Doctorgen Ahanna

  • Home
  • Doctorgen Ahanna
Directions

Doctorgen Ahanna Our channel aims to guide you with simple medical problems which you encounter in your daily life.

 #වකුගඩු_රෝග... -02ඒ මගේ oncall දවස..වෙෙද්‍ය වාට්ටුවේ සීමාවාසික වෙෙද්‍යවරයාගෙන් ඇමතුමක්.." අපිට patient කෙනෙක් ඇවිත් ඉන...
05/12/2023

#වකුගඩු_රෝග... -02

ඒ මගේ oncall දවස..වෙෙද්‍ය වාට්ටුවේ සීමාවාසික වෙෙද්‍යවරයාගෙන් ඇමතුමක්..
" අපිට patient කෙනෙක් ඇවිත් ඉන්නවා.ඩයලිසිස්(රුධිර කාන්දු පෙරනය) වලට එවලා තියෙන්නේ.patient ටිකක් bad වගේ.."

වැඩි වෙලා නොගෙන රෝගීයා බලන්න ගිය මට දැක ගන්නට ලැබුණේ උග්‍ර වකුගඩු අකර්මන්‍ය (acute kidney injury) වීමේ ලක්ෂණ සහිතව සිටි අවුරුදු 55 පමන කාන්තාවක්..රෝගියාට සිහිය නොතිබූ නිසා පවුලේ අයට කතා කළා,
අනේ ඩොක්ටර් දැන් දවස් දෙකකට කලින් මෙයාට සර්පයෙක් දෂ්ඨ කලා.වෙදමහත්තයගෙන් බේත් කළා.අද උදේ වෙනකොට හොඳටම අමාරු වුණා.ඒකයි ඉස්පිරිතාලෙට ගෙනාවේ..

වරද කාගේදැයි මම නොදනිමි.මම හෙළ වෙදකම සුළු කොට නොතකිමි.නමුත් මෙවැනි රෝගීන් අපට ඉතා සුලභව මුනගැසේ..
මෙයට මූලිකවම හේතු වී ඇත්තේ සමාජයේ ඇති නොදැනුවත්ක්ම යැයි මම සිතමි.
ඒ නිසා වකුගඩු රෝග හදුනා ගන්නේ කෙස්දැයි අපි බලමු.

ප්‍රධාන වශයෙන් අපි වකුගඩු රෝග කොටස් දෙකකට වෙන් කර ප්‍රතිකාර ලබා දෙන්නෙමු.

(01) උග්‍ර වකුගඩු අකර්මන්‍ය (acute kidney injury)

(02) නිධන්ගත වකුගඩු අකර්මන්‍ය (chronic kidney injury)

උග්‍ර වකුගඩු අකර්මන්‍ය (acute kidney injury)
====================================
මෙම තත්ත්වය ඇති වීමට හේතු,

1. සර්පයන් දෂ්ඨ කිරීම(ප්‍රධාන වශයෙන් පොළොං විශ වකුගඩු අකර්මන්‍ය කරයි)

2. ඖෂධ අධි මාත්‍රාවෙන් ලබා ගැනීම

3. වල් නාශක,කෘමි නාශක පානය

4. ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්භන්ධ රෝග
(acute nephritic syndrome ,interstitial nephritis)

4. මුත්‍රා ගල්, මුත්‍රා මාර්ගයේ පිළිකා තත්ත්වයන්, පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ති ඉදිමීම ආදිය නිසා හදිසියෙන් මුත්‍රා මාර්ගය අවහිර වීම

5. අධික විජලනය,රුධිර පීඩනය අඩු වීම,අධික රුධිර වහනය,බරපතල පිළිස්සුම් තුවාල හා බරපතල ශල්‍ය කර්ම වලින් පසුව ආදිය නිසා වකුගඩු වලට සපයන රුධිරය අඩු වීම.

6. ඇතැම් රෝග නිසා වකුගඩු වලට රුධිරය සැපයෙන රුධිර වාහිනී හදිසියේ අවහිර වීම.
උදා:- HUS,ITP

6. ඇතැම් විශබීජ මගින්ද සෘජුවම වකුගඩු අකර්මණ්‍ය කරනු ලැබේ.

7. ගර්භනී අවස්ථාවේදී ඇතිවන සමහර සංකුලතා නිසාද වකුගඩු හදිසියෙන් අකර්මණ්‍ය විය හැක.මෙය ඉතා විරල අවස්ථාවකි.
~ placenta previa (වැදෑමහ සම්පූර්ණයෙන්ම පහතින් පිහිටීම)
~placental abruption.(වැදෑමහ හදිසියෙන් ගැළවී යාම)

#රෝග_ලක්ෂණ:-

-- මුත්‍රා පිටවීම අඩුවීම

-- ඇතැම් විට මුත්‍රා රතුපාට වීම

-- සිරුර ඉදිමීම.

-- මහන්සි ගතිය.

-- කෑම අරුචිය.

-- ඔක්කාරය හා වමනය.

-- අත් වෙව්ලීම.

-- රුධිර පීඩනය ඉහළ යාම.

-- වලිප්පුව

-- සිහි මඳ ගතිය.

-- අසාමාන්‍ය රුධිර වහනය.

-- කොන්දෙ වේදනාව.

-- කටට ලෝහ රසක් දැනීම (metallic taste)

මෙසේ උග්‍ර වකුගඩු අකර්මන්‍ය (acute kidney injury) සිදු වීමට ඇති අවධානම වැඩි වෙන හේතු...
=================================

-- නිධන්ගත වකුගඩු රෝගයක් පැවතීම (chronic kidney injury)

-- අක්මා රෝග පැවතීම

-- පාලනය නොවූ දියවැඩියාව

-- අධික රුධිර පීඩනය

-- හෘදය අකර්මණ්‍ය වී තිබීම.

-- අධික තරබාරු බව.

ඊළඟ ලිපියෙන් නිධන්ගත වකුගඩු අකර්මන්‍ය (chronic kidney injury) පිළිබඳව කතා කරමු...

සැකසුම:-
වෙෙද්‍ය . සුභාෂිනී සමරකෝන්

===== #වකුගඩු_රෝග_ගැන_දැනගනිමු.=====  දිනෙන් දින වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා.මෙම රෝගීන් අතරිනුත් බහුතරයක් තරුණ ත...
26/10/2023

===== #වකුගඩු_රෝග_ගැන_දැනගනිමු.=====

දිනෙන් දින වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා.මෙම රෝගීන් අතරිනුත් බහුතරයක් තරුණ තරුණියන් වීම කැපී පෙනෙන කාරණාවක්.

අපි බහුතරයක් වකුගඩු දෙකක් ඇතිව ඉපදෙනවා.වකුගඩු වලින් මූලික වශයෙන් රුධිරය පෙරා මුත්‍රා නිපදවීම සිදු කරනවා.ඒවගේම එක වකුගඩුවක් වත් නැතිව අපිට ජීවත් වෙන්න බැහැ.ඒකයි මේ අවයවය මේ තරම් වැදගත්.ඉපදුන දා ඉදන් මුත්‍රා පිට කළත් අපි වකුගඩු ගැන තැකීමක් කරන්නේ නෑ..

මෙතනදි අපි සැළකිල්ලට ගත යුතු කාරණය තමයි වකුගඩු දෙකම 40%-50% වගේ දුර්වල වෙන කල්ම අපිට කිසිම රෝග ලක්ෂණයක් පහළ වෙන්නෙ නැති එක.ඒ කියන්නෙ හොඳින් මුත්‍රා පිට වෙනවා.
ඒ වගේම රෝග ලක්ෂණ පහළ වෙන අවස්ථාවේදී ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්.අන්තිමේදි ජීවිතය රැක ගන්න වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා.එහෙමත් නැත්නම් ජීවිතය පවත්වා ගන්න රුධිර කාන්දු පෙරනය එහෙම නැත්නම් හැමෝම දන්න ඩයලිසිස් ප්‍රතිකාරයට යන්න සිදුවෙනවා.
එහෙනම් අපි කොහොමද වකුගඩු දුර්වල වෙලා කියලා දැන ගන්නෙ.

සරල රුධිර පරික්ෂාවකින් අපිට අපේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය මනින්න පුළුවන්.
ඒ තමයි serum Creatinine පරීක්ෂාව.
ඊළඟ ප්‍රශ්නය තමයි හැමෝම මේ පරික්ෂණ කරන්න අවශ්‍යද කියන එක,
ඇත්තෙන්ම නැහැ.
අපි බලමු මොන වගේ අවදානම් තත්ව තියෙන අයද තමන්ගෙ වකුගඩු පිලිබඳව අවධානෙන් ඉන්න අවශ්‍යය කියලා??

1.)අධි රුධිර පීඩනය,දියවැඩියාව තියෙන අය.(අඩු තරමින් අවුරුද්දකට වතාවක් මේ පරීක්ෂණය කර ගත යුතුයි.)

2.) වකුගඩු වල ගල් තිබෙන අය.

3.)නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවෙන අය.

4.) පවුලේ අයට වකුගඩු රෝග ඇති අය.(උදා:- polycystic kidney disease)

5.)ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝග ඇති අය(උදා:-SLE, APLS).මේ රෝග සුලබවම ඇතිවෙන්නේ කාන්තාවන්ට නිසා අවදානයෙන් සිටීම වැදගත්.

6.)ගර්භනී මව්වරුන්.

7.)වකුගඩු රෝග සුලභ ප්‍රදේශ වල ජීවත් වන අය.(උදා:-අනුරාධපුර,පොළොන්නරුව,මහියංගනය,)

8.)කෘමිනාශක,වල්නාශක සමඟ සමීපව වැඩි කලක් වැඩ කරන අය.

9.)දිගු කාලයක් වේදනා නාශක පෙති, ප්‍රතිජීවක භාවිතා කරන අය.

10) මී උණ, සෙංගමාලය වැනි අක්මා රෝග වැළදුණු අය.

11)උපතින්ම එක වකුගඩුවක් පමණක් ඇති,අශ්ව ලාඩමක හැඩයට වකුගඩු පිහිටා ඇති හෝ වකුගඩුවක් ශ්‍රෝනි කුහරය තුළ පිහිටා ඇති අය.

12.) මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇති හෝ අසාමාන්‍ය ලෙස ශාරීරික වර්ධනය අඩාල වී ඇති දරුවන්.

ඉහත සඳහන් කළ මොනයම් හෝ කාරණයකදී වෙෙද්‍ය උපදෙස් ලබා ගෙන වකුගඩු ක්‍රියාකාරීත්වය නිර්දේශ කරන කාල පරාස වලින් මැන බලන්න..
කිසිම විටක එය සුළුවෙන් තකන්න එපා.

මීළඟ ලිපියෙන් මම කියලා දෙන්නම්,වකුගඩු රෝගයක් හදුනා ගන්නේ කොහොමද,අපේ වකුගඩු රැක ගන්නේ කොහොමද ඒ වගේම පවුලේ අය වෙනුවෙන් අපිට කළ හැකි දේවල් මොනවද කියලා.

සැකසුම:-
වෙෙද්‍ය . සුභාෂිනී සමරකෝන්.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Doctorgen Ahanna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed health & beauty business?

Share