිනම චරිතයක් වෙලා ඉන්න එකයි වටින්නේ. 💚✨
#ජීවිතය #කාන්තාව #මනුස්සකම #ආදරය #ජීවිතපාඩම්